December 30, 2014

මොළයේ විස්මිත හැකියාව වන Brain Plasticity

   මිනිස් මොළය යනු  ආශ්චර්යමත් දේ කළ හැකි අරුම පුදුම යන්ත්‍රයක් බඳුය.උපතේ සිට මරණය දක්වා මිනිසා සිදු කරන සෑම දෙයක්ම සිදු කරනුයේ මොළය මෙහෙයවා බව අප සැවොම දන්නා කරුණකි .මේ සඳහා මිනිස් බුද්ධිය වැදගත් වේ. මිනිසාගේ බුද්ධිය වර්ධනය වීම ආරම්භ වනුයේ මෙළොව එළිය දුටු මොහොතේ සිටය.
     මිනිසාගේ බුද්ධි වර්ධනය සඳහාත්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහාත් වැදගත් වන  brain plasticity  පිළිබඳව අපි මඳක් විමසා බලමු.
     බාහිර පරිසරයේ සිදුවන වෙනස්වීම්, ශරීරයේ සිදුවන වෙනස් වීම් සහ චර්යාත්මක වෙනස් වීම් වගේම මිනිස් හැඟීම් අනුව මොළයේ රටාව සහ එහි  ක්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීමට මිනිස් මොළය සතු වූ අසාමාන්‍ය හැකියාව brain plasticity  ලෙස හඳුන්වනු ලැබේ. මේ සඳහා වැදගත් වනුයේ  බාහිකය ලෙස  හැඳින්වෙන මොළයේ බාහිරින්ම පිහිටා ඇති ස්ථරයයි. මොළය සෑදි  ඇත්තේ නියුරෝන වලිනි. මෙම නියුරෝන මොළයේ පිහිටා  ඇත්තේ නියුරෝන ජාලයක් ලෙසය
. අප සිදුකරනු ලබන ක්‍රියාකාරකම් අනුව මෙම නියුරෝන අතර සම්බන්ධතාවයන් ඇතිවේ. මෙම සම්බන්ධතාවයන්  Synapses  ලෙස හඳුන්වනු ලැබේ. මොළය ලබා ගන්නා නව තොරතුරු අනුව මෙම සම්බන්ධතාවයන්  වෙනස් වේ.  නිරන්තරයෙන් භාවිතා කරනු ලබන Synapses වඩ වඩාත් ශක්තිමත් වන අතර අඩුවෙන් භාවිතා කරනු ලබන  Synapses  දුර්වල වේ. එසේම භාවිතා නොකරන Synapses සම්පූර්ණයෙන්ම නැති වී යයි. මෙය synaptic pruning  ලෙස  හඳුන්වනු ලැබේ.
 
  මෙම  Synapses  සෑදීම ආරම්භ වනුයේ මිනිසාගේ උපතේ සිටය. එසේම නවතම විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව මිනිසාගේ ජීවිත කාලය පුරාවටම මෙය සිඳුවේ. මොළයේ ඇති Synapses  අනුව මොළයේ රටාව සහ එහි ක්‍රියාකාරීත්වය වෙනස් වේ.  එය බුද්ධියට, මතකයට , හා අපගේ තීරණ ගැනීම් වලට සෘජුවම බලපායි. මොළය සතු Synapses ප්‍රමාණය   වැඩිවන තරමට අපගේ බුද්ධිය , මතකය , තීරණ ගැනීමේ හැකියාව වැඩිවන බව ස්නායු විද්‍යාඥයින්ගේ මතය වේ. නුමුත් එය නියුරෝන ප්‍රමාණය මත නොව නියුරෝන සම්බන්ධ වීම් හෙවත් Synapses මත තීරණය වන බව අප තේරුම් ගත යුතුය. 


 
    ඒ අතරම මෙම Synapses ප්‍රමාණය අඩුවන විට එය ස්නායුගත රෝග ඉහළ යාමට බලපාන බව වෛද්‍ය මතය වී තිබේ. එකී රෝග අතර අධික තරබාරුව, ආතතිය, ක්ලෙමථය, ඇල්සයිමා, පාකින්සන් විශේෂ වේ.

මොළයේ සෑදෙන Synapses සංඛ්‍යාව වැඩ්වීම හෙවත්  brain plasticity වැඩිකර ගැනීමට අපට හැකියාවක් තිබේද?  ශාරීරික ක්‍රියාකාරකමි වැඩිකිරීම , චර්යාවන් වෙනස් කර ගැනීම නිරන්තර ඉගෙනීම , නව කුසලතා සංවර්ධනය ආදී දෑ මගින් brain plasticity  වැඩිකර ගත හැකි බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත. ඒ නිසාම කුඩා ළමුන්ගේ ඇග වෙහෙසන ක්‍රියාකාරකම් ඔවුන්ගේ නව ඉගෙනුම් , ඔවුන්ගේ බුද්ධිය වර්ධනය වීමට ධනාත්මකව බලපානු ලැබේ.

   එසේම brain plasticity වැඩිකර ගැනීමට පහත සඳහන් ක්‍රියාකාරකම් බලපාන බව සොයාගෙන ඇත. එනම් ,
1 ඉහිල් වීමේ අභ්‍යාස (Relaxation )
2  එළැඹි සිහියෙන් සිටීම ( Mindfulness)
3  ශාරීරික ව්‍යායාම
මෙවන් ක්‍රම නිරන්තරව ප්‍රගුන කිරීම තුලින් brain plasticity වැඩි වන අතර එමගින්  අපගේ බුද්ධිය , මතක ශක්තිය , තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරගනිමින් ස්නායු ගත රෝග අවම කර ගැනීමට හැකි වන බව පෙනී යයි.


ඇසුරින් සකස් කරන ලද්දේ
කාංචනා හෙට්ටිආරචිචි
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
කැළණිය

1 comments:

Very helpful article, thank you so much. !!!

Post a Comment