December 19, 2014

විද්‍යුත් චුම්භක තරංග හා එහි භාවිතය

සුර්යාගේ සිට සංඛ්‍යාතය විශාල පරාසයක වු තරංග රාශියක් පෘතුවියට ලැබෙන අතර ඒවා විද්‍යුත් චුම්බක තරංග ලෙස හැදින්වේ. සංඛාතය අඩු තරංග රේඩියෝ තරංග වල සිට ඉහල සංඛාතයක් ගැමාකිරණ දක්වා විද්‍යුත් චුම්බක වර්ණාවලිය විහිදෙයි. එහි තරංග ආයාමය  කිලෝමීටර් දහස් ගණනක් වන තරංග වල සිට පරමාණුවකටත් වඩා කුඩා තරංග ආයාමයක් ඇති තරංග ඇත.


මෙම වර්ණ වලියේ කොස්මික් කිරණ හැරුණු විට අනෙකුත් සියලුම කිරණ නුතන ලෝකයේ පැවැත්මට අත්‍යවශය. පාරජම්බුල කිරණ මිනිස් සිරුරට අහිතකර වුවත් එමගින් ලැබෙන ප්‍රයෝජන රාශියකි. වෛද්‍ය විද්‍යාවේදී ලෙඩ රෝග හදුනා ගැනීම සදහා එක්ස් කිරණ භාවිතය සහ ගැමා කිරණ භාවිතය ඉංජිනේරු විද්‍යාවේදී ඉදිකිරීම් කටයුතු වලදී සිදුවන නිරවද්‍යතාවය පරික්ෂා කිරීමට  ගැමා කිරණ යොදා ගැනීම උදාහරණයක් ලෙස දැක්විය හැක.

නුතන ලෝකයේ මිනිසා මේ සෑම සංඛයාතයටම  අදාල විද්‍යුත් චුම්භක තරංග කෘතීමව නිපදවීමට තරම් සමත්ව සිටි. මෙම විද්‍යුත් චුම්භක තරංග වලින් ඉතා ප්‍රයෝජන රැසක් ඉටු කෙරෙන අතර එය නිවැරදිව භාවිත කිරීම හෝ ඒ පිලිබදව නොදැන සිටීම මත භයානක ප්‍රතිපල ද ඇත විදින්නට සිදුවිය හැක.

විද්‍යුත් චුම්භක වර්ණාවලියට අනුව රේඩියෝ තරංගවල සිට පාරජම්බුල කිරණ දක්වා අයනීකරණය නොකරන තරංග තිබේ. එක්ස් කිරණ, ගැමා කිරණ,කොස්මික් කිරණ යනාදිය අයනීකරණය කල හැකි තරංගයි. එහෙත් පාරජම්බුල කිරණ මේ දෙකොටසට ම අයිතිය. අයනීකරණය කල හැකි කිරණ මගින් ශරීරයේ සෛල සම්පුර්ණයෙන්ම විනාශ කල හැකිය. එහෙත් රේඩියෝ තරංග මගින් එසේ කල නොහැකි බවට දැනට පිළිගන්නා මතයකි. කැතෝඩ කිරණ නල සහිත ( CRT ) රුපවාහිනී  නැරඹීමේදී රුපවාහිනී  තිරයේ සිට අවම වශයෙන් අඩි 10ක් වත් දුරින් සිට නැරභිය යුතුය. රුපවාහිනිය ක්‍රියාත්මක වීමේදී ඉලොක්ට්‍රෝන කදම්භයක් රුපවාහිනී තිරය මත පතිත වන අතර එයින් දෘශ්‍ය වර්ණාවලියේ තරංග නිකුත් වීමක් සිදුවේ. ඊට අමතරව පාරජම්බුල සහ එක්ස්  කිරණ යම් ප්‍රමාණයක්  නිකුත් වේ. එබැවින් රුපවාහිනී තිරයට ඈතින් සිට රුපවාහිනිය නැරබිය යුතුය.

වත්මන් සමාජයේ අත්‍යවශ්‍ය උපකරනයක් වී ඇති ජංගම දුරකථනය මගින් 1Gz  සංඛයාතයකින් යුත් විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරනු ලබන අතර එයට නිරාවරණය වීමෙන් මිනිස් සිරුරේ  මෙලටොනින් (melatonin)හෝමෝනයේ ක්‍රියාකාරීත්වය පහල බහින බව විද්‍යාඥයින් විසින් අනාවරණය කර ගෙන ඇත. මෙම හෝමෝනය  නින්ද සදහා ඉවහල් වන අතර ශරීරයේ අහිතකර රසායන ද්‍රව්‍ය ඉවත් කර දැමීමද සිදු කරයි. 

මිට අමතරව සාමාන්‍යයෙන් රේඩියෝ තරංග, මයික්‍රෝ තරංග මගින් සංවේදී විද්‍යුත් උපකරණ වලට දැඩි බලපෑමක් සිදු කල හැකිය. අකුණක් වදින විට ඉන් නිකුත්වන විද්‍යුත් චුම්භක තරංග මගින් රුපවාහිනී යන්ත්‍ර වැනි උපකරණ අක්‍රිය කර දැමීම උදාහරනයක් ලෙස දැක්විය හැක. ගුවන් ගත කරන හා ගොඩබස්වන අවස්ථාවේදී ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක ආදිය භාවිතයෙන් වලකින ලෙස දන්වන්නේද ඉන් නිකුත් කරණ විද්‍යුත් චුම්බක තරංග මගින් ගුවන් යානයේ සංඥා පද්ධතියට බලපෑමක් කල හැකි නිසාවෙනි.
ගද සුවදක් නොමැති ඉන්ද්‍රිය ගෝචර නොවන මෙම විද්‍යුත් චුම්බක තරංග වලට කොතරම් ප්‍රමාණයක් නිරාවරණය වන්නේද යන්න සාමාන්‍ය මනුෂ්‍යාට දන ගැනීමට නොහැකි වීම ප්‍රබල  ප්‍රශ්නයක් වන අතර දියුණු රටවල විද්‍යුත් චුම්බක තරංග නිකුත් කිරීමේ ප්‍රමාණය පිලිබදව නීති රීති පවා සම්පාදනය කොට ඇත.
විශේෂයෙන් දියුණු වෙමින් පවතින ලෝකයක නවීන තාක්ෂණය සමග අප ඉදිරියට යා යුතුමය. එබැවින් විද්‍යුත් චුම්බක තරංග වලින් තොර ලොවක් ගැන කෙදිනක හෝ සිතීම පවාඅසීරුය. මන්ද මෙකි නවීන තාක්ෂණය සහ ඒ ආශ්‍රිත උපකරණ මනුෂ්‍යාගේ ඉදිරි සංවර්ධනයේ අත්‍යවශ්‍යම සාධක වන හෙයිනි. වැදගත් වනුත් ඒ තාක්ෂණය හා ඉන් ඇති කෙරෙන බලපෑම් පිළිබද දැනුවත් වීමය.

http://medicalphysicsweb.org                                                        

3 comments:

සුභම සුභ වැඩක්

puluwannam mee kirana nirmanaya wena widiya wisthara karanna

Post a Comment