December 30, 2014

සුළු අපනයන බෝග තෙල් නිස්සාරණය

කරාබු, සාදික්කා, එනසාල්, කරදමුංගු, කුරුදු පොතු, ගම්මිරිස් ආදි සුළු අපනයන බෝග වලින් තෙල් ලබාගැනීමට හැකිවේ.

සුළු අපනයන බෝග තෙල් භාවිතා කරන විවිධ අවස්ථා
සුවද විලවුන්
ආලේපන
විෂබීජ නාශක
ඖෂධ වර්ග
සබන්
කෘමි විකර්ශක
දන්තාලේප
ආහාර රසකාරක
බීම වර්ග

සගන්ධ තෙල් ලබාගැනීම
සුළු අපනයන බෝගවල තෙල් ලබාගැනීම සදහා භාවිතා කරන  ක්‍රමයක් වන්නේ හුමාල ආසවනයයි. හුමාල ආසවනයේදි බොයිලේරුවක් මගින් නිපදවන හුමාලය අමුද්‍රව්‍ය තුළින් යවන අතර ඉන් නිපදවන හුමාලය සිසිලන කන්ඩෙන්සරයක් තුළින් යැවීමෙන් දියරයක් බවට පත් කරගනු ලැබේ. එම දියරයෙන් තෙල් හා ජලය වෙන් කරගනු ලබයි.


සකස්කලේ : විද්‍යා හා තාක්ෂණ නිලධාරි- මාතලේ

0 comments:

Post a Comment