December 30, 2014

අඹ ගැන දැන ගත යුතු දේ

මිහිරි පළතුරක් වන අඹ  බාල මහΩ තරුණ කා අතරත් ඉතා ඡනප්‍රිය පළතුරකි. අඹ  ප්‍රනීත රසයකික්  යුක්ත වන අතර ‍ කෙදි සහිත මාංශලමය මදයක් සහ ඇටයකින් යුක්ත වේ. Mangifera indica යන විද්‍යාත්මක නමින් හදුන්වන අඹ ලෝකයේ ඝර්ම කලාපීය රටවල වැවෙන අතර විශේෂයෙන් දකුණු සහ දකුණු සියාතික රටවල බහුලව  වැවේ.  විශේෂ 1000 කට වඩා ඇති බව හදුනා ගෙන ඇත. අඹ කැල්සියම්, විටමින් ඒ, විටමින් සී, ප්‍රතිඔක්සිකාරක සහ පොටෑසියම් බහුල පළතුරකි.

ඉතාම ප්‍රනීත රසයෙන් යුක්තවන අඹ අනුභව කරණ බොහෝ දෙනෙකු එහි පෝෂණය සහ ඖෂධීය වටිනාකම් ගැන දැනුවත් වී නොමැත. ˝පළතුරු රඡු˝ ලෙස විරුධාවලිය ලැබ සිටින අඹ ඔබ නිතර අනුභවයෙන් නීරෝගිමති සෞඛ්‍ය සම්පන්න ඡීවිතයකට උරුමකම් කීමට හැකි වනු ඇත. එලෙසම අඹවල ඇති යම් යම් ආසාත්මිකතාවයන් ගැනද දැන සිටිය යුතුවේ.
ලෝකයේ වෙනත් පළතුරු හා සැසැදීමේදී අඹ නැවුම්ව බහුලව ආරාරයට ගන්නා පළතුරකි. අඹ වසර 4000 කටත් වඩා පැරණ බව සොයා ගෙන ඇති අතර කඡු සහ පිෂ්ටාෂියෝ (Pistachio) ශාක වලට ඡීව විද්‍යාත්මකව සමීප බවක් දක්වන  බව සොයා ගෙන ඇත. ප්‍රථමයෙන්ම හිමාල අඩවියෙන් යොයා ගෙන ඇති අඹ ගස දැනට ඉන්දියාවේ බහුලව වගා කරණ අතර ˝ස‍පේඩා˝ (Safeda) යනුවෙන් හදුන්වනු ලැබේ.

කපන ලද අඹ කෝප්පයක එනම් ග්‍රෑම් 225 ක  ඇති පෝෂණීය  අගයන් පහත පරිදි වේ.
කැලරි (Calories)-105
විටමින් සී(Vitamin C) - 76%
විටමින් ඒ(Vitamin A) -25%
විටමින් බී(හය) සහ අනෙකුත් බී විටමින(Vitamin B )- 11%
තන්තු සහ කෙදි ( Fibers) - 9%
තඹ(Copper) – 9%
පොටෑසියම්( Potassium) – 7%
මැග්නීසියම් (Magnesium) – 4%
v  පර්යේෂණවලට අනුව  අඹවල බහුලව ප්‍රතිඔක්සිකාරක සංයෝග  බහුලව අඩංගු වන අතර අඹ අනුභවය කිරීම නිසා මහබඩවැලේ, පියයුරුවල, වෘෂණකෝෂ වල පිලිකා ඇතිවීමෙන් සහ ලියුකේමියාව සෑදීමෙන් ආරක්ෂා විය හැකිය (Prevent Cancer). මේ සහා අඹවල ඇති ප්‍රතිඔක්සිකාරක සංයෝග වන ක්වරසටීන්(Quercetin) , අයිසෝ ක්වර්සටීන් (Iso Quercetin), ඇස්ට්‍රාගලින් (Astragalin),ිසෙටීන් (Fisetine) ගාලික් අම්ලය(Garlic acid ), මීතයිල් ගැලට්(Methyl gallat) සහ   එන්සයිම වර්ග උපකාරී වේ.

v  තන්තු ඉහල ප්‍රතිශතයක් අඩංගු වීම සහ විටමින් සී  සහ පෙක්ටීන්(Pectin) බහුලව අන්තර්ගත වීම නිසා රුධිරයේ සීරම් වල ඇති කොලෙස්ටරෝල්(Serum cholesterol) මට්ටම අඩු කරණ අතර විශේෂයෙන්ම ශරීරයට අහිතකර අඩු ඝනත්වය සහිත මේදයන්(Low density lipoprotin) අඩු කිරීමට උපකාරී වේ.

v අඹවලට මුහුනේ ඇති සිදුරැවල ඇති කුණු හා කුරුලෑවල ඇති තෙල් කුණු ඉවත් කිරීමේ හැකියාව ඇත. එම නිසා කුරුලෑවලින් මිදීමට හැකිය. එලෙසම අඹවල ඇති බීටා කැරොටීන් ශරීරය මගින් විටමින් සී විටමින් ඒ බවට පත් කරණ අතර එමගින් හානි වූ සහ යථා තත්වයට පත් කිරීම මෙන්ම පැහැපත් කිරීමද සිදු කරණු ලැබේ.
v අඹවල ඇති ටාටරික් අම්ලය මැලික් අම්ලය සහ සිට්ට්‍රික් අම්ලය නිසා ශරීරයේ ආම්ලිකතාවය සමබරව පවත්වා ගැනීමට උපකාරීවේ.
v කපන ලද අඹ කෝප්ප එකක් අනුභවය මගින් දිනකට අවශ්‍ය වන විටමින් ඒ අවශයතාවයෙන් 25% ලැබෙන අතර එය හොද දෑස් පෙනීමකට  සහ රාත්‍රි අන්ධතාවයෙන් වැලකීමටත් ඇස් වියලීමෙන් ආරක්ෂා වීමටත් උපකාරීවේ.
v අඹ කොල සහ දලු රැධිරයේ ඉන්සියුලීන් මට්ටම සාමාන්‍ය ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ. අතීතයේදී මිනිසුන් අඹ දලු උනු ඡලය සමග රාත්‍රියේ නටවා උදෑසන පෙරා පානය  ඇත. එලෙසම ඉදුන අඹවල සීනි ප්‍රතිශතය 41 -60% වන අතර එය සාපේක්ෂව අඩු මට්ටමක් බැවින් අඹ අනුභවය ශරීර සීනි මට්ටම ඉහළ දැමීමට එතරම් බල නොපායි.
v  අඹ යනු විටමින් ඊ බහුලව ලබා දෙන පළතුරක්වන අතර මීයන් ඇසුරින් කරණ ලද පර්යේෂණ වලට අනුව අඹ ලිංගික උත්තේඡනය සහා හොද මාධ්‍යයක් බව සොයාගෙන ඇත.
v වදුරන් හා රිලවුන් අඹ ඇට ආහාරයට ගන්නා අතර  එමගින් ඔවුන්ට ගසින් ගසට පැනීමට ශක්තිය ගබා ගැනීමට උපකාරි වන බව ආයුරවේද වෛද්‍යවරු  ප්‍රකාශ කරති.
එලෙසම සමහරු අඹවලට ආසාත්මිකතා පෙන්වන අතර මෙය අඹවල ඇත් ඇනකාර්ඩික් අම්ලය(Anacardic Acid) වල ප්‍රතික්‍රියාව නිසා සිදුවේ. එලෙසම අඹ පොත්තේ සහ යුෂයේ ඇති අර්සියොට් අම්ලය(Urushiot acid)  විෂ සහිත වන අතර  සමහර අය ආසාත්මිකතා පෙන්වයි. එලෙසම සමහර වෙළෙදුන් හොදින් පැසීමට පෙර අඹ කඩා ගන්නා අතර ඉදවීම සහා කැල්සියම් කාබයිට් යොදා ගැනීමද ගැටලුවක්. එය බරපතල සෞඛ්‍ය ගැටවක් වන අතර කෑමට පෙර හොදින් සෝදා ගැනීම ඉතා වැදගත්ය.

Source:- www.positivemed              www.sciencealerts.com
          Nayana Wijeratne -STO, Yatinuwara

0 comments:

Post a Comment