December 29, 2014

“හයිබ්‍රිඩ්” බීජ යනු මොනවාද ?

හයිබ්‍රිඩ් බීජ ලෙස හදුන්වන්නේ ජානමය විවිධත්වයක් ඇති මව්පිය ශාක දෙමුහුම් කිරීමෙන් ලැබෙන පළමු පරම්පරාවේ බීජයන්ටය. මේවා විද්‍යාත්මක වශයෙන් F1 දෙමුහුම ලෙස හැදින්වේ. මෙම දෙමුහුම් කිරීම කිහිප ආකාරයකට සිදුකල හැක.
නිදසුන් ලෙස AXB   (AXB)XC  (AXB)X(CXD)

හයිබ්‍රිඩ් වල වාසී
  •  අස්වැන්න වැඩියි. 
  • බොහොවිට මල් හට ගැන්මට ගතවන කාලය අඩු නිසා අස්වැන්න  ඉක්මණින නෙලා ගත හැක.
  •  වගාවේ ඒකකාරී තත්ත්වයක් පෙන්වයි
  •  අස්වැන්නේ ගුණාත්මකභාවය වැඩියි
  •  රෝග හා පලිබෝධකයින්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩියි
  • හැඩය, ප්‍රමාණය, වැඩි ගබඩා කිරීමේ කාලය, පැහැය යනාදී ගුණාත්මක ලක්ෂණ ඉහල මට්ටමක ඇති නිසා වගාකරුවනට, ප්‍රවාහනකරුවනට හා පාරිභෝගිකයන්ට වඩා යහපත් ප්‍රතිඵල අත්කරදීමට සමත් වේ.
 
හයිබ්‍රිඩ් වල අවාසී
  •  බීජ මිල ඉතා අධිකයි (හයිබ්‍රිඩ් බීජ මිල සාමාන්‍ය ප්‍රභේදයක බීජ මිල මෙන් දසගුණයක් පමණ වේ)
  •   සෑම වගා කන්නයකදිම බීජ මිලදී ගතයුතුය. කලින් අස්වැන්නෙහි වගාවේ භාවිතා කල බීජ ඇසුරෙන් ලබාගත් අස්වැන්නෙහි බීජ භාවිතා කල විට එම ගුණාත්මක ලක්ෂණ හා අස්වැන්න ලබාගත නොහැක.
  •  වගාවේ ඒකකාරී බව නිසා සුළුගොවීන්ට පාඩු විදීමට සිදුවේ. මෙම ඒකාකාරී බව වඩාත් වැදගත් වන්නේ යාන්ත්‍රික ක්‍රම යොදාගෙන අස්වැන්න නෙලා ගන්නා ගොවි මහතුන් කොටසට පමණි. සුළු ගොවීන්ට මින් පාඩු විදීමට සිදුවන්නේ ඔවුනට වෙළදපොළේ මිල ගණන් අනුව අස්වැන්න ඉදිරපත් කිරිමට අපහසු බැවිනි.
  •   හයිබ්‍රිඩ් වර්ග වගාවේදී මනා වගා පාලන ක්‍රම අනුගමනය කල යුතුය

හයිබ්‍රිඩ්” බීජ මිල අධික වන්නේ ඇයි ? 
හයිබ්‍රිඩ් බීජ නිෂ්පාදනය සදහා යන වියදම සාමාන්‍ය ප්‍රභේදයන්හි බීජ වලට වඩා ඉතා වැඩිවේ. එයට හේතු වන්නේ,
o    මෙම බීජ නිෂ්පාදන ක්‍රියාවලිය ඉතාමත් ක්‍රමානුකූලව සිදුකල යුතුය.
o    මව්පිය ශාකවල ජානමය පවිත්‍රතාවය පවත්වා ගැනීම ඉතාම වැදගත්ය. මේ සදහා විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවේ.
o    පිරිමි සහ ගැහැණු ශාක ගණයේ යම් අනුපාතයක් පවත්වා ගතයුතුය. නිදසුනක් ලෙස තක්කාලි බෝගය සදහා අනුපාතය පිරිමි (පරාග ගන්නා) හා ගැහැණු (බීජ සදහා ගන්නා) අනුපාතය 1:6 කි.
o    පලපුරුදු කම්කරු ශ්‍රමයක් අත්‍යාවශ්‍ය වේ. තක්කාලි බෝගයේ හෙක්ටෙයාරයක හයිබ්‍රිඩ් බීජ නිෂ්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී පලපුරුදු කම්කරුවන් 4060 ක ප්‍රමාණයක් දින 30 ක කාලසීමාවකට දෙමුහුම්කිරීමේ ක්‍රියාවලිය පවත්වා ගැනීමට අවශ්‍යය. එහෙත් මෙවැනි ශ්‍රමයක් සාමාන්‍ය ප්‍රභේදයන්හි බීජ නිෂ්පාදනයට අවශ්‍ය නොවන බැවින් මෙය අතිරේක මුදල් වැයවීමකි.
අද වෙළදපොළේ ඇත් හයිබ්‍රිඩ් බීජ බොහොමයක් පිටරටින් ආනයනය කරන ලද ඒවාය. එම බීජ එම රටවලදී සුපිරි ගුණාංගයන්ගෙන් යුක්ත වුවත්  මෙරටේදී භාවිතයේදි අපගේ දෙශගුණික හා පාරිසරික තත්තවයනට ඔරොත්තු දෙනවාද යන්න හොදින් වටහා ගෙන අත්දැකීම් අඇසුරෙන් විශාල පරිමාණයේ ක්ෂේත්‍ර වගාවන්ට නැඹුරුවීම ඉතා වැදගත්ය.
 මේ වන විට තක්කාලි වම්බටු වැනි එළවළු වර්ගයන්හි F1 දෙමුහුම් ප්‍රභේද නිෂ්පාදන වැඩසටහන් ගන්නෝරුව උද්‍යාන බෝග සංවර්ධන ආයතනය මගින් දියත් කර ඇත. 

   
උපුටා ගැනීම : පොතපත ඇසුරිනි

0 comments:

Post a Comment