December 31, 2014

පිලිකා රෝගීන්ට වැදගත් වන ආහාර වර්ග හතරක්


Ø  කෘෂිෆෙරස් කුලයේ එළවළු (Cruciferous Vegetable)
මෙම කුලයේ එළවළු වල බීටා කැරොටින්, ලූටෙයින්, සීසැන්තීන් ෆොලේට්, මිනරල්ස්, C,E & K විටමින්, ග්ලූකොසිෆොලේට් (Glucosiolate)  යන රසායනික සංයෝග අඩංගු වේ. මින් Glucosiolate නම් රසායනිකයේ අඩංගු අතර එහි අවේණික සුවඳ හා තිත්ත රසයක්ද ඇත. මෙම එළවළු පිලියෙල කිරීමේදී ජීර්ණයේදී එම සංයෝගය බිඳවැටීම  නිසා ඇතිවන රසායනික ද්‍රව්‍ය මගින් පිළිකා වර්ධනය මර්ධනය කරන බව මීයන් යොදාගෙන කරන ලද පර්යේෂණ වලින් හෙලිවී ඇත. තවද මෙම කුලයේ එළවළු ආහාරයට ගැනීම නිසා පිලිකා ඇතිවීම වලක්වන බවද සොයාගෙන ඇත. මේ යටතේ ඇති එළවළු ලෙස රාබු, ගෝවා, ගෝවා මල්,   බැකෝලි ආදී එළවළු දැක්විය හැක.     

Ø කහ



ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි රටවල භාවිතා වන කුළුබඩු විශේෂයක් වන කහ වල කර්කියුමින් නම් රසායනික ද්‍රව්‍ය අඩංගුවේ. සාමාන්‍ය සෛල වලින් පිලිකා සෛල ඇතිවීම අඩු කරයි. පිලිකා සෛල ගණනය වීම අඩු කරයි. පිලිකා සෛල ශරීරය පුරා ව්‍යාප්ත වීමද වලක්වයි. පිලිකා සෛල විනාශ කිරීම සඳහා ශරීරයට හැකියාව ඇති කරයි.
Ø මාළු
ශරීරයේ  විටමින් ඩී මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා ඉහල මට්ටමකින් පවතින පිලිකා රෝගීන්ගේ එසේ නොවන රෝගීන්ට වඩා ආයු කාලය දිගු වන බව සොයා ගෙන ඇත. විටමින් ඩී හිරු එළිය නිරාවරණය වීම මගින්, ආහාර මගින් සහ බෙහෙත් ද්‍රව්‍ය මගින්  ලබා ගත හැක. විටමින් ඩී බහුල ආහාරයක් ලෙස සැමන් මසුන් හඳුන්වා දී ඇත. එම මාළු ආහාරයට ගැනීම පිලිකා මර්ධනයට වැදගත් වනු ඇත.
Ø කොළ තේ (Green Tea)
ග්‍රීන් ටී මගින් පිළිකා සෛල විනාශ වන බවට සාක්ෂි ලැබී ඇත. නමුත් ඉන් පිලිකා ඇතිවීම වලක්වන බව අදහස් නොකරයි. ඇතැම් පිලිකා සෛල වල පරිවෘතීය වෙනස් කිරීමට ග්‍රීන් ටී වලට හැකියාව ඇත.

ඔබ පිලිකා රෝගියෙක් නම් ප්‍රතිකාර ලබා ගත්තේ නම් ඉහත සඳහන් ආහාර ඔබගේ ආහාර වේලෙහි කොටසක් බවට පත් කර ගැනීමට උත්සාහ කරිම ඔබට වැදගත් විය හැක.
 උපුටා ගැනීම :- http://www.perseuspci.com/four-foods-cancer-patients-try-healthier-lifestyle/

0 comments:

Post a Comment