December 22, 2014

නිල් LED ආයු කාලය දිගු කෙරේ

 OLED (Original light Emitting Diodes) යනු පැතලි තිර රූපවාහිනි යන්ත්‍රවලට හා ස්මාට්පෝන් වලට යොදා ඇති දියුණූ ප්‍රදර්ශක තාක්ෂණයකි. තිරය අතිශය තුනීවට නිපදවීමට පමණක් නොව එය වක්‍ර වූ හැඩයකින් නිපදවීමටත් දෘෂ්‍ය කෝණයක සිට නැරඹීමටත් මෙම OLED තාක්ෂණය උදව් වනු ඇත.

Fluorescent  හා phosphorescent (PHOLED) යනුවෙන් OLED තාක්ෂණයන් දෙකක් ඇති අතර phosphorescent තාක්ෂණය Fluorescent තාක්ෂණයට වඩා සිව් ගුණයකින් කාර්යක්ෂම වේ. එහෙත් phosphorescent තාක්ෂණය මෙතෙක් කලක් සීමා වී තිබුනේ රතු හා කොළ  OLED  වලට පමණී. (OLED පැතලි තිරවල යොදා ගැනෙන මූලික ප්‍රදර්ශක වර්ණ තුන වනුයේ රතු කොළ හා නිල් වර්ණකයි.) නිල් OLED තව දුරටත් ක්‍රියා කලේ Fluorescent OLED තාක්ෂණය යටතේ පමණී. මේ නිසා සෙසු වර්ණ යුගල උපදවන OLED අතිශය කාර්යක්ෂමව තිබියදී නවීන OLED තිරවල යොදා ගන්නට සිදුව තිබුනේ කාර්යක්ෂමතාවයෙන් අඩු නිල් OLED .

නමුත් නිල් පැහැ OLED සදහා PHOLED තාක්ෂණය යෙදවීමට හැකියාව තිබුනද එහි ආයු කාලය කෙටි වීම ප්‍රධාන ගැටලුව වී තිබුනි. මීට හේතුව නිල් පැහැය නිපදවීම සදහා සෙසු වර්ණ යුගලට අවශ්‍ය  ප්‍රමාණයට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වීමයි. එම අධික ශක්තිය නිසා OLED හි අනු බිද වැටීමක් සිදුවන අතර මේ නිසා කාලයත් සමග වර්ණය මලාණික වනු ඇත.

නමුත් මෙම ගැටලුවට විසදුම් දැනට සොයාගෙන ඇත. එහිදී නිල් PHOLED වෙත සපයන ශක්තිය එක් අන්තයකට සාන්ද්‍රණය වීමට නොදී විසිරුවා හැරීම මගින් නිල් පැහැ  PHOLED හි ආයු කාලය ඉහල නංවා ඇත. මෙසේ විසිරී ගිය ස්වභාවය නිසා එහි ඇති අනු අධික ශක්ති සාන්ද්‍රණයකට නිරාවරණය නොවෙනු ඇත.
නිල් පැහැ PHOLED එකක් අර්ධ සන්නායක ද්‍රව්‍ය වලින් සෑදුනු ස්ථර (Layers) කිහිපයකින් සමන්විත වේ. මෙහි එක් ස්ථරයක් ඉලෙක්ට්‍රෝනික අතිරික්තයක් පවතින ස්ථරයක් වන අතර එය  N-type layer ලෙසද හදුන්වයි. මේ ස්ථර දෙක අතර ක්‍රියාකාරී ස්ථරයක් (An active layer)පවතී. අර්ධ සන්නායකයේ අග්‍ර අතරට විද්‍යුත් වෝල්ටීයතාවයක් ඇති කළ විට සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝනික සහ ධන ආරෝපිත කුහර එකිනෙක සංයෝජනය වන ස්ථරය මෙම ක්‍රියාකාරී ස්ථරය වන අතර මෙලෙස සිදුවන ප්‍රතිසංයෝජනයේදී ආලෝක විමෝචනයක් සිදුවේ.

මීට පෙර PHOLED වල ඉලෙක්ට්‍රෝන සිදුරු යුග්මය ඉලෙක්ට්‍රෝන සන්නායකය ඇති අන්තයේ වැඩියෙන් එක් රැස්වීම නිසා පැත්තට නිරාවරිත ආලෝක විමෝචක සිවියේ ඇති අනු වලට හානි සිදුවිය. නමුත් මෙම ගැටලුව විසදමින් සාන්ද්‍රණය එම පැත්තේ අඩු වන ලෙසත් කුහර සන්නායකය පැත්තේ වැඩි වන ලෙසත් ආලෝක විමෝචක ස්ථරයේ අනු ප්‍රති සැකසීමක් සිදු කෙරිනි. මේ නිසා ඉලෙක්ට්‍රෝන වැඩියෙන් මැද ස්ථරය වෙත ඇද ගැනීමක් සිදුවන අතර එමගින් ශක්තිය විසිරුවා හැරීමක් සිදුවනු ඇත.
මෙම ක්‍රමය යොදා ගැනීම නිසා නිල් PHOLED වල ආයු කාලය තුන් ගුණයකින් ඉහල නැංවීමට පර්යේෂකයින් සමත් වී ඇත. ඉන්පසු තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් මැද ඇති තුනී තනි ස්ථරය ස්ථර දෙකක් බවට වෙනස් කරමින් නිල් PHOLED හි ආයු කාලය දස ගුණයකින් ඉහල නැංවීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

රතු කොළ සහ නිල් පැහැති ආලෝක විමෝචක  ඩයෝඩ සුසංයෝගයෙන් සුදු පැහැති ආලෝකය නිපදවිය හැකි ආලෝක විමෝචක ඩයෝඩ (white light – emitting diode) නිපදවා ගත හැකිය. මෙසේ සුදු පැහැති   LED නිපදවීම තුලින් විදුලි පරිභෝජන ක්ෂේත්‍රයේ  නව පෙරලියක් ඇති වනු නොඅනුමානය.
මේ හැරුණු විට ජංගම දුරකථන ලැප්ටොප් පරිගණක පරිගණක තිර (Computer monitor) රූපවාහිනි තිර නිෂ්පාදනයේදීද මේ විප්ලවීය සොයා ගැනීමේ යෙදවුම් වර්ථමානයේදී ලොව පුරා බහුලව භාවිත වනු ඇත.


උපුටා ගැනීම - www.cnet.com,www.oled.info.com/introduction ,www. Explaiuthatstuff.com ,www.extremetech.com

0 comments:

Post a Comment