December 19, 2014

ක්‍රියාකාරි ආහාර


ආහාර තාක්ෂණය සහ පෝෂණවේදය සදහා ක්‍රියාකාරි ආහාර Functional Food යන සංකල්පය 1980 දී පමණ ජපානයෙන් ආරම්භ වුවකි. ඉතා නිරෝගී ජනතාවක් ජිවත්වන රටක් වු ජපානයේ අවුරුදු 80–90 පමණ ජිවත්වන වැඩිහිටි ජනගහනය සාපේක්ෂව වැඩිය. එහෙත් ඔවුන් විවිධ රෝග තත්වයන්ට ලක්වීම හේතුවෙන් සිදුකරන ලද කල අධ්‍යනයකදී ඊට හේතු ලෙස ආහාර රටාවේ  වෙනස් වීම සම්බන්ද බව  සොයා ගැනුනි. කාර්යබහුල  ජීවන රටාවකට  හුරුවී ඇති මිනිසා සම්ප්‍රදායික ආහාර පිසගෙන අනුභව කීරීම වෙනුවට ක්ෂණික ආහාර ගැනීම සදහා වැඩි නැබුරුවක් ඇත . ආහාරයකින් ලැබෙන පෝෂණයට වඩා  අවධානය යොමු කරනුයේ එමගින් කුසගිනී නිවාගැනීමයි. විශේෂයෙන්  අහාරයක තිබෙන පෝෂණය ලෙස එහි අන්තර්ගත  ප්‍රෝටීන්, කාබන්හයිඩ්‍රේට් ලවන වර්ග ,විටමින් ආදී පදාර්ථයන් පිළිබද සොයා බැලේ. එහෙත් මෙම පෝෂ්‍ය පදාර්ථ වලින් ඔබ්බට ගිය තවත් ස්වභාවික රසායනික සංයෝගය වැඩි ප්‍රමාණයක් එම ආහාරවල ඇත. ඒවා ශරීරයේ සියලුම ජෛව රසායනික ක්‍රියාවලින් සදහා බලපෑම් කරයි. ක්ෂණික ආහාර රටාවට හුරු වීම මගින් උක්ත කරුණු සියල්ල අමතක කර ඇති බව පෙනේ.

ක්‍රියාකාරී ආහාර සංකල්පය මීට බොහෝ වසර ගණනකට පෙර සිට අපගේ මුතුන් මිත්තන් තුලද පැවති බව නොරහසකි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආහාර නොගැනීම, ශරීරයේ සිදුවන ජෛව රසායනික ක්‍රියාකාරිත්වයින්ට අනුකුලව  ආහාර ගැනීමේ පුරුද්දක් එකල තිබුණි. එම ආහාර පුරුදු මිනිසාගේ  කාර්යබහුලත්වය මත සැකසුනු සංකීර්ණ ජිවන රටාවන් සමග ක්ෂණික ආහාර වෙත නැඹුරුවත් සමග අභාවයට යාම මගින් නොදැනුවත්වම විවිධ වු රෝගාබාධ වලට මුහුණ දීමට වර්ථමාන මිනිසාට සිදු වී ඇත.

ආදී මිනිසා සතුට තිබු සාම්ප්‍රදායික ආහාර රටාව වෙත නැවත ගමන් කල යුතුව ඇතැයි සමස්ථ ලෝකයට මේ වන විට පිළිගෙන ඇත. සමස්ථයක් ලෙස ලොව බොහෝ රටවල් මේ පිලිබදව අවධානය කර ඇති අතර වර්ථමානයේ දැකිය හැකි බෝ නොවන රෝග අතුරින් මිනිසාට ඉතා අභියෝගයක්ව ඇති හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකාව, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග වසංගතයක් ලෙස ලොව පුරා පැතිර යාමට ප්‍රධාන සාධකය ලෙස දැක්විය හැක්කේ ඉහත දැක්වූ සාම්ප්‍රදායික  ආහාර වෙනුවට ක්ෂණික ආහාර ආදේශයයි.
සමස්ථයක් ලෙස ගත කල බටහිර රටවල ජනයා මාංශ භක්ෂක ආහාරද, ආසියාතික රටවල ජනයා ශාක භක්ෂක ආහාරද, වැඩි වශයෙන් අනුභව කරති. ක්‍රියාකාරී ආහාර සම්බන්ධව වුව වැඩි අවධානය යොමු වනුයේ මෙම ශාකමය ආහාර වෙතය. මේ වන විට බටහිර රටවල ජනයාගෙන් අතිමහත් බහුතරය මෙම ක්‍රියාකාරී ආහාර සදහා යොමු වීමේ නැඹුරුවක් දක්නට ඇත. කුසගින්නට, රසයට හෝ පෝෂණයට වඩා ඉන් ඔබ්බට ගිය නිරෝගී ජිවිතයක් ගත කිරීම ඔවුන්ගේ අපේක්ෂාව එයට හේතු ලෙස දැක්විය හැක. මෙම අවශ්‍යතාවය නිසා ක්‍රියාකාරී ආහාරවලට ලෝකයේ ඉතා හොද වෙළදපොලක් මේ වන විට නිර්මාණ වී ඇත.විශේෂයෙන් කරවිල, ගොටුකොල, කොතල හිබටු, කොහිල, කරපිංචා වැනි ආහාර විදෙස් වෙළදපල ඉලක්ක කරගත් වාණිජ නිෂ්පාදනය ලෙස දැක්විය හැක.
වතමන් කාර්ය බහුල සංකීර්ණ ජිවන රටාව තුල සාම්ප්‍රදායික ලෙස ආහාර පිස තැබීම ප්‍රයෝගිකව  අපහසු  කාර්යක් බැවින් ක්‍රියාකාරී ආහාර සදහා එකතුකළ අගයක් සහිතව ක්ෂණික ආහාර ලෙස ඉදිරිපත් කිරීම වානිජමය වශයෙන් ඉතා ප්‍රයෝජනවත්ය. විශේෂයෙන්ම විදේශ වෙළදපලට යොමු වීමට මෙම ක්‍රියාකාරී ආහාර විශේෂ අගයක් මත  එකතුකළ වටිනකමක් සහිතව ඉදිරිපත් කල යුතු වෙයි. එය අදාල ක්‍රියාකාරී ආහාරයෙන් ශරිරයට ලැබෙන ගුණය පිළිබද සදහනක් සහිතව ක්ෂණික ආහාර  ලෙස ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට ගිය වුවක් විය යුතුය.

උපුටාගැනීම:

0 comments:

Post a Comment