December 31, 2014

පරිසරයේ සමතුලිත බව රකින ජෛව විවිධත්වය සුරකින අපේ තෙත්බිම්

මිහිතලයේ ඇති මුළු භූමි ප්‍රමාණයෙන් සියයට හයක් පමණ තෙත්බිම් වලින් ආවරණය වී පවතී. ලෝකයේ සෑම රටකම පාහේ තෙත්බිම් දැකිය හැකිය.
            බාදිය මට්ටමේ සිට මීටර් 6 ට අඩු මුහුදු පෙදෙස් ද ඇතුලත්ව ගලායන හෝ නිශ්චලව පවත්නා වූ මිරිදිය, කිවුල්දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිර ව යටවී ඇති කෘතිම හෝ ස්වභාවික වගුරු බිම්, විල්ලූ, ජලාශ හෝ ජල මාර්ග, හැල ඉඩම් තෙත් බිම් ලෙස සැලකේ.
 

            ශ්‍රී ලංකාවේ ඇති තෙත් බිම් අතරින් 41 ක් අන්තර්ජාතික වශයෙන් වැදගත්කමක් ඇති තෙත් බිම් ලෙස හඳුනාගෙන තිබේ.
            ඊට අමතරව ඒ හා සමාන වැදගත්කමක් ඇති තෙත් බිම් 35 ක්ද දේශීය පරිසර විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ. අන්තර්ජාතික වටිනාකමක් මෙම තෙත්බිම් වල ඇති බව පවසනුයේ මේවායේ පැවතීම අප රටට පමණක් නොව ලෝකයේ අනෙක් රටවලටද වැදගත්කමක් පවතින බැවිනි. ලෝකයේ බොහෝ රටවල සිට අප රටට සංක්‍රමණය වන කුරුල්ලන්ගේ ජීවන චක්‍රයේ එක කාලයක් මෙම තෙත්බිම්වල වාසය කිරීම ඒ සඳහා කදිම නිදසුනකි.
            ශ්‍රී ලංකාවේ ඇති අන්තර්ජාතික වැදගත්කමක් ඇති තෙත්බිමි හා එහි ප්‍රමාණ හෙක්ටයාර්වලින් මෙසේය.
            පුන්කුඩුතිව් කලපුව      - හෙක්ටයාර් 300
            යාපන අර්ධද්වීපයේ බටහිර පිහිටි තෙත්බිම් - හෙක්ටයාර් 20000
            උප්පු ආරු කලපුව - හෙක්ටයාර් 3000
            තොණ්ඩමනාර් කලපුව - හෙක්ටයාර් 7787
            යාපන කලපුව - හෙක්ටයාර් 40000
            චුන්ඩිකුළම් කලපුව - හෙක්ටයාර් 13500
            වාලෙයි කලපුව - හෙක්ටයාර් 1460
            නයාරු කලපුව - හෙක්ටයාර් 1760
            කෝකිලායි කලපුව - හෙක්ටයාර් 2995
            පෙරියකරච්චි හා සින්නකරච්චි කලපුව - හෙක්ටයාර් 1430
            උලක්කලි කලපුව - හෙක්ටයාර් 1300
            මහවැලි ගංඟාවේ පිටාර තැන්න - හෙක්ටයාර් 50000
            මින්නේරිය වැව - හෙක්ටයාර් 2500
            උප්පාර් කලපුව හා උප්පුඅලන් - හෙක්ටයාර් 2590
            වැන්ඩලුස් බොක්ක, අලිතුඩුව, තේනඩිබොක්ක - ගණනය කර නැත
            ඩෙල්‍ෆ් දූපත් ‍තෙත්බිම් - ගණනය කර නැත
            මඩකලපුව බොක්ක - හෙක්ටයාර් 14118
            මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ තෙත්බිම් - හෙක්ටයාර් 10000
            සේනානායක සමුද්‍රය - හෙක්ටයාර් 7700
            ආරුගම් කලපුව - හෙක්ටයාර් 248
            ලාහුගල හා කිතුලාග වැව් - හෙක්ටයාර් 400
            යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානයේ තෙත්බිම් - හෙක්ටයාර් 626
            පළටුපාන මහාලේවාය - හෙක්ටයාර් 194
            වීරවිල තිස්ස දෙබර හා යෝධ වැව් - හෙක්ටයාර් 900
            බූන්දල ලේවාය, ඇඹිලිකාල කලපුව හා මළල ලේවාය - හෙක්ටයාර් 1990
            මහා ලේවාය හා කරගන්ලේවාය - හෙක්ටයාර්1160
            ලූනම කලපුව හා කළමැටිය කලපුව - හෙක්ටයාර් 412
            හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ තෙත්බිම් - හෙක්ටයාර් 3162
            බෙල්ලන්විල අත්තිඩිය වගුරුබිම් - හෙක්ටයාර් 60
            මුතුරාජවෙල - හෙක්ටයාර් 2249
            මීගමු කලපුව - හෙක්ටයාර් 3502
            මූන්ඩල් වැව - හෙක්ටයාර් 3361
            පුත්තලම කලපුව - හෙක්ටයාර් 36426
            විල්පත්තු ජාතික උද්‍යානයේ තෙත්බිම් - ගණනය කර නැත
            රුහුණු යාල ජාතික වනෝද්‍යානයේ තෙත්බිම්- ගණනය කර නැත
            වන්කාලයි කලපුව- ගණනය කර නැත
            පෙරිය කලපුව - ගණනය කර නැත
            මන්නාරම් කලපුව ආශ්‍රිත තෙත්බිම් - ගණනය කර නැත
            ආදම්ගේ පාලම,පෝක් බෝක්ක,යක්ෂ තුඩුව - ගණනය කර නැත
            විඩක්කල්තිව් තුඩුව - ගණනය කර නැත
            නච්චදූව වැව - හෙක්ටයාර් 4784
            යෝධ වැව - හෙක්ටයාර් 1840
            ඉරනයිතිව් දූපත - හෙක්ටයාර් 550

පොතපත ඇසුරිනි   
සැකසුම : විද්‍යා හා තාක්ෂණ නිලධාරී
                කඩවත්සතර-ගාල්ල


           

1 comments:

ඉතාම වැදගත් lipiyaki

Post a Comment