September 27, 2016

සජීවී පරිනාමකය (Transformer)

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වල මෝටර් වාහන මනුෂ්‍ය ස්වරුපයේ (මනුෂ්‍යාභය) රොබෝවන් බවට පත්වීම Transformer (ට්‍රාන්ස්ෆෝමර්) ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබේ.පසුගියදා තුර්කියේදී 2013 BMW මෝටර් රථයක් මනුෂ්‍යාභ (humanoid) රෝබෝවක් ලෙසට ස්වරුපය සජීවීව වෙනස් කරමින්  Transformer චිත්‍රපට කථාවන්ට යම් සජීවී බවක් ලබා දෙන ලදී.

කුඩා දරුවන් ලෙස අප සියලුදෙනාම පාහේ රුපවාහිනියේ හා චිත්‍රපටි ශාලාවේ තිර මත දිස්වෙන මන්හ්කල්පිත ලෝක හා චරිත අපේ සජීවී ජිවිතයේ අත්දැකීම් වනු දැකීමට කැමැතිය. එවැනි සිහින සැබෑ කිරීමක් සදහා තුර්කියේ “Let vision” ක්‍රියාවලිය උත්සහය දරයි. වහලය හකුලුවා ගැනිමට හැකියාව ඇති සුමුදු ආකාරයේ BMW මෝටර් රථය Transformer චිත්‍රපට ආභාසයෙන් මෙන් විශාල මනුෂ්‍යාභ රෝබෝවක් බවට පරිවර්තනය විය. මේ ක්‍රියාවලිය සදහා hydrolics (ද්‍රව විද්‍යාව) හා සේවා මුලික ලෙස ප්‍රයෝජනවත් වී තිබේ.

Let vision හි ප්‍රථම පියවර වන මෙම ට්‍රාන්ස්ෆෝමර් අලෙවියකට ඉදිරිපත් නොකරයි. BMW මෝටර් රථයේ පරිනාමකයක් වූ මනුෂ්‍යාභ රොබෝව “Letrons” නමින් හදුන්වා ඇති අතර එය රොබෝ බවට හා රොබෝ නැවත මෝටර් රථය බවට පරිවර්තනය වීම, නැගී සිටීම සහ හිස කරකැවීම යන කාර්යයන් කිහිපයකට පමණක්  සිමා විය. වෙනත් කාර්යයයන් ක්‍රියාත්මක කරවීම සදහා දැනට පැන නැගී තිබෙන තාක්ෂණික ගැටළු මුදල් ආයෝජනය කිරීමෙන් අනාගතයේදී ජය ගත හැකි බව ප්‍රකාශ කරන නිර්මාණකරුවෝ ප්‍රමාණවත් ආයෝජනයක් ඇත්නම් Letrons ඇවද්දවියහැකි බවද දන්වා සිටිති.

අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=4qGJ9_U1q-w

0 comments:

Post a Comment