September 14, 2016

සුදු ලූණු වල නවක තතු

සුදු ලූණු ආහාර රසකාරකයක් මෙන්ම ප්‍රබල ඖෂධයකි.
සුදු ලූණු තුල හදවත් රෝග සහ දියවැඩියා රෝග සුව කිරීමේ ලා ගුණයක් පවතී.

තවද සුදු ලූණු වල බැක්ටීරියා නාශක ගුණයක් ඇත.මෙය ඉතා ප්‍රබල බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරයි.පර්යේෂණ වලින් සොයා ගත් ආකාරයට සුදු ලූණු වල ඇති රසායනික දව්‍යයක් මගින් බැක්ටීරියා වල පරිවහන පද්ධතිය අක්‍රීය කරනු ලබයි.

සුදු ලූණු වල ඇති රසායනික දව්‍යයක් මගින් බැක්ටීරියා ටොක්සින් හෙවත් රැහැම්නොලිපිඩ ස්‍රාවය වීම වලක්වයි.රැහැම්නොලිපිඩ මගින් රැධිරයේ සුදු රැධිරාණු විනාශ කරයි
කුඩා දරැවන්ටද ආසාදන වලින් ආරක්ෂා වීමට සුදු ලූණු උපකාර වන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.
                                                   
යෝනි මාර්ගයේ ඇති වන ආසාදන වලට එරෙහිව ක්‍රියා කිරීමට සුදු ලූණු වලට ඇති විශේෂ හැකියාව නවතම පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.
උදා Candida
සුදු රැධිරාණු අපගේ ශරීරයේ ප්‍රධාන ආරක්ෂක පද්ධතියයි.සමහර බැක්ටීරියා විශේෂ  biofilms  සාදයි .
Pseudomonas aeruginosa  එක් උදාහරනයකි. එම විශේෂ මගින් විශාල සෞඛ්‍යය තර්ජන ඇතිවේ. biofilms  ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධීතාවයක් දක්වයි. සුදු ලූණු වල ඇති රසායනික දව්‍යය වලට බැක්ටීරියා   biofilms  වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇත.මෙම රසායන දව්‍යය ajoene ලෙස හදුනා ගෙන ඇත.
සුදු ලූණු වල ඇති ajoene නම් රසායනිකය  ප්‍රතිජීවයක් ලෙස භාවිතා කල හැකිය. මීයන් භාවිතා කර පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

සමාන්‍යයෙන් ශරීරය තුල අපදව්‍ය අයින් කරන යාන්ත්‍රනයක් පවතියි.වැඩිපුර අපදව්‍ය සෛල තුල එකතු වීමෙන් මුක්ත ඛන්ඩ වැඩි වීම සිදුවේ. මුක්ත ඛන්ඩ සෛල තුල එකතු වීමෙන් පිලිකා ඇතිවේ .මෙම අපදව්‍ය  විනාශ කිරීමේ හැකියාව හෙවත් ඇන්ටිඔක්සිජන් නිපදවීමේ හැකියාව සමහර ආහාර වල ඇත. සුදු ලූණු එක් ආහාරයකි.
නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත්තේ අමු හෝ පිසන ලද සුදු ලූණු වලට  වඩා පැල වී ගෙන එන සුදු ලූණු වල ඇන්ටිඔක්ස්ජන් නිපදවීමේ හැකියාව ඇති බවයි.

එහි පිලිකා සෛල මර්ධන හැකියාව

රැධිරයේ කොලෙස්ටරෝල් පාලන හැකියාව

මොටියන් සහිත  සුදු ලූණු වල වැඩි බවය.

ඇන්ටිඔක්සිජන් සහිත අහාර වර්ග  ගොරකා කුඩු,වට්ටක්කා,මී පැණි,කුරැදු.

සුදු ලූණු වලට ඉහල පෝෂණීය අගයක් ඇති අතර එහි බහුලව මැග්නීසියම් සෙලීනියම්, විටමින් B6,විටමින් C,සෙලීනියම් බහුලව ඇත.

අමු පොඩි කරන ලද සුදු ලූණු වලට කුණු බිත්තර ගදසහිත හයිඩ්‍රජන් සල්පයිඩ් වායුව නිදහස් කිරීමේ හැකියාව ඇත.මෙමගින් රැධිර පරිවහන පද්ධතිය සක්‍රීය කරයි.
පිසන ලද සුදු ලූණු වලට වඩා අමු සුදු ලූණු වල හදවත් රෝග සුව කිරීමේ හැකියාව ඇති බව පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.
සුදු ලූණු වාතය සමග මිශ්‍ර වීමෙන් (පොඩි කරන ලද සුදු ලූණූ) හදවත් රෝග මර්ධනය කිරීමේ හැකියාව ලැබෙන බව මීයන් යොදා කරන ලද පර්යේෂණ වලින් තහවුරැ කර ගෙන ඇත.


උපුටා ගැනීම 
Science daily aticles



0 comments:

Post a Comment