December 22, 2014

CFL බල්බ භාවිතය ගැන කරුණු කිහිපයක්


Compact Fluorescent lamp (CFL) බල්බ  සූත්‍රිකා බල්බ (Incandescent bulbs)හා ආදේශකයක් ලෙස නිර්මාණය කරන ලදී. ආයු කාලය පැය 6,000 -15,000 අතර වේ. මෙම බල්බ වල කාර්යක්ෂමතාවය ඉහළ වේ. CFL බල්බ භාවිතා කිරීමෙන් ඉතා විශාල විදුලි ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බැවින් CFL බල්බ භාවිතා කිරීමට වැඩි උනන්දුවක් ඇත.

CFL බල්බ වල ඉතා විෂ සහිත බැර ලෝහයක් වන රසදිය අඩංගු වේ. එබැවින් භාවිතා කිරීමෙන් අනතුරුව පරිසරයට අපහරණය කිරීම ඉතාමත් ගැටළු සහගත වේ.  විදුලි බලය ලබා දුන් විට ටියුබය තුළ ඇති ආගන් වායුව සහ රසදිය වාෂ්ප මගින් පාරජම්බුල ආලෝකය නිකුත් වන අතර මේවා ටියුබය තුළ ආලේප කර ඇති fluorescent coating  (Phosphor) ආලෝක විමෝචක ද්‍රව්‍යයක් මගින් උරාගෙන , දෘෂ්‍ය ආලෝකය බවට පරිවර්තනය කරයි. තාපය ලෙස විදුලිය හානි වීම ඉතාමත් අඩු බැවින් මේවා සූත්‍රිකා බල්බ වලට වඩා කාර්යක්ෂමතාවයෙන් වැඩියි. වෙළපොලේ පවතින CFL බල්බ මිලදී ගැනීමේදී එහි ප්‍රමිතිය පිළිබව ඉතාමත් සැලකිලිමත් විය යුතුය. මෙම බල්බ වල ප්‍රමිතිය පිළිබ CFL බල්බ ආවරණයේ සහන් වේ. එහි ඇති කරුණු පිළිබව අවධානය යොමු කළ යුතුය. තවද මේස ලාම්පු සහා යෙදීමට සුදුසු තත්වයේ පවතීද යන්න ආවරණයේ දැක්වේ. CFL බල්බ මගින් අහිතකර පාරජම්බුල කිරණ නිකුත් වන බැවින් මෙම සුදුසු ලකුණ සහිත බල්බ පමණක් මේස ලාම්පුවලට යෙදිය යුතුයි. 

CFL බල්බ බිී යා හැකි සේ තැන තැන දැමීම සිදු නොකළ යුතු අතර භාවිතය අවසානයේදී ගැඹුරු වලකට දැමිය යුතුය. පරිසරයට රසදිය එකතු නොවීම පිණිස, ටියුබය බිදී නොයන සේ වල දැමිය යුතුය. මෙය තාවකාලික විසුමකි. නැතහොත් මෙම බල්බ ප්‍රතිචක්‍රිය කරණ ස්ථානයකට භාර දීම සිදු කළ යුතුය. විශේෂයෙන් ලෝකයේ විවිධ රටවල් මෙම බල්බ ප්‍රතිචක්‍රියකරණය කිරීමට කටයුතු යොදා ඇත.

CFL බල්බයක රසදිය 3-5 mg දක්වා ප්‍රමාණයක් අඩංගු වේ. මෙය ඉතා කුඩා ප්‍රමාණයකි. නමුත් රසදිය ශරීර ගත වීම, ගර්භනී මව්වරුන්ට (කළලයන්ට), ළදරුවන්ට, මධ්‍ය ස්නායු පද්ධතියට ඉතා විෂ සහිතය. එක් බල්බයක  කුඩා ප්‍රමාණයක් අඩංගු වුවත්  බල්බ විශාල ප්‍රමාණයක් භාවිතයේදී මෙය ගැටළුවකි. රසදිය වැඩි ප්‍රමාණයක් ශරීරගත වීමෙන් මිනමාටා වැනි දරුණු රෝග තත්වයන්ද ඇති විය හැක.

බල්බයක් බිී ගිය හොත් රසදිය වාෂ්ප අඩංගු වන බැවින් වහාම දොර ජනෙල් විවෘත කර එය ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය කළ යුතුය. Vacuum කිරීම සිදු නොකළ යුතුය. විශේෂයෙන් ගර්භනී කාන්තාවන් , කුඩා ළමුන් එම ස්ථානයෙන් ඉවත් කළ යුතුය.

මෙම කරුණු පිළිබව දැනුවත්වීමෙන් කාර්යක්ෂම CFL බල්බ භාවිතා කිරීමෙන් විදුලිය ඉතිරි කර ගන්නා සේම අපහරණයේදී නොදැනුවත්ව පරිසරයට සිදුවන හානියද වලක්වා ගත හැක.


0 comments:

Post a Comment