April 20, 2015

අංශභාගය සුවයට මනසින් පාලනය වන කෘතීම ඇටසැකිලි

අංශභාග රෝගයට භාජනය වූ රෝගී්න් 08 කගේ අක්රීය වූ මාංශපේෂී පුදුමාකාර ලෙස ක්රියාකාරී තත්වයට පත් කිරීමට හැකි කෘතීම ඇටසැකිල්ලක් නිෂ්පාදනය කර තිබේ. මනසින් චලනය කළ හැකි වූ මෙම ඇටසැකිල්ලේ ප්රයෝගකාරී චලනයන් මේ සඳහා භාවිතා කර ඇත.

පසුගිය වසරේ බ්රසීලයේ පැවති ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් පන්දුවට ප්රථම පා පහර එල්ල කළ දෙපා පණ නැති අංශභාග රෝගියෙකු වූ ජූලියානා පින්ටෝ මෙම කෘතීම ඇටසැකිල්ලක් භාවිතා කළ අයෙකි. රිය අනතුරකින් ඉනෙන් පහළ කොටස අකර්මන් වූ ඔහු එදිනමට පන්දුව දැනුනායැයි ඉතා ප්රීතියෙන් කෑගැසුවේය. සිතුවිලි මගින් පාලනය කළ හැකි කෘතීම ඇටසැකිලි  ආශ්රයෙන් ක්රියාත්මක කළනැවත ඇවිදිමු ව්යාපෘතියේප්රධානියා  වූ උතුරු කැරොලිනාවේ ඩියුක්විශ්ව විද්යාලයේ මිගෙල් නිකෝලිස් ප්‍රකාශ කළේඑය ඉතා ආවේගශීලී මොහොතක්බවයි.

පින්ටෝ සහ තවත් එවැනි අංශභාග රෝගීන් 08 දෙනෙක් හට කෘතීම ඇටසැකිලි  භාවිතය පිළිබඳව පුහුණුවක් 2013 නොවැම්බර් සිට නිකෝලිස් විසින් ලබා දෙන ලදී.බාහුව ආවරණය කරන රොබෝ උපාංගයක් වූ මෙය මොලයේ සංඥා, චලනයන්  බවට පත් කරයි. තවද මෙම උපාංගය එය පළදින්නාගේ  තොරතුරු මතකය වර්ධනය කිරීම නිසා ඔහුගේ ස්නායු පද්ධතියේ සමහර කොටස් නැවත ක්රියාකාරී බවට පත්වන අාකාරයක් දිස්වූ  බව සඳහන් වේ. නිකොලිස් ප්රතිකාර කළ රෝගීන් 08 දෙනාම වසරකට පසුව නැවත පරීක්ෂාවේදී ඔවුන් සියලු දෙනාටම වරක් සම්පූර්ණයෙන් අක්රීයව තිබූ බාහුවල මාංශපේෂී චලනය කිරීමේ හැකියාව ලැබී තිබුණි.
 
ස්විස්ටර්ලන්තයේ ලෝයෙන් හී පැවතිBrain Forum” (මොලයේ විනිශ්චයශාලාව) වැඩසටහන  හීදී මෙම ප්‍රතිඵල ඉදිරිපත් කරමින් කිසිවෙක් කිසිසේත් මෙය අපේක්ෂා නොකළායැයි නිකොලිස් ප්රකාශ කළේය. පුද්ගලයකුගේ සුෂුම්නාව තුවාල (හානි) වූ විට ශරීරය සහ මොලය අතර සම්බන්ධතාවයට හැනි ඇතිවේ. එමඟින් ශරීරයේ බොහෝ කොටස් පිළිබඳ දැනීම නැතිවීම සහ ඒවා චලනය කළ නොහැකි වීම සිදුවේ. කෙසේ වෙතත් සුෂුම්නාවේ ස්නායු කිහිපයක් හෝ ආරක්ෂා වී ඇත්නම්  වසර ගණනාවක දැඩි  පුනරුත්ථාපනයකින් පසුව අවයව පාලනය කර ගැනීමට සමහරවිට හැකිවේ. සුෂුුම්නාවේ සම්පූර්ණ ආබාධයක් සිදු වූ විට එනම් ඒවායේ  ස්නායු සියල්ල අක්රීය වූ විට නිරෝගී බව ලබා ගැනීමට හැකියාව ලබාදීම එතෙක්  සාර්ථක වී නොතිබුණි. නිකොලිස් ප්රතිකාර කළ රෝගීන් 08 දෙනාගෙන් 07 දෙනෙකුම සම්පූර්ණයෙන් සුෂුම්නාව බිඳීයාමකට භාජනය වූවෝය . ඔවුන්ට ඉනෙන් පහළ තම ශරීරයේ කොටස් පිළිබද කිසිඳු දැනීමක් හෝ  පාලනයක් නොතිබුණු අතර ඒවා තිබෙන බව දැනීම වුවද සිහිනයක් බව පුනරුත්ථාපනය ආරම්භයේදී කියා සිටින ලදී. පැය 1100 කාලයක් කෘතීම ඇටසැකිල්ල සමග පුහුණු වීමෙන් පසු තම ශරීර වල පහළ කොටසක් ඇති බව ඔවුන් සියලු දෙනාම ප්‍රකාශ කළෝය.

උපුටා ගැනීම -
 Mind control exoskeleton gives unprecedented paralysis recovery by Jessica Hamazelou
http://www.newscientist.com/article/mg22630174.100-mindcontrol-exoskeleton-gives-unprecedented-paralysis-recovery.html#.VTTIwfmUeDs

https://www.youtube.com/watch?v=qomGq6ysd9E

0 comments:

Post a Comment