December 22, 2014

ග්ලුකෝස්

සාමාන්‍ය ව්‍යවහාරයේදී ලේවල සීනි ලෙස හැදින්වෙන ද්‍රව්‍ය ග්ලූකෝස්ය. මෙය ස්වයං පෝෂී හරිත ශාක මගින් ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලයේදී නිපදවෙන මූලික ඵලය වේ.
විද්‍යාත්මකව ග්ලූකෝස් කාබෝහයිඩ්රේටයක් වන අතර ඒ අනුව එය සෑදී ඇත්තේ C,H,O යන මූලද්‍රව්‍ය තුනෙනි. එය මොනොසැකරයිඩයක් වන අතර  පරමාණු 6කින් සමන්විත හෙක්සෝසයකි. එහි රසායනික සූත්‍රය
C6H12O6වන අතර ව්‍යුහය
 වේ.
කිසියම් ආහාරයක ග්ලූකෝස් ඇත්දැයි පරීක්ෂා කිරිමට බෙනඩික් පරීක්ෂාව යොදා ගනී. මෙහිදී එම ආහාරයේ ජලීය නිස්සාරකයක් බෙනඩික් ද්‍රාවනයක් යොදා ජලතාපකයක් මගින් ‍රත් කරනු ලැබේ.එහිදී එම ආහාරයේ ග්ලූකෝස් තිබුණහොත්  වර්ණ විපර්යාස කිහිපයක් සිදු වී අවසානයේ ගඩොල් රතු අවක්ශේපයක් ලැබේ.
නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ රුධිරය 100ml ක ග්ලූකෝස් 80mg-110mgක් පමණ අඩංගු විය යුතුය. රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වූ විට අග්න්‍යාශයේ ලැන්ගැහැන්දීපිකා ß සෛලවලින් ශ්‍රාවය වන ඉන්සියුලීන් හෝමෝනය මගින් වැඩිපුර ඇති ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත්කර දේහයේ ගබඩා කරයි. දියවැඩියාව රෝගී අවස්ථාවේදී  මෙම   ඉන්සියුලීන් හෝමෝනය නිසි ලෙස ශ්‍රාවය නොවීම නිසා රුධිරගත ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩිවේ.නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රවල ග්ලූකෝස් අඩංගු නොවුනද දියවැඩියාව රෝගියෙකුගේ මුත්‍රවල ග්ලූකෝස් අඩංගු වේ. එබැවින් දියවැඩියාව රෝගය ඇත්දැයි සැක කරන්නෙකුට නිවසේදීම මුත්‍ර සාම්පලයක් ලබා ගෙන එය පරීක්ෂණ නළයකට දමා බෙන්ඩික් ද්‍රාවණය යොදා (නිල් පැහැත් ද්‍රාවණයක් වන අතර ඹෟෂධහල්වලින් ලබා ගත හැකියි.) රත්කර බෙනඩික් පරික්ෂණය සිදු කර ගඩොල් රතු අවක්ශේපයක් ලැබේ නම් ග්ලූකෝස් ඇති බව දැනගෙන ප්‍රතිකාර සදහා වෛද්‍යවරයෙකු වෙත යොමු විම කළ හැකිය.එහිදී ලැබෙන වර්ණය අනුව ග්ලූකෝස් ප්‍රමාණය පිළිබද අවබෝධයක්ද ලබා ගත හැකිය.
නිල්-ග්ලූකෝස් නැත.
කොල නම්-0.5%
කහ නම්-1%,
තැඹිලි නම්-1.5%
රතු නම්-2%


පී.ඩි.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී අඹන්ගගකෝරළේ

0 comments:

Post a Comment