November 4, 2015

ජීව සලකුණු : අත්හල DNA මඟින් පුද්ගලයින් හදුනා ගැනිම

ඔබ දන්වාද ඔබගේ DNA නොදැනුවත්ව ඔබ ඉවතා දමා ඇති බව? කෙස් ගසේ සිට ශරීරයේ මැලියම් වැනි දැ මගින් මිනිස්සු ඔවුන්ගේ සෛල පොදු ස්ථානවල නිතරම ඉවත දමති. මෙවැනි භෞතික සුන්බුන් තුල අදහා ගත නොහැකි තරම් තොරතුරු ඇති බව විශේෂඥයෝ පවසති. මක් නිසාද යත් DNA මඟින් එය අත්හැර දැමු පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැකි වීමයි. එය අනියම් පෙනි සිටීමක් වැනිය.

මෙහිදී Heather Dewey– Hagborg මිනිසුන්ගේ ආරක්ෂා සහ පෞද්ගලිකත්වය සෑම තැනකදීම පාහේ අනතුරට ලක්විය හැකි බව නිරතදිග අන්තර් සම්බන්ධතා උත්සවයේදී පැවසුවාය. අප, මිනිසුන් කරන සෑම දෙයක් කෙරෙහිම  ශරීරය,සෛල ලෙස බැදීමක් ඇති බවත් චිකාගේ චිත්‍ර අධ්‍යයන ආයතනයේ චිත්‍ර ශිල්පයෙකු සහ වැඩ සටහන් සම්පාදකයකු වූ Hagborg තවදුරටත් ප්‍රකාශ කර තිබේ. (ජිවිතයේ සංකේතය- DNA ව්‍යුහ ජායාරූප )

ඒත් කෙස් ගසකින් පුද්ගලයෙක් පිළිබඳ මෙතරම් කරුණු හදුනාගත හැකි වී මෙලෙස ආදර්ශ මුහුණක් ත්‍රිමාණව මුද්‍රණය කිරීම පුදුමයකි. මෙම ක්‍රියාව ආරම්භ කළේ නිවියෝක් නගරයේ පොදු ස්ථාන විශේෂයෙන් විදී සහ නාන කාමර අධීක්ෂණයෙන් මිනිසුන් අත්හල (ඉවත ලන ලදී.) වෝහරික එකතු කිරීමෙන් බව සඳහන් කරන Hagborg ඉන්පසු මෙම සාම්පල හෙවත් මිනිසුන් ඉවතලු සුන්බුන් බෑගය Greenspace නමැති නිවියෝක් නගරයේ පිහිටි ප්‍රජා ජීව පරීක්ෂණාගාරයට ගෙන ගොස් විශ්ලේෂණය කර ඇත. DNA වලින් හදුනාගත් ලක්ෂණ පාදක කොට ප්‍රතිඵල නිර්මාණය කළහැකි පරිගණක ක්‍රම වේදයක් ඇය සකස් කර අවසානයේ එම ප්‍රතිඵල මත ත්‍රිමාන මුද්‍රණයක ආධාරයෙන් නිරීක්‍ෂිත DNA ට අදාල පුදුගලයින්ගේ යැයි අනුමාන කළ හැකි ආදර්ශ මුහුණු ත්‍රිමාණව සකස් කර ගන්නා ලදී.

මෙලෙස සකස් කර ගත් ත්‍රිමාන මුහුණු 2013 දී ඇය විසින් පවත්වන ලද ප්‍රදර්ශනයේ කොටසක් වු අතර එය”Strangers Vision” (අමුත්තාගේ දැක්ම ) ලෙස නම් කර ඇත. ඇත්ත වශයෙන්ම මුද්‍රිත මුහුණු අදාල පුද්ගලයාගේ සත්‍ය මුහුණට  කොතරම් දුරට ගැලපෙනවාද යැයි නිශ්චිත කිව නොහැකි නමුත් මෙම කලාව මඟින් පුද්ගලයෙකුගේ අනන්‍යතාව, සුන්බුන් අතර රැදෙන බව පැහැදිලි වේ.

Hagbory ගේ අදහස නම් මෙම ජානමය තොරතුරු ආරක්ෂා කර ගත යුතු බවයි. සුවිශාල ජීව ආවේක්ෂණ කේෂත්‍රය වෙත ප්‍රවේශ වන්නේ නම් අපගේ පෞද්ගලිකතාවය ආරක්ෂා කර ගත හැකි ක්‍රම හා උපකරණ ද අත්‍යාවශ්‍ය වන බවද ඇය සඳහන් කරන්නීය.

ආරක්ෂාව සදහා වු “invisible “ (අද්‍රෘශ්‍යමාන ) , කොටස් දෙකක රසායනික සංයෝග දෙකකින් සමන්විතය. Erase (මකනය) නමැති පළමුවන කොටස මඟින් ජානමය තොරතුරු 99.5% ක් මකා දමයි. Replace (ප්‍රතිස්ථාපනය) නම් දෙවන කොටස මගින් ජාන සංඥා, DNA ශබ්ද ආවරණයකින් ආරක්ෂා කරයි.

මෙම රසායන සංයෝග මිලදී ගත හැකි අතර බ්ලීච් වැනි සරල රසායන සංයෝග වලින් සමන්විත වේ. Dewey – Hagborg Website විවෘත මුලාශ්‍රෙය් මෙම රසායන සංයෝගය වන “invisible “ පිළිබද විස්තර සදහන් වේ. 

උපුටාගැනීම : Bio-Art : 3D-Printed faces reconstructed from stray DNA by Tia Ghose

http://www.livescience.com/50146-art-genetic-data-privacy.html

0 comments:

Post a Comment