December 27, 2014

සමාජය වෙනස් කිරීමට පරිසර හිතකාමී මෝටර් රථයක්


හයිබ්‍රිඩ් ජනප්‍රිය කිරීමට මූලිකත්වය ගත් ටොයෝටා මෝටර් රථ සමාගම දැන් හයඩ්‍රජන් වලින් ක්‍රියාකරන කාබන් විමෝචනය 0 ක් වූ වාහන මූලිකතැනට ගෙන එන සමාගම බවට පත්වීමට කටයුතු කරමින් සිටී.
ඉන්ධන කෝෂ වාහන කියන්නේ සාමාන්‍යයෙන් කාබන් සහිත ද්‍රව ඉන්ධන සහා වන එන්ජිම වෙනුවට ඉන්ධන කෝෂ භාවිතා කරන වාහන වර්ගයකි.ඉන්ධන කෝෂ තුලදී හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වායුව එකතුකර ඇතිවන රසායනික ප්‍රතික්‍රියාවලිය මගින් නිර්මාණය වන විදුලියෙන් වාහනයේ විදුලි මොටරය පනගැනවීම සිදුවේ.           
‘අපි අන්තිමට සමාජය වෙනස් කළ හැකි කාරයක් නිපදවූවා. යැයි ටොයෝටා සමාගමේ සභාපති ටකෙෂි උචියමදා පස පසුගියදා හයිඩ්‍රජන් ඉන්දන පිරවුම් ස්ථානයක් බැලීමට පැමිණි ජපන් අගමැතිතුමාට පවසාසියේය.                           

හයිඩ්‍රජන් රටේ ප්‍රධාන බලශක්ති ප්‍රබවය බවට පත්නිරීමට ජපන් අගමැති ෂින්සෝ අඛේ මහතාගෙ සංවර්ධන උපාය මාර්ගයක්  ද වන අතර වානේ සහ රසායනික කර්මාන්තශාලා වල අතුරු නිෂ්පාදනයක් ලෙස හයිඩ්‍රජන් වායුව විශාල වශයෙන් නිපදවීමක්  සිදුවේ.                                               මේ නවතම මෙටර් රථය යෙන් මිලියන 7 (ඇමරිකානු ඩොලර් 6750) පමන වනු ඇත.                                    වසර දහයකට පෙර ඉන්දන කෝෂ වාහනයක්  ඇස්තමේන්තුකර තිබුනේ යෙන් මිලියන 100 ක් පමණ මුදලකටය   එය හා සසඳනවිට අලුත් මිළ ඇත්තෙන්ම පුදුමයක්.   
අමුතෙල්  ආනයනය කරනවා වෙනුවට හයිඩ්‍රජන් සැපයීමේ යටිතල පහසුකම් පුලුල් කිරීමට සහ සංවර්ධනයට ආයෝජනය කළ හැකි බවට ටකේෂි උචියමදා ජපන් අගමැතිවරයාට යෝජනා කර  සිටියේය.ටොයොටා නවතම වාහනයද බලශක්ති ප්‍රශ්නවලට විසදුමක් වනු ඇත. ජපන් අගමැතිවරයා විසින් නවතම මෝටර් රථය විනාඩි දෙකක් පමණ පදවා බලන්නට යෙදුණි.එහි හයිඩ්‍රජන් බලයෙන් විදුලිය උපදවන යාන්ත්‍රික උපක්‍රමයද අගමැතිවරයාගේ පරික්ෂාවට ලක්විය.ඉන්ධන කෝෂ මෝටර්රථ දියුණු කිරීමට අනුග්‍රහ දැක්වීමට අගමැතිවරයා සහතික වී ඇත.ටොයොටා සමාගම මෝටර් රථයේ වියදම අඩු කිරීමට කටයුතු කර ඇත්තේ එහි යම් යම් උපාංග වර්ධනය කිරීම තුලිනි.හොන්ඩා මෝටර්ස්හි ඉන්දනකෝෂ වාහනය භාවිතා කරනුයේ විශේෂඥ සපයන්නෙකුගේ හයිඩ්‍රජන් ටැංකියකි.ටොයොටා ඔවුන්ගේම ටැංකියක් නිපදවා ඇත.700 ක් දක්වා පීඩන බාධාවකට ඔරොත්තු දිය හැකි තරම් ශක්තියක් ඇති ටැංකියක් නිර්මාණය කළ හැකි කාබන් තන්තු එතීමේ ක්‍රමයක් සමාගම සොයා ගෙන තිබේ.ඒ වගේම විදුලිය උපදවන යාන්ත්‍රික උපක්‍රමයේ අඩුක්කිරීම තුළ භාවිතා කරන ප්ලැටිනම් ප්‍රමාණය අඩුකර ගැනීමට හැකි ක්‍රමයක් ද සොයා ගෙන ඇත.ටොයොටා වාහනයේ අඩුක්කිරීමේ ආකෘතිය කාර්යක්ෂම රසායනික ප්‍රතික්‍රියාවක් සදහා පහසුකම් සලසා දෙන අතරම තොග වශයෙන් නිපදවීමේදී ඉක්මනින් ද්‍රව්‍ය පිළියෙල කර ගැනීමේ හැකියාවෙන් යුක්තය.                                                                                       

 උපුටා ගැනීම : www.toyoto.com/fuelcel
පාලිත නයනකුමාර 
විදාතා මතුගම 

0 comments:

Post a Comment