December 30, 2014

පිළිකාවට එරෙහිව සැල්මොනෙල්ලා

   Salmonella   ලෙස හදුන්වන බැක්ටීරියාව පොදුවේ හදුනාගෙන ඇත්තේ ආහාර නරක් වීම සහ පැසීමේ ක්‍රියාවලිය සිදු කරන බැක්ටීරියාවක් ලෙසයි. ආහාර මගින් සෑදෙන රෝග ගණනාවකටම මෙම Salmonella බැක්ටීරියාව වගකිව යුතු වේ. Salmonella  බැක්ටීරියාව මගින් නරක් වූ  ආහාර  ආසාදනය මගින්  ඕක්කාරය ,වමනය , ආමාශයික වේදනාව, අතීසාරය යන රෝග ඇති වේ.

Yale පිළිකා මධ්‍යස්ථානයේ පර්යේෂකයින් විසින් පිළිකාවට එරෙහිව Salmonella   බැක්ටීරියාව යොදා ගැනීමට උනන්දු වී ඇත. මෙහි මුල් පියවර ලෙස රෝගීන් යොදා අත්හදා බැලීම සිදුකර තිබේ. මෙහි දී රෝගියා රෝහල්ගත කර ජානමය වශයෙන් වෙනස් කරන ලද Salmonella   බැක්ටීරියාව  සපයා දී ඇත. පසුව  අවශ්‍ය පසු විපරම් සිදු කර  රෝගියා නිදහස් කර ඇත.
Salmonella  බැක්ටීරියාව ශරීරයට ඇතුල් කළ පසු දේහය තුලදී විනාශ වීම වැලැක්වීමට Salmonella  බැක්ටීරියාව විසින් විවිධ ක්‍රම අනුගමනය කරයි. බැක්ටීරියාව ඝ්‍රාවය කරන ප්‍රෝටීනයක් මගින් ප්‍රතිශක්තීකරණ පද්දතියට නිරාවරණය වීම වළකා  ශරීරය තුළදී ගුණනය සදහා  අවශ්‍ය කාලය ලබා දේ. මෙම ප්‍රෝටීනය ආමාශයේ හෝ කුඩාන්ත්‍රයේ අපිචර්මීය සෛල මත  ක්‍රියා කරයි.
ප්‍රශස්ථ තත්ව යටතේ බැක්ටීරියා වලට වේගයෙන් ගුණනය වීමේ හැකියාව ඇත. බොහෝ   බැක්ටීරියාවන් ද්විගුණ වීම මගින් ප්‍රමාණය වැඩි කර ගනී. මෙම ද්විගුණ වීමේදී තනි ඩී.එන්.ඒ.(DNA) අණුව  පිටපතක් සාදන අතර එම පිටපත් දෙකම  බැක්ටීරියා වල සෛල පටලයට සම්බන්ධ වේ.ඉන්පසු මෙම  ඩී.එන්.ඒ.(DNA) අණු දෙක අතරින් සෛල පටලය වැඩීමට පටන් ගනී. බැක්ටීරියාව දෙගුණය වී මුල් ප්‍රමාණයටම වර්ධනය වේ. සෛල බිත්තියද ඩී.එන්.ඒ.(DNA) අණු  දෙක අතරින් වර්ධනය වී මුල් සෛලය දෙකට බෙදමින් එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් සෛල දෙකක් සාදයි. මෙම සෛල එකම වර්ගයේ ප්‍රතිජීවක නිපදවයි.
මෙම අධ්‍යනයන්හිදී විද්‍යාඥයින් Salmonellaහි Wild type   (කැලෑ දර්ශකය ) යොදා ගන්නා ලදි. මේවා ජානමය වශයෙන් විකරණය කර ඇති අතර රෝග වැළදීමේ හැකියාව නවතා ඇත. මෙම හැකියාව නැවතූ බැක්ටීරියා වලට ජීවින්ගේ ඇති පිළිකාවල ආරම්භක අවස්ථාව වන ටියුමර් දුර්වල කිරීමේ හැකියාව ඇත. එසේම මෙම ජානමය වශයෙන් විකරණය කර ඇති බැක්ටීරියා මගින්  ටියුමර් වැඩිවීම නිශේධනය කරයි‍.
 මෙම පරීක්ෂණ සතුන් මත පදනම් කර ගෙන සිදු කළද මේ අනුව Salmonella   හි ව්‍යධිජනකතාව ඉවත් කර පිළිකා සෛල ඉලක්ක කර ගැනීමෙන් අනාගතයේදී විශාල වශයෙන් සෞඛ්‍යමය ක්ෂේත්‍රයට විශාගතම වටිනාකම් ලබා ගත හැක.
References-
http://biology.about.com/od/bacteriology/ss/salmonella-as-a-cancer-fighter.htm

0 comments:

Post a Comment