November 19, 2015

මාංශ ආහාර

වැඩිපුර මාංශ පරිභෝජනයේ යෙදෙන්නන්ට පිලිකා සෑදීමේ අවධානමක් පවතින බව දැනට පර්යේෂණවලින් පෙන්වා දී ඇත.
මාංශ වර්ග අධික උෂ්ණත්ව වලට රත් කිරීමේදී කාසිජීනීකෘත සංයෝග නිර්මාණය වන බව සොයා ගෙන ඇත.

මාංශ වර්ග අධික උෂ්ණත්ව වලට රත් කිරීමේදී

2-amino-1-methyl-6-phenyl-imidazo(4,5-b) pyridine (PhIP) and amino-3,8-dimethylimidazo(4,5-f) quinoxaline (MeIQx). නම් කාසිජීනීකෘත සංයෝගය නිර්මාණය වන බව පෙන්වා දී ඇත.
වකුගඩු යනු  ජෛවරසායනික සක්‍රීය ඉන්ද්‍රියක් වන අතර ශරීරයේ ඇති ධූලක පෙරීමෙන් ඉවත් වීමට දායක වේ.
කාසිජිනීකෘත ද්‍රව්‍ය ආහාර වලට නිතර එක් වීම වකුගඩු ආශ්‍රිත පිලිකා ඇති වීමට හේතු වේ.

නිතර මාංශ ආහාර වල යෙදෙන්නට වකුගඩු ආශ්‍රිත පිලිකා ඇති වන බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.
නැවත සකස් කරනු ලබන ආහාර වන සොසේජස්,බේකන් සහ හැම් ආදී මාංශ ආහාර  පිලිකාකාරක ආහාර ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇත.මෙවැනි ආහාර දිනකට 50 g ආහාරයට එක් කර ගැනීම 18% කින් පිලිකා අවධානම ඉහල යාමට හේතු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.
රතු පැහැ මස් වර්ග පිලිකා කාරක ලෙස ක්‍රියා කිරීමේ හැකියාව වැඩි බව පෙන්වා දෙන අතර එම මස් වල පෝෂණ ගුණය අඩු බවද පෙන්වා ඇත.

හොට්ස්ඩෝග්ස් , දශක ගණනාවක් පුරා අමෙරිකානු ආහාර වේලේ ප්‍රධාන අංගයක් ලෙස පවතී. අමෙරිකාවේ ජාතික හොට්ස්ඩෝග්ස් හා සොසේජස් කවුන්සිලයේ වාර්තාවලට අනුව වසරකට අමෙරිකානුවන් හොට්ස්ඩෝග්ස් බිලියන 20 ක් අනුභව කරයි.(බිලියන 1ක් යනු මිලියන දහසකි. එනම් 1යි බිංදු 9 ක් ඇති සංඛ්‍යාවකි - 1,000,000,000 එය අපේ ව්‍යවහරයෙන් පවසනවා නම් කෝටි 100 කි. ඒ අනුව බිලියන 20 ක් යනු කෝටි 2000 ක් බව සිතන්න) තවද එම වාර්තාවෙන් වැඩිදුරටත් ස‍ඳහන් කරන්නේ අමෙරිකානු නිවාසවලින් 95% ක්ම හොට්ස්ඩෝග්ස් පරිභෝජනය කරන බවයි.

වෙළෙඳපලේ විකිණීමට ඇති හොට්ස්ඩෝග්ස් හා එවැනි සකස්කළ මාංශ ආහාරවල වැඩිපුරම ඇත්තේ කුමන සංඝටකදැයි ඔබ දන්නේද? අධිකව යෙදූ ලුණු, MSG, සෝඩියම් නයිට්‍රේට්, කල්තබාගැනීමේ ද්‍රව්‍ය, කෘතිම රසකාරක ද්‍රව්‍ය, ලාබදායි ලෙස සැකසූ සෙඛ්‍යාරක්ෂිත නොවූ මැද පිරවුම් යනාදියයි. නිෂ්පාදනයේදී මාංශ වෙන් කෙරෙන්නේ යන්ත්‍රානුසාරයෙනි. බොහෝ පාරිභෝගිකයන්ට මෙම නිෂ්පාදනවල පෝෂ්‍යදායි ගුණය ගැන වැටහීමක් නැත. යන්ත්‍රානුසාරයෙන් මාංශ වෙන්කිරීමේදී ඒවා දැඩි උෂ්ණත්වයකට හා පීඩනයකට යටත්වන නිසා ඒවාවල පෝෂ්‍යදායිබව වියැකී යයි. උදාහරණයක් ලෙස මාංශවල ඇති ප්‍රෝටීන් ද මෙම අධිකාර්මික ක්‍රියාව නිසා විකෘතිභාවයට පත්වේ.


උපුටා ගැනීම -Science daily Article

0 comments:

Post a Comment