November 18, 2015

රෝගීන්ට අවශ්‍ය හදවත්, රුධිර නාල අච්චු ගැසීම.(3D Printing)

අනාගතයේදී මිනිස් සිරුර අළුත්වැඩියා කිරීමට ආධාරක ලෙස ජීවී අවයව නිර්මාණයට ත්‍රිමාණ මුද්‍රණයට හැකි වෙතැයි පර්යේෂකයෝ පවසති.

හදවත, මොලය, රුධිර නාල හා අස්ථි වැනි විවිධ මානව අවයව වල ත්‍රිමාණ ආකෘති මුද්‍රණය කළ හැකි ක්‍රමවේදයක් විද්‍යාඥයින් විසින් සංවර්ධන කර ඇත. අනාගතයේදී මෙම ක්‍රියාවලිය භාවිතයෙන් ජීව පටක වර්ධනය කර අවයව නිර්මාණය කළ හැකි මෘදු රෝපිතයන් ත්‍රිමාණ මුද්‍රණයෙන් සංවර්ධනය කිරීමට හැකි වේ. තවද මෙම සොයාගැනීම ආහාර මුද්‍රණ තාක්ෂණය මෙන්ම විද්‍යා ප්‍රබන්ධ වල  ඇති අතීත ප්‍රතිනිර්මාණ හෙවත් අතීතාවර්ථ මුද්‍රණ තාක්ෂණය සඳහාද යොදා ගනු ඇතැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

එක් තලයක් (උදා:පත්තර තීරුවක්) මත නව තලයක් මුද්‍රණයෙන් ත්‍රිමාණ වස්තු නිර්මාණය කරන ත්‍රිමාණ මුද්‍රණය සඳහා ප්ලාස්ටික්, පිගන් මැටි, වීදුරු, වානේ වැනි අමුද්‍රව්‍ය පමණක් නොව ජීව සෛල වැනි අසාමාන්‍ය අමුද්‍රව්‍යයද දැනටමත් යොදා ගනු ලැබේ.

සම්ප්‍රදායක ත්‍රිමාණ මුද්‍රිත වස්තු නිෂ්පාදනය වී ඇත්තේ දෘඩ අමුද්‍රව්‍ය මගින්ය. ඊට හේතුව  එක් තලයක් (පත්තර පිටුවක්/ තීරුවක්) මුද්‍රණය කළ විට එය මත මුද්‍රණය වන දෙවන තලය/ තීරුව දරා ගැනීමට මුල් තීරුව ශක්තිමත් වීමේ අවශ්‍යතාවය වේ. මේනිසා මෘදු අමුද්‍රව්‍ය මගින් ත්‍රිමාණ මුද්‍රණය කිරීම අපහසුය (ජෙලි වලට සමාන වස්තු නිර්මාණය). එනම් මෘදු අමුද්‍රව්‍යය එහි බර  නිසාම එහි ස්වරූපය වෙනස් කර ගැනීම නිසා මුද්‍රණයේදී අවශ්‍ය දරා ගැනීමේ ශක්තිය ලබා දීම අභියෝගයක් බව ඇඩම් ෆයින්බර්ග්(Adam Feinberg) පවසයි. ඇඩම්, කාර්නිජ් මෙලන් විශ්ව විද්‍යාලයේ ජීවවෛද්‍ය ඉංජිනේරුවරයෙකු වන අතර මෙම අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කතුවරයෙකුද වේ.

                                                                                   එක් එක් රෝගියා සඳහා අවශ්‍ය අනන්‍ය හා දෘඩ වෛද්‍ය උපායන් වූ ශ්‍රවණාධාර, කෘතීම  අත් සහ දන්ත අංගෝපාංග ත්‍රිමාණ මුද්‍රණය කිරීමට පර්යේෂකයෝ සමත්ය. කෙසේ වෙතත් නව අධ්‍යයනය යොමු වුයේ මෘදු වෛද්‍ය  උපායන් ත්‍රිමාණව මුද්‍රණය කිරීමටය. ජීව මුද්‍රණය (Bio printing) නම් නව ක්‍රියාවලිය මගින් හානියට පත් වු ඉන්ද්‍රියන් අළුත්වැඩියාවට හා ප්‍රතිස්ථාපනයට යොදාගත් සාම්ප්‍රදායික ඉන්ද්‍රීයපටක බද්ධ(Transplant) ක්‍රියාවලියට නව විකල්පයක් ලබා දී ඇති බව ඇඩම් පවසයි. පටක හා ඉන්ද්‍රීය වැවීමට හැකියාව ඇති අස්ථි හා සෛල ත්‍රිමාණ මුද්‍රණය කිරීම සඳහා විභවයක් සහිත ක්‍රමවේදයන් සැකසීමට මෙමගින් හැකි වී තිබේ. එය පටක ඉංජිනේරු විද්‍යාවේ (Tissue Engineering) එක් අංශයක් වේ. ඒ සඳහා ජෙලටීන් පිටි ඇතුලත් (සුපිරි වෙලද සැල් වල ඇති ඒවාට සමාන) ආධාරක ද්‍රවයක් තුල මෘදු අමුද්‍රව්‍ය භාවිතයෙන් ත්‍රිමාණ මුද්‍රණයන් කිරීමට හැකි ක්‍රම ඔවුන් විසින් සංවර්ධන කළ බව ඇඩම් Live Science මගින් තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
  
උපුටාගැනීම ;
Organs on Demand? 3D Printers could build Hearts, Arteries by Charles Q Choi
http://www.livescience.com/52571-3d-printers-could-build-organs.html

https://www.youtube.com/watch?v=5SWw_qM6_8I

0 comments:

Post a Comment