September 29, 2016

ඉක්වදෝරයේ ස්පර්ශ නොවූ ජෛව විවිධත්ව සුරපුරයෙන් ඛනිජතෙල්

ඉක්වදෝරයේ මෙතෙක් කිසිවකු අත නොතැබූ ඇමසන් වනාන්තරයේ මුළු ගැන්වුණු ප්‍රදේශ වලින් පළමු ඛනිජතෙල් බිංදුව මෑතකදී ඉක්වදෝර් රජය විසින් ලබා ගත් බව වාර්තා වේ.

මෙම ග්‍රහ ලෝකයේ වඩාත්ම ජෛව විවිධත්වය සහිත ප්‍රදේශය ලෙස නැගෙනහිර ඉක්වදෝරයේ යසුනි (Yasuni) ජාතික වනෝද්‍යානය සැලකේ. එලෙසම එම ප්‍රදේශය යට 40% ක හෙවත් බැරල් බිලියන 1.67 ක ප්‍රමාණයක තෙල් සම්පතක් ඇති බවද සනාථ වී තිබේ. ඉස්පින්ගෝ, ටම්බෝකොව  සහ ටිපුටිනි තෙල් බිම් වල තෙල් ඛැනීමට එරෙහිව මතුවූ සුවිශාල විරෝධතා ව්‍යාපාරය අවසාන කරමින් සහ මාස ගණනක පොම්ප කිරීමෙන් පසු ඉක්වදෝර් රජයට අයත් Petromazonas තෙල් සමාගම ප්‍රථම වරට ඛනිජතෙල් බැරල් ගණනාවක් ලබා ගන්නා ලදී.

“අද නව යුගයක ආරම්භයයි. සියලු ඉක්වදෝර වැසියන්ට නව දිගන්තයක් ලැබී තිබේ.”යයි ඉක්වදෝර උප ජනාධිපති ජෝජ් ග්ලාස් බදාදා ටිපුටිනි තෙල් බිමෙහි පැවති උත්සවයේදී ප්‍රකාශ කළ බව ප්‍රංශ ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.  

කෙසේවෙතත් පරිසරවේදීන් සහ ස්වදේශික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් මෙම තෙල් ඛැනීම පිලිබදව බලවත් අසතුට ප්‍රකාශ කරයි. ප්‍රදේශයට සහජ උරුම උභය ජීවින් විශේෂ 150 කට වැඩියෙන් සහ කුරුළු විශේෂ 500 ක පමණ වූ අපරිමිත මෙම ජෛව විවිධත්වයට අමතරව මෙම ප්‍රදේශයේ විවිධාකාර වර්ගයේ ස්වදේශික මිනිස් ජනගහනයක් ඇත. Tagarei-Taromenane ප්‍රදේශය වටවී ඇති තෙල් ඛැනීමේ වැඩ බිම් විශාල ප්‍රමාණය නිසා එහි පැවැත්ම පවා අස්ථිර බව Amazon Watch වාර්තා කරයි.


“තෙල් ඛැනීම සදහා භාවිතා කිරීමට කිසිසේත්ම නුසුදුසු මෙන්ම ඒ සදහා සිතාගත හැකි නරකම ප්‍රදේශය මෙයයි.Yasuni වැනි ප්‍රදේශයක් නැති කර ගැනීම ලොවට දරා ගත නොහැකියි.”යයි Amazon Watch හි ස්වදේශික අයිතිවාසිකම් කණ්ඩායමේ ඉක්වදෝර වැඩ සටහන් අධ්‍යක්ෂක කෙවින් කොනින් පවසයි.තවදුරටත් ප්‍රකාශයක් නිකුත් කරමින් “ විපත්තිකාර කාලගුණ විපර්යාස වැලැක්වීමට පෘථිවිය මත ඇති තෙල් සංචිත වලින් 80% ක් පොළව තුළ එසේම පැවතිය යුතු බව විද්‍යාඥයන් සනාථ කර තිබියදී තෙල් සදහා ඛැනීම් කළ යුතු පෘථිවියේ අවසාන භුමිය Yasuni යි. අයිස් යුගයේදී පවා බොහෝ සත්ව විශේෂ ආරක්ෂා කර ගැනීමට Yasuni සමත් වූ නමුත් වර්තමාණ ඛනිජතෙල් යුගයේදී තවදුරටත් එම රක්ෂණය කළ හැකි දැයි අපි බලා සිටිමු.” කොනින් සදහන් කළේය.


 අන්තර්ජාලය ඇසුරෙණි

0 comments:

Post a Comment