December 26, 2014

තවත් කප්රුකක්

කැරියෝටා යුරේන්ස් නැමැති උද්හිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන කිතුල් ගස පාම් (Palm) කුලයට අයත් වේ. තාලවර්ගයේ ගස් අතුරින් කිතුල් ඉතා අලංකාර වුත් ප්‍රවෝජනවත් වුත් ගසක් ලෙස සදහන් කල හැක. මෙය අග්නිදිග ආසියාවේ ඝර්ම කලාපීය පෙදෙස් වල වන ගතව වැඩෙන ශාකයකි. මෙම ගස වැවෙන ප්‍රදේශ වල මිනිසුන් නොයෙක් නම් වලින් හදුන්වනු අතර සගෝ ගස හෝ රා ගස බහුලව හදුන්වනු ලැබේ.


කිතුල් ගස අඩි 40-60 ක් පමණ උස්ව අතු නොබෙදි සෘජුව වැඩෙන බහු වාර්ෂික ගසකි. කද සිලින්ඩරාකාර වේ. එය කල් පවත්නා තද ලීයෙන් යුතු වේ.විශාල දැකුම්කළු ද්විපක්ෂවත් පත්‍ර සහිත නැමුනු අතුවලින් යුත් කරඩුවකින් යුක්ත වේ.එවැනි එක් අත්තක් අඩි 18-20 ක් පමණ දික්වන අතර  එහි පිත්තක අඩි 5-6 කට ඈතින් මුලිකව පත්‍රිකා බෙදීම ආරම්භ වේ.

අඩි 4-5 පමණ දික්වු කිතුල් මල් රූන් වල ඇති ස්ත්‍රී ලිංගික මල් වලින් ඵල ඇති වේ. මෙම මල් වල විෂ්කම්භය අගල් 1 ½ පමණ වේ. මේවා පැසෙත්ම ක්‍රමයෙන් කොල පැහැය කහ හෝ දුඹුරු පැහැයට හැරේ.මෙම ගෙඩි වල පොත්ත තද දුගඳකින් යුක්ත වන අතර එය සමේ තැවරීමෙන් අධික ලෙස පිලිස්සීමේ ගතියට භාජනය වේ.

කිතුල් ගසට වයස අවුරුදු 8-15 පමණ වන විට පිදීම සිදුවේ. පීදීම ආරම්භ වී තවත් අවුරුදු 4-7 ක් පමණ කාලයක් තුලදී මල් හට ගැනීම සිදුවේ. පත්‍ර අක්ෂියෙන් මල හට ගන්නා විට ගසකට අවුරුදු 14-22 ක් පමණ වේ.එවිටම එම ගස් ක්‍රමයෙන් මැරී යාමට පටන් ගනී.

කිතුල් වගාවට සීමා වු දේශගුණික තත්වයක් නොමැත. ශ්‍රි ලංකාවේ මුහුදු මට්ටමේ සිට අඩි 300 කට වඩා අඩු මැදරට හා තෙත පහත රට මෙම වගාව සදහා ඉතාමත් සුදුසු වේ. මෙම වගාවට පුළුල් පස් මණ්ඩලයක් තුල වැවෙන නමුත් මනාව දිය බැස යන පස් ඛන්ඩ වල හොදින් වැවේ.

කිතුල් ගසෙන් කල හැකි විවිධ නිෂ්පාදන


කිතුල් ගසෙන් කල හැකි විවිධ නිෂ්පාදන සම්බන්ධයෙන් ඊට උනන්දුවක් දක්වන විවිධ ආයතන ගණනාවකින් තොරතුරු රැස් කර ගන්නා ලදී. එම තොරතුරු මත පදනම්ව කිතුල් ගසේ විවිධ කොටස් වලින් කල හැකි විවිධ නිෂ්පාදන පිලිබද තොරතුරු පහත වගුවේ ඉදිරිපත් කර ඇත. ඊට අමතරව වැඩි දියුණු කල ඇති තාක්ෂණය ලබාගත හැකි ආයතනද මෙම වගුවේ දැක්වේ.

භාවිතයට ගන්නා කොටස හෝ මුලික අමුද්‍රව්‍ය
කලහැකි නිෂ්පාදන
තාක්ෂණය ලබාගත හැකි ආයතය
කිතුල් මල
තෙලිදිය
ITI ආයතනය මගින් වැඩිදියුණු කල කැස්පර් පිලිබද තාක්ෂණය සියලුම විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා නොමිලයේ ලබාගත හැක.මීට අමතරව කැස්පර් ප්‍රතිකාරය ලබාගැනීම සදහා IDB දිස්ත්‍රික් කාර්යාලය වෙත යා යුතුය.
තෙලිදිය
පැණි

ITI ආයතනය මගින් යන්ත්‍රානුසාරයෙන් පැණි නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය ලබාදෙනු ඇත.
කිතුල් රා

කිතුල් බීම
ITI ආයතනය
කිතුල් ජෙලි
ITI ආයතනය
චොක්ලට් ස්ප්‍රෙඩ්
ITI ආයතනය
කිතුල් පැණි
කිතුල් හකුරු
කිතුල් ක්‍රීම්
කජු හා ඉගුරු මිශ්‍ර කිතුල් ක්‍රීම්
වටලප්පන්

කිතුල් හකුරු
චොක්ලට් මිශ්‍ර හකුරු
ITI ආයතනය
කිතුල් පිටි
කැද සහ පුඩිං
ITI ආයතනය
කිතුල් රැහැන්

මල් බදුන් , lamp shade (ලාම්පු ආවරණය) කුණු බදුන්,බෑග්,කලාල,සුලං පැළලි, මංගල පෝරු

කිතුල් දැව
සැරයටි, හැදි, කැටයම්, ගෘහ භාණ්ඩ, විසිතුරු භාණ්ඩ, දොර ජනෙල්, වියන්, රීප්ප, ටයිල්

කිතුල් දැව
සංචාරකයින්ට විවේක ගත කල හැකි පරිදි වෙරල තීරයේ තැනු කුඩා කුටි

කිතුල් කදන්
 ජල සම්පාදන කටයුතු සදහා පාරම්පරිකව යොදාගන්නා ලදී.


o         අකුරැස්ස ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව වෙත විද්‍යා හා තාක්ෂණ නිලධාරී විසින් සපයන ලද වාර්තාවක් ඇසුරෙනි.

සකස් කලේ : සී.වෙත්තසිංහ.
විද්‍යා හා තාක්ෂණ නිලධාරී - අකුරැස්ස.

0 comments:

Post a Comment