September 30, 2016

Drones (ඩරෝණ) වලින් අහස පිරේද?

මේ දිනවල Drone (ඩරෝණ) නියමු බලපත්‍රය ලබා ගැනීම හා Drone (ඩෝණ) ලියාපදිංචිය සදහා විශාල අයදුම් පත්‍ර සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබේ. මේනිසා නුදුරු අනාගතයේදීම අහස මිනිසුන් රහිත ගුවන් යානා මිලියන ගණනකින් පිරී යනු ඇතැයි ඇමෙරිකානු ෆෙඩරල් ගුවන්සේවා ආයතනය (FAA) සැක පහල කරති.

ෆෙඩරල් ගුවන්සේවා පරිපාලනය මගින් Drone ලියාපදිංචි කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කර මාස 9 ක් වැනි කාලයක් තුලදී 550,000 කට වැඩි ප්‍රමාණයක මිනිසුන් රහිත ගුවන්යානා ලියාපදිංචි වී ඇති බව එම ආයතනයේ අධ්‍යක්ෂ අර්ල් ලෝරන්ස් පවසයි. දිනකට 2000 ක පමණ Drone ලියාපදිංචි කිරීම් සිදුකරන බවත් ඊට සාපේක්ෂව මිනිසුන් සහිත ගුවන් යානා 260 ක් පමණක් ලියාපදිංචි වන බව නව රාජ්‍ය කර්මාන්ත උපදේශක කමිටුවේදී ලෝරන්ස්  ප්‍රකාශ කර තිබේ.

වාණිජ ක්‍රියාකාරකම් වෙනුවෙන් Drone නියමු බලපත්‍ර සදහා මසක් ඇතුලත 13,710 ක් ඉල්ලුම් කර ඇති අතර ඉන් 5,080 ක් සමත් වී ඇත.2016 අවසාන වනවිට 15,000 කට වඩා Drone බලපත්‍ර නිකුත් කිරීම සිදු විය හැකිය. ඒ අනුව FAA පුරෝකථනය නම් 2020 වනවිට බලපත්‍රධාරි   Drone නියමුවන් 15,000 ක් පමණ බිහිවෙන බවයි.

විනෝදාංශය මෙන්ම වාණිජ ක්‍රියාකාරකම් සදහා Drone භාවිතය වෙනුවෙන් FAA හි ලියාපදිංචිය අත්‍යාවශ්‍ය වන නමුත් ලියාපදිංචි නොකළ Drone පිලිබද තක්සේරුවක් කිරීම අපහසු වී තිබේ. මේ අතර එක්සත් ජනපදයේ Drone අලෙවිය මේ වසරේ මිලියන 2.4 ක් වන අතර ලබන වසරේ එය දෙගුණයකට වඩා වැඩි වන බව Drone නිෂ්පාදකයන් සම්බන්ධ පාරිභෝගික තාක්ෂණ ආයතනය පවසයි. මේ නිසා FAA ආයතනය NASA සමග එක්වී Drone සදහා ගමනාගමන පාලන පද්ධතියක් අඩු උත්තරාන්ශ්‍රයකින් සකස් කිරීමට කටයුතු කරයි.  


අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=4uPb6OKpHJA

0 comments:

Post a Comment