December 31, 2014

රළු ධාන්‍ය ආහාර අනුභවය නිරෝගී දිවියකට මග සලසයි

ලාංකේය අපේ  ආහාර වේලේ ප්‍රධාන ආහාරය වන්නේ බත්ය. බත් විවිධ මාංශ භෝග  සහ එළවළු මත පදනම් වු ආහාර වේල ශ්‍රී ලංකිකයින්ගේ අනන්‍යතාවය පිළිඹිබු කරයි.
තිරිගු පිටි වලින් පිළියල කළ ආහාර භාවිතයට ගැනීමට පෙර පැරණි ශ්‍රී ලාංකික දෛනික ‍ආහාර වේලට ඇතුළත් වු අනෙකුත් ධාන්‍යයන් වූයේ කුරක්කන් , මෙනේරි , තණ සහල් සහ අමු වේ.
කුරක්කන් ආහාරයට ගැනීමෙන් ඉන්සියුලීන්  මත රදා නොපවතින දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනී ප්‍රමාණය අඩු කළ හැකි බව පරික්ෂණ වාර්තා පෙන්වා දෙයි. අමු තණහාල් ආහාරයට ගැනීමෙන් රුධිරගත සීනී මට්ටම  මේදය මට්ටම හා හානිකර කොලෙස්ටරෝල් මට්ටමද හානිකර කොලෙස්ටරෝල් මට්ටමද පාලනය කළ හැකි වේ.
බටහිර  ජාතීන් අතර කුරුළු  ආහාර වශයෙන් ප්‍රචලිත වී ඇති මෙම කුඩා රළු ධාන්‍ය වර්ග ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි ආසියාතික රටවල් වල පමණක් නොව සමහරක් අප්‍රිකානු රටවලද දේශීය ආහාර  අතර ප්‍රධාන ස්ථානයක් හිමිකරගෙන ඇත.පොදුවේ මෙම ධාන්‍ය මිලට් ( millet) ලෙස හදුන්වනු ලැබේ. mille නැමැති ප්‍රංශ වචනයෙන් බිදී ආ මිලටි යන්නෙහි අදහස වනුයේ එක් ධාන්‍ය අහුරක් ගත් විට එහි ඇට දහස් ගණනක් පවතින බවයි. මින් ධාන්‍ය වල සාපේක්ෂ ව කුඩා ප්‍රමාණය මතුකර දක්වයි.

අනෙකුත් ප්‍රධාන ධාන්‍ය වර්ග වල සහල්, ඉරිගු ,තිරිගු, බාර්ලි සමග සම වන හෝ ඒවායේ පෝෂ්‍ය ග්‍ුණය පරයන කුඩා රළු ධාන්‍ය වර්ග කුරුට්ට සහිතවම ආහාර පිළියෙල කර ගැනීමට යොදාගත හැකි වීම විශේෂකරැණකි. කුරුට්ට සහිත විට ධාන්‍යයන් කෙදි විටමින, ඛනිජ ලවණ සහ පෝෂක නොවන ජීව ක්‍රියාකාරි ශාකමය රසායන ද්‍රව්‍ය වලින්ද සමන්විත වේ. පොදු වශයෙන් ගත් කළ මිලට් ධාන්‍යවල  ප්‍රෝටීන ප්‍රතිඔතය 8-12 %පමණ වන අතර මේදය 2- 7 %පමණ වේ. ඛනිජ ලවණ අතර යකඩ සහ පොස්පරස් පදාර්ථ ප්‍රධාන වශයෙන් මෙම ධාන්‍යවල අඩංගු වේ. ‍මීට අමතරව මිලට් පෝෂක නොවන ජීව ක්‍රියාකාරී සංයෝග වලින් පොහොසත්ය.

වර්තමාන සමාජයේ බහුලව පවතින රෝග වන දියවැඩියාව, හෘදයාබාධ , විවිධ පිළිකා වර්ග සහ අනෙකුත් විවිධ නිදන්ගත රෝග ඇති වීමේදී සිරුර තුළින්ම නිපදවන සහ සිරුරට බාහිර පරිසටයෙන් ඇතුළත වන අධි ක්‍රියාකාරී විෂ ද්‍රව්‍ය (Free radicals)  ප්‍රධාන  වශයෙන් හේතුකාරක වන බව පර්යේෂණ මගින් සනාථ කර ඇත. එම විෂ ද්‍රව්‍ය අප සිරුර සෑදී ඇති කබෝහයිඩ්‍රෙටයන් , ප්‍රෝටීන, මේදය, සහ නියුක්ලික් අම්ල වැනි විවිධ ජීව පදාර්ථ සමග ක්‍රියාකර ඒවායේ රසායන සංයුතිය වෙස් කර විවිධ රෝගාබාධ ඇති කිරීමට මග පාදයි. එම විෂ දුව්‍ය නිශේධනය කිරීම සදහා අප සිරුර තුළ ක්‍රියාත්මක වන ආරක්ෂක පද්ධතිය ශක්තිමත් හෝ ප්‍රමාණවත් නොවු විට බාහිරව එම සංයෝග ලබා ගැනීම අවශ්‍ය වේ.
ආහාර වල අඩංගු පෝෂක නොවන ජීව ක්‍රියාකාරී පදාර්ථ මෙහිලා විශේෂ කාර්යභාරයක් ඉටුකරන බව පර්යේෂණ තොරතුරු පෙන්වා දෙයි.

කුරුට්ට සහිත ධාන්‍ය වල අඩංගු වන දකදි පමණක් නොව එම කෙදි සමග බැදී පවතින  ෆීනෝලික සංයෝගද නිදන්ගත රෝග ඇතිවීම වැළැක්වීමටත් ඇතිවූ තත්වයන් පාලනය කිරීමටත් ඉවහල් ‍වනබව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. කුරක්කන් ඇතුළු අනෙකුත් කුඩා රළු ධාන්‍ය වල විශේෂයෙන් බීජාවරණයේ සංතෘප්ත වී ඇති ෆීනෝලික සංයෝග නිදන්ගත රෝග වැළැක්වීමට දායක වන බවට පිළිගත හැකි කරුණු පෙන්වා දී ඇත. ජීව පද්ධති තුළ නිපදවෙන සිරුරට අහිතකර  ක්‍රියාකාරී විෂ ද්‍රව්‍ය අඩපණ කී‍රීමේ හැකියාවන් මෙම සංයෝග වලට ඇත. මීට අමතරව ෆීනෝලික සංයෝග මගින් රෝගාබාධ ඇතිවීමේ ක්‍රියාවලියේදී වැදගත්වන සමහර එන්සයිම වර්ග නිෂේධනය කිරීම මගින්ද රෝග ඇතිවීම වළක්වයි.

කුරක්කන් ආහාරයට ගැනීමෙන් ඉන්සියුලින් මත එදා නොපතින දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනී ප්‍රමාණය අඩු කළ හැකි බව පරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. අමු තණහාල්  ආහාරයට ගැනීමෙන් රුධිරගත සීනී මට්ටම මේදය මට්ටමම හා හානිකර කොලෙස්ටරෝල් මට්ටමද හානිකර කොලෙස්ටරොල් මට්ටමද පාලනය කළ හැකි වේ.

ඉහළ රුධිර ගත මේදමට්ටම , අධික රුධිර පීඩනය, හෘද යාබාධ හා  අනෙකුත් රුධිර වාහිනි ආශ්‍රීත රෝග  සදහා ඉවහල් වේ. පිළිකා ලසල යොගෙන අමු කුරක්කන් , මෙනේරි සහ තණහාල් ධාන්‍ය සාරයන් යොදවාගෙන කළ පර්යේෂණ පෙන්වාදී ඇත්තේ මෙම ධාන්‍යවල අඩංගු ෆීනෝලික සංයෝග පිළිකා සෛල ගුණනය වහාම වැලැක්වීමට ඉත‍ෙ වැදගත් වන බවයි.

මිලට් ධාන්‍ය වල අඩංගු ෆීනෝලික සංයෝග යකඩ වැනි සමහර පෝෂක පදාර්ථ සිරුරට අවශෝෂණයකර ගැනීම අඩු කිරීමට හේතු වුවද නිදන්ගත රෝග ඇතිවීමේ ප්‍රවණතාතාව වැඩි ජනතාව  අතර එවැනි රෝග වැළැක්වීමට මෙම ධාන්‍ය  ආහාරයට  ගැනීමෙන් ලැබෙන පිටවහල වැදගත් වේ. එබැවින් ශ්‍රී ලාංකික ජනතාවගේ පාරිභෝජනවයන් තුරන් වී  යන අමු තණහාල්, මෙනේරි සහ කුරක්කන් වැනි සමිප්‍රදායික ආහාර එදිනෙදා ආහාර වේලට එකතු කර ගැනීමට ජනතාව දැනුවත් කිරීම සහ උනන්ද කිරීම වැදගත් වේ.

සැකසුම:- සී.එම්.එස්.එම්. චන්ද්‍රසේකර 
                විද්‍යා හා තාක්ෂණ නිලධාරි
                විදාතා සම්පත් මධ්‍යස්ථානය - ගනේවත්ත

0 comments:

Post a Comment