September 19, 2016

විශ්වය ජයගැනීමට රොබෝවරු

ස්වයංක්‍රීයව තමාගේ ආකෘතිය තමාම සාදාගත හැකි එනම් ප්‍රතිගුණනය විය හැකි රොබෝවරුන් හා ඒ මගින් විශ්වය ගවේෂණය කර ජයගන්නේ කෙසේදැයි මුලික අදහස් විද්‍යාඥයන් ඉදිරිපත් කර තිබේ.

විශ්වය පුරා බිලියන ගණනින් වෙනත් ලෝක තිබිය හැක.ඒවා ගැන අපට පැහැදිලි දැනුමක් නැති නමුත් යටත්පිරිසෙයින්  පෘථිවියට වඩා හොද ග්‍රහ ලෝක එකක්වත් ඒ අතර තිබිය හැක.එහෙත් මේ යුගයේ ජිවත්වන මනුෂ්‍යන්ට තම ජිවිත කාලයේදී එවැනි දුරස්ථ ලෝකයකට පිවිසීමට හැකියාවක් නොලැබේ. ව්‍යතිරේකයක් ලෙස අගහරු ලෝකය සදහන් කළ හැකි වුවද ඊටත් වඩා Von Neumann ගේ ප්‍රතිගුණනය වන රොබෝවරුන් විශ්වයේ ගමන් කිරීම පිළබද සටහන වැදගත් වේ.

හංගේරියාවේ උපන් ගණිතඥයකු වන John Von Neumann (ජෝන් වොන් නිව්මාන්) ගේ විමර්ශන පිළිබද මින් පෙර 1992 ඔක්තෝබර් Popular Science සගරාවේ “A Riddle of Artificial Life (කෘතීම ජීවයේ ප්‍රහේලිකාව)” ලෙස පලවී තිබේ. 1957 දී Von Neumann ගේ මියයාමට පෙර යාන්ත්‍රික ජීව රූප වල ප්‍රතිගුණනය පිළිබද ඔහුගේ ක්‍රියාකාරකම් වල චමත්කාර දැක්මක් එහි ඇතුලත් විය. Neumann ගේ අදහස විකාශනය කළ පසු කාලීනයන් පෘථිවිය මත කෘතීම ජිවිය පමණක් නොව විශ්වය ගවේෂණය කළ හැකි යාන්ත්‍රික ජීවයන් ගැනද පර්යේෂණ දියත් කරන ලදී.

ජීවි යන්ත්‍රයකට තරුවල චාරිකා කොට විශ්වයේ යම් ස්ථානයකින් එම යන්ත්‍රයට ස්වයංක්‍රීයව තමාගේ ආකෘතියක් තමාටම සකස්කර ගැනීමට සුදුසු අමුද්‍රව්‍ය සපයා ගැනීමට හැකි වේ නම් එම යන්ත්‍රය නැවත නැවත ප්‍රතිගුණනය වෙමින් විශ්වය ජය ගනු ඇතැයි යන්න මෙම තර්කාංගය වේ. විද්‍යාව හා ගම්‍යමාන ඉතා චිත්තාකර්ශනීය වේ.You Tube මෑතකදී ඉදිරිපත් කළ PBS’s Space Time වැඩ සටහනෙහි විශ්වය පුරා රොබෝ ක්‍රියාකාරකම් පැතිරවීම පිළිබද කළ සොයා බැලීම් ඇතුලත් වේ.පහත වීඩියෝව නරඹන්න .


අන්තර්ජාලය ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=4H55wybU3rI

0 comments:

Post a Comment