September 29, 2016

Google නව පික්සල් දුරකථන Android ක්‍රියා පද්ධති හදුන්වාදෙයිද?

Google ආයතනයේ 18 වෙනි උපන්දිනය සමරණ මේ දිනවල ඔක්තෝබර් 04 දා පවත්වන ඔවුන්ගේ මාධ්‍ය උත්සවය පිළිබදවද මාධ්‍ය අවධානය යොමු වී තිබේ. නව smartphone යක්, නව ක්‍රියාකාරී පද්ධතියක් සහ නව ලැප්ටොප් පරිගණකයක් එහිදී එළිදැක්වෙනු ඇතැයි කටකතා පැතිරේ. කිසිවක් තවමත් තහවුරු කර නැතත් Google සමාගම වැඩිවියට පත්වීම ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන නිවේදන මගින් පික්සල් (pixel) හා Andromeda වචන දෙක කේන්ද්‍ර කර ඇත. වඩාත් කතා බහට ලක්වී ඇති Pixel smartphone ය හෝ android බලගැන්වූ Google ගේ Nexus ජාලය නව විශේෂ නිෂ්පාදන ලෙස එළි දක්වනු ඇතැයි අනුමාන කළ හැකිය.

සමාගමෙහි දෘඩකාංග නිෂ්පාදනයේදී Nexus වසර ගණනක් ප්‍රධානත්වය හෙබවුවද එය අතහැර දැමීම හෝ එය Pixel නිෂ්පාදනයන්ට හැකිලීම ලබන සතියේදී සිදුවිය හැකිය. දැනටමත් ඔවුන් සතු Pixel 2 නෝට්බුක් සහ  Pixel C ටැබ්ලට් නිෂ්පාදන අංශ දෙක එකට එකතු කිරීම ඔවුන්ගේ අලෙවිකරණ ප්‍රතිපත්තිය අර්ථවත් කරනු ඇත.

ලබන අගහරුවාදා Google ආයතනය  Pixel දුරකථන දෙකක් හදුන්වාදීමට නියමිතය. අගල් 5 Pixel සහ අගල් 5.5 Pixel XL නම් දුරකථන දෙකහිම බඳය ඇලුමේනියම් සහ විදුරු වලින් සදා තිබීම විශේෂත්වයකි එමගින් ඒවා සාමාන්‍ය ප්ලාස්ටික් Nexus දුරකථනවලට වඩා Apple iPhone වලට සමාන වේ. මෙලෙස ගුණාත්මක අමුද්‍රව්‍ය සදහා කළ වැඩි ආයෝජනය නිසා වැඩි මිලක් නියම කරනු ඇතැයි විශ්වාෂ කෙරේ. එනම් මිල වැඩි Apple නිෂ්පාදන වෙනුවට ආදේශ ලෙස වූ Google නිෂ්පාදන තවදුරටත් එසේ නොවනු ඇත.

මාදිලි දෙකම HTC ආයතනය මගින් නිෂ්පාදනය කරනු ඇතැයි හැගියන අතර එය සමාගම විසින් පෙර Nexus 5X හා 6P නිෂ්පාදනය කළ ආයතනවූ LG Electronics හෝ Huawei නොවේ. නිෂ්පාදනය එක ආයතනයකට පැවරීම, නව මාදිලිවල නිර්මාණ සහ නිෂ්පාදනයන්ගේ වැඩි පාලනයක් Google සමාගමට ලබා ගැනීමේ අරමුණ හේතුකොට ගෙන බව පැහැදිලි වේ. එවිට ඔවුනට iPhone සහ Samsung Galaxy නිෂ්පාදන හා වඩා හොද තරගකාරිත්වයකින් කටයුතු කළ හැකිය.

උපුටාගැනීම:

New Pixel Phones and Andromeda OS expected at Google Event by Jef Cozza
https://www.youtube.com/watch?v=9qJ4QM5j1q0

0 comments:

Post a Comment