December 30, 2014

ටෝෆු නිෂ්පාදනය

අවශ්‍ය අමුද්‍රව්‍ය
සෝයා බෝංචි             600 g
කැල්සියම් සල්පේට්      20 g/ දෙහි යුෂ 250ml
උපකරණ
බ්ලෙන්ඩරය
ලී අච්චුවක්
පෙරණය
මස්ලින් රෙදි කැබැල්ලක්
සාදාගන්නා අන්දම
ප්‍රථමයෙන් සෝයා බෝංචි සෝදා පිරිසිදු කර පැය 8ක් පමණ පෙගෙන්න හරින්න. ඉන්පසු වතුර පෙරා බ්ලෙන්ඩරයෙන් 4200ml ක් පමණ ජලය එකතු කර ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරන්න. ඉන්පසු මස්ලින් රෙදි කැබැල්ලෙන් පෙරන්න. ඉන්පසු හැදි ගාමින් විනාඩි 10ක් රත් කරන්න. (පළමුව මද උෂ්ණත්වයෙන්) ඉන්පසු නටන තුරු රත් කරන්න.
ඉන්පසු ලිපෙන් බා 85 oC (185 oF) උෂ්ණත්වය දක්වා නිවුණු පසු කැල්සියම් සල්පේට් එකතු කරන්න.(කැටිකාරකයක් ලෙස ක්‍රියා කරයි) මෙහිදි දෙහි යුෂ එකතු කරන්නේ නම් 40 oC (104 oF) දක්වා නිවෙන්නට හැර එකතු කරන්න. මිශ්‍ර කර විනාඩි 5ක් තබන්න (සෙලවෙන්නේ නැතිව). ලී අච්චුව මස්ලින් රෙදි කැබැල්ලකින් ආවරණය කර (ලී අච්චුවෙන් වතුර වෑස්සීම සඳහා සිදුරු තිබිය යුතුය) ඉන්පසු ලී අච්චුවට සාදාලත් කැටි ගැසුණු සෝයා මිශ්‍රණය දමන්න. ඉන්පසු බරක් තබන්න.(පැය ½ක් පමණ) ඉන්පසු අච්චුවෙන් ඉවත් කලවිට ටෝෆු ලැබේ.

කැටිකාරකය සාදා ගන්නා අන්දම
කැල්සියම් සල්පේට් 20g ක් ජලය 250 ml ක දිය කරගන්න.

මූලාශ්‍රය - www.you tube.com
සැකසුම - විද්‍යා හා තාක්ෂණ නිලධාරි - මාතලේ

0 comments:

Post a Comment