December 24, 2014

ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය මිනිසා හා පරිසරය


දල වශයෙන් ලෝකයේ සෑම වසරක් පාසාම ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය (e – waste) මෙට්‍රික් ටොන් මිලියන 40 කට ආසන්න ප්‍රමාණයක් පරිසරයට එකතු වන අතර  මුලු බරෙන් 13% ක් පමණ ප්‍රතිචක්‍රීය කරනු ලබන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්ය. United Nations Enviroment Programme (UNEP) සදහන් කරන ආකාරයට මෙම අපද්‍රව්‍ය වලින් ටොන් මිලියන 9ක් බැහැර කරන්නේ රූපවාහනී යන්ත්‍ර පරිගණක යන්ත්‍ර ජංගම දුරකථන සහ යුරෝපා සංගම් මගින්  නිපදවනු ලබන අනෙකුත් ඉලෙක්ට්‍රෝනික උපකරණ මගිනි.

නමුත් අවිධිමත් ප්‍රතිචක්‍රීයකරන වෙළදපොළක් ඇති චීනය ඉන්දියාව පකිස්ථානය විටට්නාමය සහ පිලිපීනය වැනි රටවල් වල මෙම ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය වලින් 50% සිට 80% ප්‍රමාණයක් ඉරා දැමීම පිළිස්සීම සහ ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදන වල කොටස් ගලවා නිවාස පිටුපසට දැමීම වැනි ක්‍රියාවන්හි නිරත ‍වේ.

මෙම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාව හේතුවෙන් විමෝචනය වන ද්‍රව්‍ය මානව සෞඛ්‍යයට හා පරිසරයට හානි පමුණුවන බව සොයාගෙන ඇත.

සංවර්ධිත රටවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සීග්‍ර ආර්ථික දියුණුවත් සමගම මෙම ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය භාවිතා වේ. දැනට පවතින තක්සෙරුව අනුව ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය වලින් 70% ක් ම පාවිච්චි කරනු ලබන්නේ ඉන්දියාවෙනි. නමුත් UNEP දත්ත අනුව වසර 2007 – 2020 දක්වා කාලය තුල ගෘඑස්ථ රූපවාහිනී ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය ප්‍රමාණය දෙගුණ වන බවත් පරිගණක ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය ප්‍රමාණය පස්ගුණයකින් වැඩි වන බවත් ජංගම දුරකථන වලින් ඉවතලන අපදුව්‍ය ප්‍රමාණය දහඅටගුණයකින් වැඩිවන බව වාර්තා කර ඇත.

අවිධිමත් ලෙස මේවා ප්‍රතිචක්‍රීයකරන ක්‍රියාවන්හි යෙදෙන ආයතන නිසා දැඩි සෞඛ්‍ය අවධානමක් ඇත. උදාහරණ ලෙස ලෙඩ් වැනි විෂ සහිත ලෝහ ප්‍රාථමිකව හා ද්විතීකව පරිසරයට නිරාවරණය වේ. තවද මේවා දහනය කිරීම නිසා කුඩා අංශු බවට පත්වන අතර එය පෙනහලු හා හෘදය හා සම්බන්ධ හෘද වාහිනී වල රෝග ඇති කිරීමට හේතු වන බව සොයා ගෙන ඇත.

දකුණු චීනයේ Guiyu නගරය ලෝකයේ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය විශාල වශයෙන් ප්‍රතිචක්‍රීකරනය කරන නගරයක් ලෙස ප්‍රචලිත ව ඇත . මේනිසා එහි පදිංචිකරුවන් දැඩි ජීර්ණ ආබාධ ස්නායු ආබාධ ස්වසන රෝග සහ අස්ථි සමිබන්ධ රෝග තත්වයන්ට  මුහුණ දී ඇත. දකුණු චීනයේ Guiyu නගරය ලෝකයේ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය විශාල වශයෙන් ප්‍රතිචක්‍රීකරනය කරන නගරයක් ලෙස ප්‍රචලිත ව ඇත . මේනිසා එහි පදිංචිකරුවන් දැඩි ජීර්ණ ආබාධ ස්නායු ආබාධ ස්වසන රෝග සහ අස්ථි සමිබන්ධ රෝග තත්වයන්ට  මුහුණ දී ඇත. Guiyu නගරයේ වෙසෙන ළමයින් ගෙන් 80% ක් පමණ ස්වසන රෝග සහ විෂේශයෙන්ම ලෙඩ් ලෝහය විෂ වීමේ අවදානමක් පෙන්නුම් කෙරේ


උපුටා ගැනීම -

http://www.prb.org/Publications/Articles/2013/e-waste.aspx

0 comments:

Post a Comment