December 30, 2014

පොල් ‍ ‍තෙල් ශරීරයට හිතකරද?



කප් රුක ලෙස ව්‍යවහාර වන  තාල වර්ගයට අයත් cocus nusifera ලෙස උද්භිද විද්‍යාත්මකව හදුන්වන වටිනා ශාකයේ  ඵලයකි, පොල්. එම පොල් මදෙයන් නිපදවන පොල් තෙල් යනු ශරීරයේ වැඩීමට බලපාන මේද අම්ල වල අද්විතීය එකතුවකි. මිනිසුන් යොදා කරන ලද පර්යේෂණ මගින් මේබව සනාථ කර ඇත.
 මේද අම්ල වල අද්විතීය එකතුවක් වන පොල් තෙල් වල 90%ක් පමණම අඩංගුම වනුයේ සංතෘප්ත   මේද අම්ල වේ. නමුත් මේවා ශරීරයට අහිතකර නොවේ. මිනිසුන් සිය දහස් ගනනක් යොදා සිදු කරණ ලද පරීක්ෂණ ගණනාවකින්ම හෙලි  වනුයේ මෙම  මේද අම්ල මගින් රධිර නාල(ධමණි)අවහිර කිරිම මිත්‍යාවක් බවයි. පොල් තෙල් වල  අඩංගු  මේදය චීස් , බටර් හෝ  මස්  වල අඩංගු මේදය මෙන් නොවේ. පොල් තෙල් වල අඩංගු වනුයේ මධ්‍ය දාම‍ මේ  අම්ල  වේ.

වෙනත්  බොහෝ  ආහාර වල මේයේ අඩංගු වනුයේ දිගු දාම මේද අම්ල  වේ. නමුත් පොල් තෙල් වල අඩංගු මධ්‍ය දාම මේද අම්ල  පරිවෘත්තීය  වෙනස් ආකාරයකට සිදු වේ.
මෙම  මේද අම්ල ආහාර මාර්ගය දිගේ ගමන් කර අක්මාවට යයි. එහි දී මෙම මේද අම්ල ක්ෂණික ශක්ති ප්‍රභේදයක් ලෙස භාවිතයට ගැණෙයි. එසේ නැතහොත් ඒවා කීටෝන දේහ  බවට පත් වේ.

 ලොව සමහර ජාතිකයන්ගේ ප්‍රධාන ආහාරය වනුයේ පොල්ය. උදා: දකුණු පැසිපික් රටවල් - මොවුන් තම කැලරි අවශ්‍යතාවෙයන් 60%ක් පමණ පොල් මගින් සපුරා ගනී. ඒ අනුව වැඩිම පොල් පරිභෝජනය කරන පිරිසක් වුවද මොවුන් ඉතා යහපත් ශරීර සෞඛ්‍යක් පවත්වා ගන්නවා සේම ඔවුන් අතර හෘද රෝග වැලදීම පිළිබද  කිසිදු සාක්ෂියක් නොමැත.
පොල් තෙල් වල අඩංගු මධ්‍ය දාම මේද අම්ල මගින් ශක්තිය වැය වීම දිගු දාම මේද අම්ල වලට වඩා වැඩියි. එනිසා දේහයේ ස්ථුලභාවය අඩු කිරීම සදහා මෙම මධ්‍ය දාම මේද අම්ල හේතු වේ. මධ්‍ය දාම මේද අම්ල ග්‍රෑම් 25ක් මගින් දිනකට ශක්තිය වැය වීම 5%කින්  පමණ ඉහල දමයි. (දළ වශෙයන් දිනකට කැලරි 20ක් පමණ).
පොල් තෙල් වල ලෝරික් නම් මේද අම්ලය අඩංගු වේ. එසේම පොල් තෙල් එන්සයිම මගින් ජීර්ණය වූ විට මොනොග්ලිසරයිඩයක් වන මොනො ලෝරික් අම්ලය නිපදවයි. මෙම ලෝරික් හා මොනොලෝරික් අම්ලය මගින් හානිකර රෝග කාරක බැක්ටීරියා ,වෛරස් හා දිලීර විනාශ කරයි.

උදා: Staphylococcus Areus  නම් බොහෝ හානි කර දරුණු රෝග කාරක බැක්ටීරියාව

         Candida  Albicans  නම් මිනිසාට ආසාදනය විය  හැකි යීස්ට්

පොල් තෙල් පරිවෘත්තියන් ලැබෙන කීටෝන දේහ මගින් කෑම රුචිය අඩු කරන අතර බඩගිනි වීමද අඩු කරයි. මෙය දිගු කාලීනව සිදු වීමෙන් දේහ බර අඩු වීමට හේතු වේ.‍ මෙම කීටෝන  දේහ මගින් අපස්මාරය වැළදුන රෝගීන්ගේ  හදිසි ආබාධ ඇති වීම වලක්වයි.

සම්ප්‍රදායිකව ,  පොල් තෙල් වලින් රුධිරයේ  ලිපිඩ මට්ටමට හානි ඇති වන බවට මතයක් තිබුනද එහි අඩංගු සංතෘප්ත මේද අම්ල වලින් එසේ සිදු නොවේ. එමගින් රුධිරයට හිතකර  කොලෙස්ටරෝල් මට්ටම ඉහල නංවන අතර අහිතකර  කොලෙස්ටරෝල් මට්ටම  (LDL) පහත දමයි. මේ  අනුව හෘද  රෝ අවධානම අඩු කරයි.
තවද හිස කෙස් හා සමේ සෙඛ්‍ය පවත්වා ගැනීමට ද පොල් තෙල් උපකාරී වේ. හිස කෙස්  වලට හානි වීම වැලැක්වීමට, සමේ තෙතමනය පවත්වා ගැනීමට , හිරු එලියෙන් ආරක්ෂාවට පොල් තෙල් යොදා ගත හැකියි. වියලි සම සහිත පුද්ගලයින් යොදා සිදු කරන ලද පර්යේෂණයක දී ඔවුන්ගේ සම තෙතතමනය සහිත සමක් කරවීමටත් සමේ ලිපිඩ අඩංගු  කර වීමටත් පොල් තෙල් වලින් හැකියාව ලැබී ඇති බව  සොයා ගෙන ඇත. එසේම හිරු එළියට නිරාවරනය  වීමේදී පාරජම්බුල කිරණ වැටීම 20%කින් පමණ අඩු කිරීමේ හැකියාව පවතී.
මුඛ ශෝධන දියර නිපදවීමට ද පොල් තෙල් යොදා ගත හැකි බව සොයා ගෙන ඇත.

               තවද  ඇල්සයිමර්  රෝගීන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය ඉහල නැංවීමට පොල් තෙල් වල මේද අම්ල උපකාරී ‍වේ. ල්සයිමර්  රෝගීන්ගේ  මොළයේ  විශේෂිත කොටස් වලින් ශක්තිය ලබා ගැනීම සදහා ග්ලූකෝස් භාවිතයට ගැනීමේ  හැකියාව දුර්වල තත්වයක පවති. කීටෝන දේහ විකල්ප ශක්ති ප්‍රභවයක්‍ ලෙස ක්‍රියා කර එම රෝගීන්ගේ මොළය සදහා ශක්තිය සැපයීම සිදු කරයි.එම රෝගීන්ගේ මොළයේ දුර්වල ක්‍රියාකාරිත්වයේ පවතින සෛල වලට ශක්තිය සපයා ඇල්සයිමර්  රෝග  ලක්ෂණ අඩු කරයි.

තව ද පොල් තෙල් මගින් මේද අම්ල දහනය වැඩිකර ආමාශයික මේදය අඩු කරන අතරම වවිධ අවයව වටා අති මේදයද ඉවත් කරයි.මේ අනුව පොල්තෙල් යනු ඉතා යහපත් සෞඛ්‍යක් පවත්වා ගැනීමට ආහාරයට ගත යුතු සංතෘප්ත මේදය වේ.  මෙම  සියළු ගුණයන් පවතිනුයේ  සුදු පොල් තෙල් වල වන අතර තෙල්  රත් කිරීමේදී මෙම ගුණයන් ද තරමක් දුරට අඩු වේ. 

References-


0 comments:

Post a Comment