December 20, 2014

අධික තරබාරුවෙන් මිදීමට ආහාර වේලට වැඩිපුර තන්තු අඩංගු ආහාර


වර්ථමානයේ අධික තරබාරුව අඩු කිරීමට අඩු මේද ප්‍රමාණයක් හෝ සීනි ප්‍රමාණයක් පරිභෝජනය කිරීමට වඩා වැඩි ප්‍රමාණයක් තන්තු අඩංගු ආහාර ආහාරයට ගැනීම වඩාත් ප්‍රතිථලදායක බව අනාවරණය වී තිබේ. මෙහි දී ඔනෑම වර්ගයක තන්තු ආහාරයට ගැනීම නොව පැසීමට බදුන් විය හැකි තන්තු පරිභෝජනය කිරීම වඩා සාර්ථක බව නිරීක්ෂණය කර තිබේ.

අන්ත්‍රයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් මගින් මෙම තන්තු බිද හෙලීම සිදුවේ. මෙම ක්ෂුද්‍ර ජීවීන් මගින් තන්තු බිද හෙලන විට ඔවුන් විසින් මොලය වෙත යම් රසායනිකයක් නිදස් කරනු ලැබේ. මෙමගින් ආහාර රුචය අඩු කිරීම සිදුවේ.

තරබාරු පුද්ගලයන් වැඩිපුර නැඹුරුවක් දක්වනුයේ තන්තු අඩු ආහාර ගැනීමට බව විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන තිබේ. යම් තරමක් දුරකට මෙහි සත්‍යතාවයක් තිබෙනු පෙනී යයි. පැසීමකට ලක්කල හැකි තන්තු- අන්ත්‍රෙය් වෙසෙන ක්ෂුද්‍ර ජීවීන් මගින් බිදහෙලනු ලබන තන්තු මගින්   තරමක් දුරට ආහාර ලබාගන්නා විට උදරයේ පිරුණු ස්වභාවයක් ඇති බවට (makes people feel full) එනම් ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක්බාගෙන ඇති බවට මිනිසුන්ට හැගීමක් ඇතිවීමට ක්‍රියා කරයි. මෙවැනි තන්තු පලතුරු,එලවලු හා ඔට් බාර්ලි වැනි ධාන්‍ය වර්ග වල අඩංගු වේ.

Garry Frost ට අනුව අවුරුදු සිය දහස් ගණනකට පෙර විසූ අපේ ආදිතමයන් දිනපතා ග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණයක් පැසීමට බදුන් විය හැකි තන්තු ආහාරයට ගත් බව පවසයි.
Garry Frost යනු ආහාරඥයෙක් වන අතර මෙම අලුත් අධ්‍යයනය මෙහෙයවනු ලබන්නේ ද ඔහු විසිනි.
වර්ථමානයේ මිනිසුන් ගේ ආහාර රටාව බොහෝ වෙනස් වී තිබේ. වර්ථමානයේ අප පරිභෝජනය කරනුයේ එක් දිනක දී තන්තු ග්‍රෑම් 10-20 ක් පමණ ප්‍රමාණයක්ණකි. මෙම නත්තු වලින් බොහොයක්ම ලැබෙනුයේ Whole grain හා තිරිගු හා ඉරිගු වැනි ධාන්‍ය වර්ග වලිනි. Garry Frost සදහන් කරන අන්දමට මෙම තන්තු අන්ත්‍රයේ දී බිද වැටීමකට ලක් නොවේ.

වර්ථමානයේ ආහාර වේල් ඉතා පහසු ආකාරයට සකසන  snacks and frozen dinners වේ. මේවා අධික සීනි සහ තෙල් වලින් යුක්ත වේ. මේවා තරබාරුවට ගැලපෙන ආහාර වට්ටෝරු වේ.පැසීමකට ලක්විය හැකි තන්තු ආහාරයට ගැනීමෙන් අධික බර හෝ ස්ථුල තත්වයට පත්වීමට ඇති හැකියාව අඩු කරයි. නමුත් ඇත්ත වශයෙන්ම තන්තු විසින් මෙම තත්වය ඇතිකරනුයේ කෙසේ ද යන්න තවමත් අපහැදිලිය.

මෙම නව අධ්‍යනයේ දී පර්යේෂකයන් විසින් පර්යේෂණාගාර මියන් කාංඩයකට අධික මේදය සහිත ආහාර ලබා දුනි. මෙම ආහාර පැසීමට ලක්විය හැකි තන්තු වලින් ද පරිපූර්න විය. අනිත් කාංඩයට අධික මේදය සහිත ආහාර වේලක් ලබාදුන් අතර ඔවුන්ට ඉහත කාංඩයට ලබදුන් තන්තු සහිත ආහාර ලබා නොදෙන ලදි. සති 8 කට පසු පලමු කාංඩයේ බර අඩුවීමක් දක්නට ලැබුන අතර ඔවුන් දෙවනි කාංඩයේ මීයන්ට වඩා අඩු ආහාර ප්‍රමාණයක් පරිභෝජනය කරන බව නිරීක්ෂණය කරන ලදි.

මීලගට විද්‍යාඥයන්  විසින් ඇසිටික් අම්ලය  නමැති රසායනික ද්‍රව්‍ය යේ ක්‍රියාකාරීත්වය පිළිබදව සොයා බලන ලදි. ඇසිටේට් යනු අන්ත්‍රෙය් සිටින ක්ෂ්‍රද්‍ර ජීවීන් විසින් සීනි සහ පිෂ්ඨය බිද හෙලීමේ ක්‍රියාවලියේ දී නිපදවෙන සුලබ අතුරුඵලයක් වේ.මෙම රසායනික ද්‍රව්‍ය ශරීර බර කෙරෙහි ක්‍රියාකරනුයේ කෙසේද යන්න පිළිබද අධ්‍යයනය කිරීම සදහා විද්‍යාඥයන් විසින් මීයන්ට ඇසිටේට් එන්නත් කරන ලදි. නමුත් ප්‍රථමයෙන්ම ඔවුන් කාබන් - 11 සමස්ථානිකය මගින් ඇසිටේට් ලේබල් කරන ලදි. මෙම විකිරණශීලී කාබන් පරමාණුවේ නියුට්‍රෝන 5 ක් පමණක් අඩංගු වේ. (සාමාන්‍යයෙන් පරමාණූ 06 ක් අඩංගු විය යුතුය) මෙම කාබන් පරමාණුවේ පවතින විකිරණශීලී බව හේතුවෙන් එය තිබෙන ස්ථානය සොයා ගැනීමට විද්‍යාඥයන්ට ඉඩ සැලසේ. මෙම කටයුත්ත ඉටුකර ගැනීම සදහා විද්‍යාඥයන් විසින් එක් එක් මීයන් PET Scanner යන්ත්‍රයක් තුලට දමනු ලැබේ. මෙම ක්‍රමය මගින් ඇසිටේට් අණුව තිබෙන ස්ථානය පිළිබද ත්‍රිමාන රූපයක් ලබාදෙනු ලැබේ.

මෙම ඇසිටේට් අණු රුධිරය ඔස්සේ මීයන්ගේ මොළය තුලට ගමන් කරනු ලැබේ. මෙම අණු මොළයේ තිබෙන ආහාර රුචිය පාලනය කරන හයිපොතැලමසය නම් පෙදෙසෙහි එකතු වීම සිදුවනු ලැබේ. හෝමෝන නිදහස් කිරීම මගින් මොළයේ මෙම කොටසට බඩගිනි දැනීම නවතා දැමිය හැකි අතරම කුස පිරුණු බවක් දැනීම  (A feeling of fullness) ප්‍රවර්ධනය කරනු ලැබේ.

ඇසිටේට් එන්නත් කරන ලද මීයන් විසින් ඇසිටේට් එන්නත් නොකරන ලද මීයන්ට වඩා අඩු ආහාර ප්‍රමාණයක් ආහාරයට ගනු මෙහිදී ඉතා හොදින් පැහැදිලි විය. මින් අනතුරුව පර්යේෂකයන් විසින් පැසීමට බදුන් විය හැකි තන්තු, කාබන් 13 සමස්ථානිකය මගින් ලේබල් කරන ලදි. මෙම විකිරණශීලී නොවන කාබන් සමස්ථානිකය සතුව අමතර නියුට්‍රෝනයක් පවතින අතර මෙම නියුට්‍රෝනය මගින් මෙම පරමාණුවේ න්‍යෂ්ඨිය කරකැවීමකට (spin) භාජනය කරයි. මෙම කරකැවීම මගින් ශරීරය තුල මෙහි චලනයවීම පහසුවෙන් හදුනාගැනීමට පර්යේෂකයන්ට හැකියාව ලැබේ. කලින් සදහන් කරන ලද ආකාරයට ලේබල් කරන ලද ආහාර මීයන්ට ලබාදීමෙන් පසු මෙම මීයන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබදව පර්යේෂකයන් විසින් පරීක්ෂා කරන ලදි. ආහාර මාර්ග පද්ධතියේ වෙසෙන ක්ෂුද්‍ර ජීවීන් මගින් තන්තු, ඇසිටේට් බවට බිද හෙලීම සිදුකරන ලදි. නැවතද මෙම ලේබල් කරන ලද ඇසිටේට් මොළයේ හයිපොතැලමසය වෙත ගමන් කර එහි එකතු වන ලදි. Frost නමැති විද්‍යාඥයාට අනුව තන්තු ජීරණයේ දී හෝ බිද හෙලීමේ දී නිදහස් වනු ලබන රසායනික ආහාර රුචිය පාලනය කිරීමට මොළය මත ක්‍රියාකරනු ලබන බවට පැහැදිලි සාක්ෂියක් වේ.

ආහාර පරිභෝජනය අඩුකර ගැනීම සදහා පාරිශුද්ධ ඇසිටේට් අණු මිනිසා විසින් ආහාරයට ගැනිම ආරම්භ කල යුතුද යන පැනයට පිළිතුරු දෙමින්  Frost පවසනුයේ එය පැහැදිලිවම නොකලයුතු ක්‍රියාවක් බවය. ඔහු පවසන පරිදි බර අඩුකර ගැනීම සදහා ගතහැකි හොදම ක්‍රියාමාර්ගය වනුයේ ස්වාභාවිකව තන්තු වැඩිපුර ලැබෙන ආහාර අනුභව කිරිම ගත යුතු හොදම ක්‍රියා මාර්ගය බවයි. මෙහි තේරුම පැසිමට බදුන් විය හැකි තන්තු අඩංගු ආහාර වැඩි ප්‍රමාණයක් අනුභව කල යුතු බවයි.

 එමනිසා පැසීමට බදුන් විය හැකි තන්තු අඩංගු පලතුරු හා එළවලු ආහාරයට ගෙන ශරීර බර අඩුකර ගැනීමට ඔබත් අදම සිහියට ගන්න!

උපුටා ගැනීම : http://www.worldhealth.net 

1 comments:

වටිනා ලිපියක්......... අලුත් දැනුමක් ලබා ගත්තා.... තුති

Post a Comment