පෘථිවිය
ගෝලාකාර වස්තුවකි. එය වටා පිහිටා ඇති වායු කවරය *වායුගෝලය*
ලෙස හඳුන්වයි. පෘථිවියේ ගුරුත්ව බලය නිසාත්, ගෝලාකාර බව නිසාත්, වායු ස්ථරද
ගෝලාකාර ලෙසින් පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක අතරන් පෘථිවියට
සුවිශේෂී ස්ථානයක් හිමිවී ඇත්තේ මෙම වායුගෝලය නිසාය. පෘථිවියේ ජීවීන් අහිතකර සූර්‍ය
කිරණ වලින් මෙන්ම අධික උණුසුම හා සීතලෙන්ද ආරක්ෂා වී ඇත්තේ වායුගෝලය
හේතුවෙනි.පෘථිවිය වටා වායුගෝලයක් නොතිබුනේ නම් සූර්‍යයාගෙන් පැමිණෙන පාරජම්බූල හා
එක්ස් කිරණ භූ තලය මත පතිත වී එහි ජීවීන් විනාශ වී යාමට හැකිව තිබුණි. එමෙන්ම
පෘථිවිය වටා වායුගෝලයක් නොතිබුනේ නම් දිනකට උල්කාපාත සිය ගණනක් පෘථිවිය දෙසට කඩා
වැටීමට ඉඩ තිබුණි. විශේෂයෙන්ම චන්ද්‍රයා හා වෙනත් ග්‍රහලෝකවල විශාල ප්‍රමාණයේ ආවාට
නිර්මාණය වී ඇත්තේ ඒවායේ වායුගෝලයක් නොමැති නිසා උල්කාපාත කඩා වැටීමේ හේතුවෙනි.
එමෙන්ම සූර්‍ය කිරණවල ප්‍රභලත්වය පාලනය කිරීමද වායුගෝලය මගින් සිදු කරනු ලබයි. යම්
හෙයකින් පෘථිවිය වටා වායුගෝලයක් නොතිබුනේ නම් දිවා කාලයේදී සූර්‍ය කිරණ බාධාවකින්
තොරව පැමිණ පැරන්හයිට් 200 ක පමණ අධික තාපයක් නිර්මාණය වීමට ඉඩ තිබුණි. එසේම රාත්‍රියේදී
භූ තලය මගින් පිටකරන තාපය උරා ගැනීමට වායුගෝලයක් නොතිබුනේ නම් පෘථිවියේ ඉහල
උෂ්ණත්වය පැරන්හයිට් 800 ක් පමණ වීමට ඉඩ තිබුණි. එමෙන්ම ජීවීන්ගේ පැවැත්මට උපකාරී
වන වර්ෂාව, උෂ්ණත්වය, වායු පීඩනය, සුළං ආදී කාලගුණ හා දේශගුණ සංසිද්ධීන් නිර්මාණය
වී ඇත්තේ ද වායුගෝලය හේතුවෙනි. එමෙන්ම පෘථිවිය මතුපිට සිට කිලෝ මීටර් 1000 ක් පමණ
ඉහළට යන තෙක් වායුගෝලය නිර්මාණය වී ඇත. ක්‍රමයෙන් ඉහළට යන විට වායු ගෝලය තුනී වී
ශුන්‍ය වී යයි. එමෙන්ම වායුගෝලයේ මුළු බර ටොන් 50x1014 බලයට සමාන වෙයි.
වායුගෝලයේ ව්‍යුහය :-
පෘථිවිය
මතුපිට සිට කිලෝමීටර් 1000 ක් පමණ යන තෙක් වායුගෝලය විහිදී ඇත. මෙම කළාපය තුල
අඩංගු වායු ප්‍රතිශත, උෂ්ණත්ව වෙනස්වීම් යනාදී සාධක මත වායු ගෝලය ප්‍රධාන ස්ථර 5
කට බෙදා දැක්වේ
(අ) පරිවර්තී
ගෝලය (TROPOSPHERE)
(ආ) අපරිවර්තී
ගෝලය (STRATOSPHERE)
(ඇ) මෙසෝ ගෝලය (MESOSPHERE)
(ඈ)අයන ගෝලය (IONOSPHERE)
(ඉ) අජට ගෝලය (thermosphere)
අන්තර් ජාලය
හා ජනක හෙට්ටිආරච්චි මහතාගේ දේශගුණය පිළිබඳ ග්‍රන්ථය ඇසුරිණී.
- යූ.එම්.පත්ම කුමාර, විද්‍යා හා තාක්ෂණ නිළධාරී, කොලොන්න.
- යූ.එම්.පත්ම කුමාර, විද්‍යා හා තාක්ෂණ නිළධාරී, කොලොන්න.







0 comments:
Post a Comment