December 31, 2014

අනුමස්තිෂ්කයක් අහිමි තරුණිය

හිස කරකරකැවිල්ල  හා ඔක්කාරය පිලිබද පැමිණිලි කරමින් චීනයේ ෂඩන්ගෝ පලාතේ PLA මහ රෝහලට ඇතුලත් වූ කාන්තාවකගේ එම රෝගී තත්වයට හේතු  සොයා පරීක්ෂාවට භාජනය කළ රෝහලේ වෛද්‍යවරු මොළය හා සම්බන්ධ දුර්ලභ ගනයේ ව්‍යුහමය අසාමාන්‍ය තත්වයක් සොයා ගැනීමට සමත්ව සිටිති. CAT ස්කෑන් පරීක්ෂාවට යොමු කරන ලද ඇයගේ අනුමස්තිෂ්කය වඩා සරළ බසින් කුඩා මොළය කොටස නොමැති බව ද එය පිහිටිය යුතු ස්ථානයේ පවතින කුහරය මස්තිෂ්ක සුෂුම්නා තරලයෙන් පිරී පවතින බවත් සොයා ගැනීමට හැකිව ඇත.
මානව ව්‍යුහ විද්‍යාව (Human Anatomy) දී සාමාන්‍යෙයන් විස්තර කෙරෙන පරිදි මානව අනුමස්තිෂ්කය මොළයේ වම් හා දකුණු අර්ධ ගෝල (LR hemispheres ) වලට පහළින් කපාලය තුළ පිටුපසට වන්නට  පිහිටි බෙහෙවින් රැළි ගැසුණු පටක වලින් සමන්විත ව්‍යුහයක් වන අතර මොළයේ පරිමාවෙන් 10% අත්කර ගන්නා මුත් නියුරෝන (ස්නායු සෛල) වලින් 50% ට පිහිටීම අයත් කර ගෙන ඇත.
ශල්‍යකර්මයක දී හෝ උපතේ දී පුද්ගලයකුගේ මොළයේ කොටසක් අහිමිව යෑම එතරම්ම දුර්ලභ කරුණක් නොවුවත් සමිපූර්ණයෙන්ම අනුමස්තිෂ්කය අහිමිව දිවි ගෙවන මැය තවත් එවැනිම 09 දෙනෙකුගෙන් යුත් සුවිශේෂී අතලොස්සකගේ කණ්ඩායමට මැය ඇතුළත්ව සිටින්නීය. මෙම ආබාධය සහිත රෝගීන් ඉතා අඩු වයසින් මිය යන බැවින් එවැනි ආබාධ වල පසුකාලීන බලපෑම පිලිබද අධ්‍යනය අපහසු වී ඇත. ඒ අනුව බලන කළ මෙවැනි රෝගීන් පර්යේෂකයන්ට රෝගය හා එහි බලපෑම පිලිබද හැදෑරීම සදහා අතීශය වැදගත් බව පැහැදිලි වේ.

අනුමස්තිෂ්කය ක්‍රියාකාරීත්වය අපගේ ඇවිදීම වැනි සංකීර්ණ චලන හා ස්වයං සිද්ධි චලන වලටත් දේහයේ සමබරතාවය පවත්වා ගැනීමටත් වැදගත් වන අතර එහි ඇති වන ගැටලු සහගත තතත්ව හේතුවෙන් මානසික දුර්වලතා, ඇවිදීම හා චලන වල දුර්වලතාවලිප්පුව (epilepsy)  හා ස්‍රුඵ මට්ටමේ කථන දුර්වලතා වැනි ලක්ෂණ ඇති විය හැක.  කෙසේ වෙතත් මෙම කාන්තාව තුළ දක්නට තිබූ එම දුර්වලතා වෛද්‍යවරු අපේක්ෂා කළ මට්ටමට වඩා අඩු තත්වයක පැවති කියැවේ.

තව ද මෙම කාන්තාවගේ මොළයේ  ක්‍රියාකාරීත්වය හා හැසිරීම් රටාව අධ්‍යනය මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පිලිබද වඩාත් හොදින් අවබෝධ කර ගැනීමටත් හානි පූර්ණයට එය දක්වන සමත්කම පිලිබද විමර්ෂනයටත් බෙහෙවින් ප්‍රයෝජනවත් බව වෛද්‍ය පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

0 comments:

Post a Comment