December 24, 2014

අස්වැන්නෙන් උපරිම ඵල ලබමු.

 
එළවළු හා පලතුරු නිෂ්පාදනයේදී සිදුවන පසු අස්වනු නාස්තිය වර්තමානයේ අප මුහුණ දෙන ප්‍රබල අභියෝගයක් නිෂ්පාදනය කරනු ලබන එළවළු සහ පලතුරු වලින් 30-40%  ප්‍රමාණය අපතේ යාම මගින් මෙම  අභියෝගයෙහි තරම  කදිමට විද්‍යාමානවේ. මෙමගින් ගොවියාට  ලැබෙන ප්‍රතිලාභය අඩු වීම, පාරිභෝගිකයාට ඉහල මිලක් ගෙවීමට සිදුවීම සහ රටට ජාතික ධනය විශාල ලෙස අහිමි වීමද සිදු වෙනවා.
පසු අස්වනු නාස්තිය නිසා අපතේ යන ඵලදාව කෙරෙහි පෙර අස්වනු සායනද බෙහෙවින්ම බලපෑමක් ඇති කරනු ලබනවා. එබැවින් පෙර අස්වනු සායනද  වගා ලෙස පාලනය කර ගත යුතු  වෙනවා. විවිධ ප්‍රබේධ අනුව පෙර අස්වනු සායනද වෙනස් වෙනවා.
බොහොමයක් එලවලු වර්ග මේරීම නිසා නාස්තිය සිදුවෙනවා. බෝංචි, කරවිල, වම්බොටු, බණ්ඩක්කා, පතෝල, වම්බොටු, මාලු මිරිස් ආදිය මේරීමෙන් ප්‍රථම අස්වනු නෙලා ගත යුතු වෙනවා. මෙරීමේ උපරිම අවස්ථාව තෙක් අස්වැන්න නෙලීම පමා කල හොත් ඉදිමේ ක්‍රියාවලිය ඉතා ඉකමනින් නාස්තිවිම හේතුවෙන් වෙළදපල තුල රදවා ගත හැකි කාලය අඩු වී අපතේ යන ප්‍රමාණය ඉහල යාමය. මදක් ලපටි අවස්ථාවේ නෙලා ගැනීමේදී එම ක්‍රියාවලියට ගතවන කාලය අඩුවීම මෙන්ම නැවත වරක් වැඩි අස්වැන්නක්ද ලබා ගත හැකි වීම හේතුවෙන් ගොවියාටද ආර්ථිකමය වාසි අත්විමය. වට්ටක්කා  හා පුහුල් හොදින් මෙරීමෙන් පසුඅස්වනු නෙලා ගත යුතුය. රාබු, බිට් , නෝකෝල් නියමිත දින ගනනට පසු අස්වැන්න නෙලීමෙන් ගුණාත්මක බැවින් වැඩි සහ උසස් තත්වයෙන් යුත් අස්වැන්නක් ලබා ගැනීමට හැකිවේ. එමෙන්ම මෙම එළවළු වර්ගයන්හි  අස්වනු නෙලන විට ශාකපත්‍ර  නොකැඩෙන සේ ගලවා  අලවල මඩ ඉවත් කිරීම සදහා අල පමණක් ජලයෙන් සේදීම කල යුතු වෙයි.

ගොටුකොල, කන්කුන්, මුගුණුවැන්න, තම්පලා ආදී පලා වර්ගද මේරීමට ප්‍රථම අස්වැන්න නෙලා සේදීම මිටි බැද තෙතමනය ඉවත් නොවන සේ ගබඩා කර ප්‍රවාහනය කිරීම වැදගත්ය.
තක්කාලි අස්වනු නෙලීමේදී වඩාත් සුදුසු අවස්ථාව වනුයේ ගෙඩියෙහි රතු පැහැය 50% පමණ වන අවස්ථාවයි. එමෙන්ම නටුව ගෙඩියට සවි වී ඇති ලෙසට අස්වනු නෙලීම ඉතා වැදගත් නොඑසේනම් ඇතිවන තුවාලයෙහි තක්කාලි ගෙඩි කුණු වීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඉතා වැඩිය.

එළවළු ප්‍රවාහනයේදී  ගබඩා කර තැබීමේදී ඉදෙන තක්කාලි, අඹ, කෙසෙල්, අලිපේර, වැනි පලතුරු සමග ගබඩා කර තැබීම හෝ ප්‍රවාහනය කිරීම නොකළ යුතුය. මෙම පලතුරු වලින් එතලින් වායුව මිටවන අතර එතලින් වායුවේ බලපෑම එළවළු වලට ඉතා අහිතකරය. එමගින් එළවළු මේරීම ඉක්මන් වීම සහ ඉදීම හේතුකොට ගෙන විනාශ වන ප්‍රමාණය ඉතා ඉහල ප්‍රතිශතයක් ගනී.

පලතුරු අස්වනු නෙලීමේදී එම පලතුරු හොදින් මෙරී තිබීම ඉතාමත් වැදගත් වෙනවා. අඹ අස්වනු නෙලිම සදහා ගෙඩියෙහි උරහින් ඉදුණු ස්වභාවය , පොත්තේ දිලිසෙන ස්වභාවය නැති වී යාම නටුවෙන් කැඩුන විට කිරි ප්‍රමානය අඩුවීම,  ජලයේ ගිල්වූ විට පා වීම, මාංශලය කහ හෝ තැබිලි පැහැ ගැනීම, මාංශලයේ කෙදි වගාව වර්ධනය වීම වැනි සායන මගින් තීරණය කර ගත හැක.එමෙන්ම දිනයේ කිරි අඩු  වෙන් කාලය වන උදේ 10 සිට 3.00 දක්වා කාලයේදී ඵලදාව නෙලීම කල යුතු වෙයි.
ගස්ලබු වැනි පලතුරු ප්‍රවාහනයේදී සිදුවන හානි අවම කර ගැනීම සදහා යාන්තමින් ඉදීම ආරම්භවන විට ඵල නෙලීම කල යුතු වෙනවා.

එළවළු සහ පලතුරු ප්‍රවාහනයේදී සිදුරු සහිත ප්ලාස්ටික් කුඩ වල හෝ ලෑලි වලින් ඇසුරන විවර  සහිත පෙට්ටිවල අසුරා ප්‍රවාහනය කිරීමද පෙට්ටි අනවශ්‍ය තරම් විශාල නොවීමද ඉතා වැදගත්වන අතර එම බදුන් නිතර පිරිසිදු කිරීමටද වග බල ගත යුතුය.
එමෙන්ම ප්‍රවාහනය සදහා රාත්‍රී කාලය හෝ උදය කාලය යොදා ගැනීමෙන්  අධික ලෙස උෂ්ණත්වය ඉහල යාමෙන් ඇති වන හානියද අවම කර ගත  හැකි වෙනවා.


http://www.postharvest.org
http://www.extension.iastate.edu

0 comments:

Post a Comment