September 13, 2016

දුටුවිරු මායාව (déjà vu ) හදුනා ගනීද?

   
මොළයේ එක් වඩාත්ම ගුප්ත අරුමයක් වූ déjà vu (දුටුවිරු මායාව) සංසිද්ධිය පිළබදව නව පැහැදිලි කිරීමකට පර්යේෂක කණ්ඩායමක් සමත් වී තිබේ. Déjà vu (දුටුවිරු මායාව) යනු දැන් සිදුවන දෙයක් පිලිබදව පෙර අත්දැකීමක් ඇති බවට වූ දැනීම ලෙස ශබ්දකෝශයේ සදහන් වේ. ශාන්ත අන්ද්‍රෙව් විශ්ව විද්‍යාලයේ Akira O’Connor (අකිරා ඕ කෝනර්) ඇතුළු ඔහුගේ කණ්ඩායම déjà vu විෂයේ නවතම ක්‍රියාකාරකම් සම්බන්ධව තොරතුරු Budapest හි පසුගියදා පැවති මතකය (ස්මරණ) පිළිබද අන්තර්ජාතික සමුළුවේදී ඉදිරිපත් කරමින් Matrix (න්‍යාසය) තුළ ගම්‍යමාන ඇනහිටීම් සිදුවන්නේ කෙසේද? නැතිනම් මොළය තමාගේම මතක (ස්මරණ) පද්ධතිය පිළිබද නිරීක්ෂණයක යෙදේද? යන්න විස්තර කළේය.

Déjà vu (දුටුවිරු මායාව) සංසිද්ධිය කෘතිමව හසු කරගැනීමේ තාක්ෂණික උපක්‍රමයක් භාවිතා කරමින් O’Connor සහ ඔහුගේ සගයින් පර්යේෂණ ආරම්භ කළ බව New Scientist සගරාවේ සදහන් වේ.අධ්‍යන වැඩ සටහනට සහභාගී වුවන්ට පර්යේෂක කණ්ඩායම විසින් එකිනෙකට ශ්‍රේණියක් සේ සම්බන්ධ වචන කිහිපයක් ලබා දෙන ලදී. එහෙත් මෙම ශ්‍රේණියට වඩාත් ඇදුනු ප්‍රධාන වචනය අනාවරණය නොකරන ලදී.උදාහරණයක් ලෙස එක අත්හදා බැලීමකදී bed (ඇද), pillow (කොට්ටය), dream (සිහිනය) සහ night (රාත්‍රිය) යන වචන ඔවුන්ට දැනුම් දෙන ලද නමුත් එම වචන සතරටම වඩාත් ඇදුනු sleep (නින්ද) යන වචනය අනාවරණය නොකරන ලදී.

ඉන්පසුව අධ්‍යන වැඩසටහනට සහභාගී වූවන්ගෙන් ඔවුනට “S” අකුරෙන් ආරම්භ වන වචනයක් ඇසුනේ/ලැබුනේද යැයි විමසු විට සියලු දෙනාම ඒ සදහා “නැත” යන පිළිතුරු දෙන ලදී.කෙසේවෙතත් තවදුරටත් ඔවුනට ඇසුණු වචන පිලිබදව නැවත විමසීමේදී බොහෝදෙනෙකු තමන්ට sleep වචනය ඇසුණු බව ප්‍රකාශ කර තිබේ. ඇත්ත වශයෙන්ම sleep යන වචනය ඔවුනට ලබා නොදුන්  නිසා එසේ ලබාදුන්නේ යැයි කීමට déjà vu (දුටුවිරු මායාව) නම් ඝෝර සවේදී තත්වය හේතු වූ බව නිගමනය වී ඇත.

මෙසේ මතකයට ඇතුළු නොවුණු වචනයක් මතකයේ ඇතැයි සැලකීමට හේතු වී ඇත්තේ සාමාන්‍යයෙන් මොළයේ මතකය හා ක්‍රියාකරන hippocampus ප්‍රදේශය නොවන බව fMRI හෙවත් functional Magnetic Resonance Imaging (වචනාර්ථය නම් කෘත්‍යාත්මක චුම්භක අනුනාද මුර්තනය) ක්‍රමය උපයෝගී කොට  පර්යේෂක කණ්ඩායම හදුනා ගත්තේය. මොළය තුළ දි සාමාන්‍යයෙන් තීරණ ගැනීම් සදහා ප්‍රකෘති ලෙස ක්‍රියාකරන මොලයේ frontal ප්‍රදේශය මෙම දුටුවිරු මායා අත්දකිම සදහා ක්‍රියාත්මකවී තිබේ.

ඒ අනුව  මොලයේ frontal ප්‍රදේශය බොහෝවිට අපගේ මතකය පසු විපරම් කරන බව සිද්ධි පසු වාදනයේදී වඩාත් පැහැදිළි වූ බව O’Connor විශ්වාස කරයි.මතක සංයුතියේ අඩුපාඩු / වැරදි සොයමින් අසාමාන්‍යථා ඇතිවිට මොළයේ frontal ප්‍රදේශය ක්‍රයාත්මක වේ. දුටුවිරු මායාව සදහා මොළය තුළ සමහර සංකුලතා විශ්ලේෂණය සිදුවන බව Western Ontro විශ්ව විද්‍යාලයේ Stefan Kohler ප්‍රකාශ කළ බවද New Scientist සගරාව තවදුරටත් වාර්තා කරයි.

මෙම න්‍යාය පිළිගැනීම සදහා තව බොහෝ කටයුතු සිදුවිය යුතු නමුත් එය නිරවද්‍ය නම් අපගේ මොළය තමාගේම ක්‍රියාකාරකම් ගැන තත්ව පාලනයන් හා පසුවිපරම් මගින් වැරදි අඩු කිරීම සිදු කරනවා විය හැකිය. එනම් පරීක්ෂණවලට සහ ප්‍රකාශ වලට අනුව සිදුවුයේ කුමක්දැයි යන අපගේ මතකය සහ සිදුවුයේකුමක් විය හැකිදැයි අප දන්නා දේ අතර නොගැලපීම පරීක්ෂාවක් මොළයේ frontal ප්‍රදේශයේදී සිදුවන බව පැහැදිළිය.

අන්තර්ජාලය ඇසුරෙණි.

  https://www.youtube.com/watch?v=_Ay7HhjePAc

0 comments:

Post a Comment