December 29, 2014

බිටුමන් (Bitumen)

ඉංග්‍රීසින් විසින් මෙරටට මැකඩම් මාර්ග හුන්වා දුන් කාලයේ සිට තාර (Tar) යනු මොනවාදැයි ශ්‍රී ලංකා වාසීහු හුනති. මෙසේ භාවිත කළ තාර දෙවර්ගයක් තිබුණි. පළමුවැන්න ගල් අුරු වැනි ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ගන්නා තාර වන අතර දෙවැන්න බොර තෙල් පිරිපහදු කිරීමෙන් ලබා ගනී. මෙම දෙවර්ගයම බිටුමන් වේ. මෙම තාර  දෙවර්ගයම සමාන පෙනුමක් ඇති අතර සමාන කාර්යයන් සහා ප්‍රයෝජනයට ගැනේ. ගල් අුරු වලින් නිෂ්පාදනය කරන තාර ගන්ධයකින් යුක්තය. තවද යම් යම් දේවල් දහනය කිරීමේදී ඉතිරි වන ඇලෙනසුළු හයිඩ්‍රොකාබන් ද්‍රව්‍යද තාර වශයෙන් හැින්වේ. උදාහරණයක් වශයෙන් සිගරට් වල පවා එක්තරා ප්‍රතිශතයක් තාර තිබේ.
බොරතෙල් පිරිපහදු කිරීමේදී ඉතිරි වන මණ්ඩි බැරල් වල පුරවා වෙළ පොළට නිකුත් කෙරේ. අප මෙම බැරල් වලට තාර බැරල් යැයි කීමට පුරුදුව සිටිමු. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෙම නම් කිරීම් වෙනස් වෙමින් පවතී. නූතන ඉංජිනේරු භාවිතයේදී මෙම මණ්ඩි වලට ඇෂ්ෆෝල්ටික් බිටුමන් (Asphaltic Bitumen) හා ඇෂ්ෆෝල්ටික් බයින්ඩර් (Asphaltic Binder) කියාද හැින්වේ. ඇෂ්ෆෝල්ටික් බිටුමන් ස්වාභාවිකවද පවතී.

බොරතෙල් වලින් නොයෙක් පෙට්ට්‍රොලියම් නිෂ්පාදන වෙන් කිරීම සාමාන්‍යයෙන් පිරිපහදුවකදී සිදු කරනු ලැබේ.
මේ සහා ආංශික ආසවන (Fractional Distillation) ක්‍රමය භාවිතා කරනු ලැබේ. පිරිපහදුවට බොරතෙල් ඇතුල් කොට උෂ්ණත්වය යෙදීමේදී එක් එක් උෂ්ණත්ව වලදී එක් එක් නිෂ්පාදන නිදහස් වේ. මෙම නිදහස් වන ගෑස් වර්ග වෙන් කරගෙන සිසිල් කිරීම තුලින් ගැසොලින්, ගුවන් යානා තෙල්, නැප්තා, කෙරසීන් හෙවත් භූමිතෙල්, ඩීසල්, හෙවි ඩීසල්, දැවිතෙල් (Furnace oil) ආදිය වෙන්වූ පසු ඉතිරිවන මණ්ඩි (Residuum) බිටුමන් නම් වේ. මෙය ඇෂ්ෆෝල්ටික් බයින්ඩර් යනුවෙන් නම් කෙරේ.

මෙසේ ඉතිරිවන මණ්ඩිවල තවදුරටත් ඉතිරිවන වැඩි උෂ්ණත්ව වලදී නිදහස් වන හයිඩ්‍රොකාබන වෙන් කොට ලිහිසි තෙල් (Lubes) වශයෙන් පාවිච්චි කරනු ලැබේ. අන්තිමට ඉතුරුවන බිටුමන් මහාමාර්ග නිර්මාණය, ගුවන්පථ නිර්මාණය හා ඇෂ්ෆෝල්ට් කොන්ක්‍රීට් මිශ්‍රණ නිෂ්පාදනය වෙනුවෙන් යොදා ගනු ලැබේ.


මීට අමතරව මෙසේ ඉතිරිවන බිටුමන් උපයෝගී කරගෙන පහසුවෙන් පාවිච්චි කළ හැකි අන්දමට සකස් කළ බිටුමන් නිෂ්පාදන වෙළපොළේ දක්නට ලැබේ. 
  • කට්බෑක් මිශ්‍රණ (Cut Back) - බිටුමන් නැවත වාෂ්පශීලි නැප්තා සහ භූමිතෙල් වැනි දෙයක් සම මිශ්‍ර කර නිෂ්පාදනය කරනු ලැබේ. මේවා මාර්ග නිර්මාණයේදී යොදා ගනු ලැබේ.
  • ඉමල්ෂන් මිශ්‍රණ - බිටුමන් සාමාන්‍ය තත්ත්ව යටතේ ජලයේ දිය කළ නොහැක. ඉතා කුඩා බිිති වලට කඩනු ලබන බිටුමන් රත් වූ ජලයේ මිශ්‍ර කරනුයේ ස්ටියරේට්( Stearate )  එකක් එනම් Soap Water (සබන් වතුර) හා තවත් ඉමල්ෂි කාරකයක් (Emulsifying Agent) උපයෝගී කර ගනිමිනි. මේවාද මහා මාර්ග වැඩවලටත් වෙනත් කාර්යයන් සහාත් භාවිතා කරනු ලැබේ. 

 සකස් කළේ. 
ඩී.එස්.උඩහේන්තැන්න
Images
http://www.thegreenage.co.uk/the-true-cost-of-oil/ 
http://oil-distillation.blogspot.com/

0 comments:

Post a Comment