December 30, 2014

ආහාර රටාව වෙනස් කිරීම මගින් පිළිකා අවධානම අඩු කිරීම

 ආහාර යනු මිනිසාග මූලික අවශ්‍යතා වලින් එකකි. ආහාර නොමැතිව කිසිදු ජීවයක් පවත්වා ගත නොහැකි බව සත්‍යකි. මූලිකවම ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය පෝෂ්‍ය සංඝටකත් ඛණිජ ලවන, විටමින් වර්ග, පටක ගොඩනැගීමට අවශ්‍ය ප්‍රෝටීන යන මේවා සහ තවත් බොහෝ දෑ සිරුරට ලැබෙනුයේ ආහාර මගින්ය. නමුත් අප ගන්නා මෙම ආහාර මගින් නොයෙකුත් ලෙඩ රෝග ඇති වන බවද අමතක කළ නොහැකි කරුණකි. අතීතයේදී පැවති ආහාර රටාවන් බොහෝ දුරට නූතනයේදී  වෙනස් වී ඇත. කාර්ය බහුලතාවය නිසා ගනු ලබන ක්ෂණික ආහාරත් , පළිබෝනාශක, කෘමිනාශක, කෘතීම පොහොර වර්ග ‍යෙදූ ආහාරත් මිනිසාට ආහාර වලින් ලබා දෙන හිතකර බලපෑම් අඩු කරයි.

කෘතීම ආහාර, අධීක ලුනු සහිත තෙල් සහිත ආහාර සහ අධිශක්ති ආහාර  බොහෝ විට ශරීරයට අහිතකර වේ. වැඩි කැලරි ප්‍රමාණයක් සහිත ආහාර වර්ග ස්ථුලභාවය හවත් තරබාරුව හා දියවැඩියා රෝග ඇති කිරීමට මූලික වේ.එසේම ස්ථුලභාවය හා දියවැඩියාව පිළිකා අවධානමට හේතු වේ. මේ නිසා ආහාර සමග ගන්නා කැලරි ප්‍රමාණය සීමා කිරීම පිළිකා අවධානම අඩු කරයි.  

නවතම අධ්‍යන මගින් පෙන්වාදෙන ආකාරයට ආහාර රටා වෙනස් කිරීමෙන් පෙනහළු පිළිකා සදහා ඇති අවධානම නොසිතූ ලෙස අඩු කර ගෙන තිබේ. එපමණක් නොව ආහාර රටාවන්ගේ බලපෑමට අමතරව අනුක යාන්ත්‍රනයක් ද බලපාන බව සොයාගෙන තිබේ. මෙමගින් අතුරු ආබාධ සීමා කරමින් දක්ෂ ලෙස, ඉලක්කගත ප්‍රතිකාර විධි මගින් පිළිකාවට පහර දන ආකාරය පෙන්නුම් කරයි.

අනෙකුත් පිළිකා මෙන් නොව පෙනහළු,අග්න්‍යාසය , මාහාන්ත්‍රය වැනි ස්ථාන වල ජාන විකෘති මගින්  ඇතිවන පිළිකා ආහාර වලට(ආහාර වල විවිධ සීමාවන්ට) ඉතා සංවේදී  වේ.

මහාචාර්ය රොබර්බෝ කොප්ප්‍රිස් ඇතුළු කණ්ඩායම විසින් සිදු කරන ලද පරීක්ෂණයකට අනුවආහාර වෙනස් කිරීමෙන් පිළිකාවේ මුල්  අවස්ථාවට (ගෙඩි) සිදු වන බලපෑම සොයා ගන්නා ලදි.

විස්මයට මෙන් ඔවුන් සොයා ගනු ලැබූයේ අධිශක්ති ආහාර මගින් ඇන්ටි ටියුමර් (Anti- tumor) ක්‍රියාකාරිත්වය(ටියුමර් විනාශ කරන ද්‍රව්‍ය) බලසම්පන්න කරන බවයි. එසේ වුව ද මෙහි ප්‍රතිවිරුද්ධ  තත්වය සැලකූ විට ඇන්ටි ටියුමර් ද්‍රව්‍ය මගින් ටියුමර් එක (පිළිකාවේ මුල් අවස්ථාව) ආක්‍රමනය ආරම්භ කළ පසු අධිශක්ති ආහාර මගින් ටියුමර් එක තව දුරටත් වර්ධනය වී වඩාත් දරුණු බවට පත් වේ. මේ අවස්ථාවේ තීරණාත්මක දර්ශකය ආහාරයේ වෙනස්කම් පමණක් නොව පරිවෘත්තීය වෙනස්කම් වලද බලපෑමයි.

මෙම පිරිස දක්වා ඇති පරිදි ඔවුන්ගේ අධ්‍යනයන් මගින් ලුනු අධික කෙටි කෑම වර්ග (Eg- Junk Food) ආහාරයට ගැනීම මගින් පෙනහළු පිළිකා වලින් ආරක්ෂා වීමට හැකියාවක් ලැබී නැත.

මෙම Junk Food මගින් පිළිකාව වේගයෙන් ප්‍රමාණාත්මකව වැඩි වීම නිසා පිළිකාවට හේතු වන විශේෂිත අනුක යාන්ත්‍රනය සොයා ගැනීමට උපකාරී වේ. මේ නිසා නව ප්‍රතිකාර ක්‍රම ලගා කර ගැනීමට හැකි වී තිබේ. මේ අනුව අධි ශක්ති ආහාර පර්යේෂකයින්ට ඔවුන්ගේ  පර්යේෂණ කටයුතු වලට හිතකර වුවද මිනිස් සිරුරට අහිතකර වේ.

References
http://www.sciencedaily.com/releases/2014/12/141218131417.htm

0 comments:

Post a Comment