December 29, 2014

පරිගණක මෙහෙයුම් පද්ධතිය පිළිබඳ බිඳක්

පරිගණක මෙහෙයුම් පද්ධතියක්(Computer Operating System) යනු,  පරිගණක මෘදුකාංග(Software) සහ දෘඩාංග(Hardware) කළමනාකරණය කරමින් ඒවායේ ඇති සංකීර්ණත්වය පරිශීලකයාගෙන් සඟවමින්, පරිශීලකයා හට පරිගණකය සතු සම්පත්වලට ප්‍රවේශ වීමේ පහසුකම් සලසන අතුරු මුහුණතයි. එමඟින් පරිගණක පද්ධතියක සියළු උපාංග ඒකාබද්ධව ක්‍රියාත්මක කරමින් එම උපාංග වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ පහසුකම් පරිශීලකයාට සලසනු ලබයි.
 

මෙහෙයුම් පද්ධතියක ක්‍රියාකාරීත්වය පහත කරුණු ඔස්සේ දැක්විය හැකිය.
  • මතක කළමනාකරණය (Memory Management)                                                  එක් පරිශීලකයෙක් කාර්යයන් කිහිපයක් පරිගණකය හරහා සිදු කරන විට එම කාර්යයන් අතර ගැටුමක් ඇති නොවන සේ පරිගණකයේ මතකය වෙන්කර දීම, පරිශීලකයන් වැඩි පිරිසක් සම්බන්ධ වී සිටින විට එම එක් එක් පරිශීලකයාගේ කාර්යයන් අතර ගැටුමක් ඇති නොවන සේ මතකය වෙන්කර දීම, යම් කාර්යයක් අවසන් වූ පසු ඒ සඳහා වැය වූ ඉඩ මතකයෙන් නිදහස් කර වෙනත් කාර්යයක් සඳහා ලබා දීම මේ යටතේ සිදුවේ.
  • ක්‍රියාවලි කළමනාකරණය (Process Management)                                              මධ්‍ය සැකසුම් ඒකකය(CPU) තුලදී එක් අවස්ථාවකදී ක්‍රියාත්මක වන යම් වැඩසටහනක කොටසක් ක්‍රියාවලියක් ලෙස හඳුන්වන ලබයි. එසේ වැඩසටහන් කිහිපයකට අයත් ක්‍රියාවලි යම් තෝරා ගත් පිළිවෙලකට වරකට එක බැගින් ක්‍රියාත්මක කිරීම ක්‍රියාවලි කළමනාකරණයයි.
  • උපාංග කළමනාකරණය (Device Management)                       පරිගණක පද්ධතියකට අයත් උපාංග (මුද්‍රණ යන්ත්‍රය, යතුරු පුවරුව,මවුසය,…)  ඒවායේ ක්‍රියාකාරී සීඝ්‍රතාවය, දත්ත සහ තොරතුරු ප්‍රමාණය, අරමුණු, තොරතුරු ගලා යාමේ දිශාව, තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට භාවිතා වන සන්නිවේදනය නීති. (Communication  Protocol) වැනි විවිධාකාර පැති ඔස්සේ කළමනාකරණය කිරීමයි.
  •  ගොනු කළමනාකරණය (File  Management)                      දත්ත සහ තොරතුරු පරිගණකයේ දෘඩ තැටිය තුල ස්ථිරව ගබඩා කරන ආකාරය ගොනුවක් ලෙස හඳුන්වයි. ගොනු සෑදීම, ඒවා නම් කිරීම. ගොනු ක්‍රමානුකූලව තබා ගැනීම, ගොනුවට ප්‍රවේශ වීම සහ ආරක්ෂා කිරීම ගොනු කළමනාකරණයයි.
  • ආරක්ෂණ කළමනාකරණය (Security Management)                                                         පරිගණක පද්ධතියක් බාහිර සහ අභ්‍යන්තර උපද්‍රව මඟින් ආරක්ෂා කරගැනීම මෙහිදී සිදුකරනු ලබයි.   අනවසර පිවිසෙන්නන් වැලැක්වීමට සහා යොදන යූසර් නේම්(user name) සහ පාස් වර්ඩ් (Password) මෙහිදී වැදගත් කාර්යයක් ඉටුකරයි.
පරිගණක මෙහෙයුම් පද්ධතියක් සඳහා යොදා ගැනෙන පරිශීලක අතුරු මුහුණත (User Interface) එහි ස්වරූපය අනුව වර්ග දෙකකි.
  • විධාන පේලි අතුරු මුහුණත (Command Line Interface)             පරිගණක තිරයේ දක්නට ලැබෙන ප්‍රේරකය(prompt) තුල අපට අවශ්‍ය උපදෙස් හා විධාන සටහන් කළ යුතුය. මෙහිදී විධාන මතක තබා ගැනීම අතවශ්‍ය වේ. උදා:- MS DOS                                                                                                                                                                    
  •  චිත්‍රකපරිශීලකඅතුරුමුහුණත (Graphical User Interface)                     වර්තමානයේ භාවිතා වන මෙහෙයුම් පද්ධතිය වල අතුරු මුහුණත් මෙම වර්ගයේ වන අතර මෙහිදී විධාන මතක තබා ගැනීමට අවශ්‍ය නොවන අතර එම විධාන කුඩා රූපමය ආකාරයෙන් පරීශීලකයාට ලබා දී ඇත. මෙවැනි අතුරු මුහුණත් පාදක කරගත් මෙහෙයුම් පද්ධතිවල කවුළු(windows), අයිකන(Icons), මෙනු(Menus) සහ දක්වනය(Pointer) දැකිය හැකිය.
චිත්‍රක පරිශීලක අතුරු මුහුණත, 1984 වර්ෂයේදී ඇපල් මැකින්ටොෂ් පරිගණකය සඳහා  මුලින්ම හඳුන්වා දෙන ලදී.
           උදා:- Windows, උබුන්ටු(Ubuntu), ‍‍ෆෙඩෝරා (Fedora), Mac S

  • උපුටා ගැනීම :- en.wikipedia.org/wiki/Operating_system  සහ පොත පත ඇසුරිනි.
සැකසුම : -
ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී,බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය

3 comments:

Post a Comment