December 31, 2014

චුම්බක අනුනාද මුර්තනය

Magnetic Resonance Imaging (MRIp), Nuclear Magnetic Resonance Imaging (NMRI), Magnetic Resonance Tomography (MRT) යනුවෙන් හදුන්වනු ලබන්නේ වෛද්‍ය විද්‍යාවේදී ශරීරයේ විවිධ කොටස් (Anatomy) හි මෙන්ම කායික විද්‍යාවේදී (Physiology) රෝග විනිශ්චය සහා සවිස්තරාත්මක වෛද්‍යමය ප්‍රතිරෑප (Image) ලබා ගැනීම සහා භාවිතා කරනු ලබන තාක්ෂණයකි. MRI Scanners හි ක්‍රියාකාරීත්වය සහා ඉතා ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයන් සහ රේඩියෝ තරංග භාවිතා වේ. මෙම තාක්ෂණය බොහෝවිට අරෝග්‍යාශාලා වල දී භාවිතා කරන අතර අයනීකෘත විකිරණයන් (X ray වැනි ) භාවිතා නොකර රෝග විනිශ්චය කටයුතු කිරීම සහා භාවිතා කරනු ලැබේ.
අයනීකෘත විකිරණයන් (Ionized Radiation)  භාවිතා නොකරන බැවින් විවිධ අයහපත් බලපෑමකින් තොරව රෝග විනිශ්චය සහා භාවිතා කළ හැකි බැවින් මෙය CT (X ray Computed Tomography) වඩා හිතකර තාක්ෂණයක් ලෙස සැලකේ. 
MRI භාවිතා කර රෝග චිකිත්සාවන් කිරීම සහා ලෝකයේ විවිධ අංශ වලදී භාවිතා කිරීම් සිදු කරයි. විශේයෙන් අඝාත (Strokes) තත්ව, ස්නායුගත පිළිකා සහ වෙනත් ස්නායුගත ආබාධ( Spinal cord Injuries) ෂුෂුම්නා ආබාධ,  tumers, aneurysms , අක්ෂි සහ අභ්‍යන්තර කන් ආබාධ යනාධිය සොයා ගැනීමටත්, මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය සහ එහි ව්‍යුහය පිළිබව අවබෝධය ලබා ගැනීමට ත් MRI මගින් හැකියාව ඇත.

මනුෂ්‍ය ශරීරයේ බහුලව හමු වන්නේ ජල අණුය. මෙම ජල (H2O) අණු වල ඇති හයිඩ්‍රජන් ප්‍රෝටෝන Hydrogen Nuclei (protons) චුම්භක ක්ෂේත්‍රයේදී චලනය වේ. MRI Scanner මගින් ඉතා ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් සැපයූ විට (about 0.2 to 3 teslas) ප්‍රෝටෝන එකට පෙළ (Aligned) ගැසී චලනය (අනුධ්වනිය වීමට- Resonance) වීමට පටන් ගනී. Scanner යන්ත්‍රය මගින්ද රේඩියෝ තරංග නිෂ්පාදනය කරන අතර වෙනස් වන චුම්භක ක්ෂේත්‍ර ඇතිවේ. ප්‍රෝටෝන මගින් මෙම වෙනස් වන චුම්භක ක්ෂේත්‍ර ශක්තිය උරා ගෙන චලනය වීමට පටන් ගනී. චුම්භක ක්ෂේත්‍රය සැපයීම නැවතූ විට චලනය වීම නවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිකුත් වන රේඩියෝ තරංග Scanner යන්ත්‍රය මගින් හුනාගෙන ප්‍රතිරෑපයක් ලබා දේ. ශරීරයේ විවිධ පටක වල ඇති ප්‍රෝටෝන මගින් විවිධ වේග වලින් චලනය වන අතර මෙම පටක Scanner යන්ත්‍රය මගින් හුනා ගත හැක. මෙම ශරීර ව්‍යුහයේ ප්‍රතිරෑප ත්‍රිමාණකරණය සහා අමතර චුම්භක ක්ෂේත්‍රයක් ද භාවිතා කරනු ලැබේ. 

MRI Scan ක්‍රම විධි ආකාර කිහිපයක්ම ඇත. diffusion MRI සහ functional MRI (fMRI) යනු එම ආකාර අතරින් බහුලව භාවිතා කරන ක්‍රම කිහිපයකි.

diffusion MRI - මෙම ක්‍රමය මගින් ශරීරයේ පටක වල ජල අණු විසරණය (Diffusion) වී ඇති ආකාරය හුනාගත හැක. stroke හෝ tumor වැනි රෝග විනිශ්චය මෙමගින් කළ හැක. ස්නායු තුළ අණු පිහිටීමද විනිශ්චය කළ හැක.

functional MRI (fMRI) - සවිස්තරාත්මකව ව්‍යුහයන් පිළිබව දැන ගැනීම සහා විශේෂයෙන් මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබව ප්‍රතිරෑප ලබා ගැනීමට මෙම functional MRI ආකාරය යොදා ගැනේ. මොළයේ විවිධ කොටස්වල ලේ ගමන් කරන ආකාරය වෙනස් වීම පිළිබව හුනාගත හැක.
උපුටා ගැනීම්

http://www.livescience.com/39074-what-is-an-mri.html
http://en.wikipedia.org/wiki/Magnetic_resonance_imaging
 

0 comments:

Post a Comment