April 17, 2015

කෑම වර්ග 2000 ක් සෑදීමට හැකි රොබෝ කෝකියා

කාර්යාලයේ, වැඩපලේ වැඩ කිරීමෙන් අනතුරුව වෙහෙසට පත් ඔබට ගෙදරදී නිසි ආහාර වේලක් සකස් කර ගැනීම බොහෝ විට අපහසුය. ඒ නිසා කුස්සියේ වළං, මුට්ටි හා ගින්දර සමඟ කාලය ගත නොකර පිටතින් සකස් කළ ආහාර මිලදී ගැනීමට බොහෝදෙනා පුරුදුව සිටිති. එහෙත් එම ආහාර සෞඛ්‍යසම්පන්න සහ පෝෂ්‍යදායී තත්වයෙන් පහළ මට්ටමක පවතී. ඒනිසා ඔබට ඔබගේ මුළුතැන්ගෙයිදී ආහාර සකස් කර දීමට හැකි රොබෝ කෙනෙක් ලැබෙන්නේ නම් ඔබ සතුටට පත් වනු ඇත. ඔබට අවශ්‍ය වේලාවට අවශ්‍ය ආහාර වර්ගය සකස් කර දීමට මෙම රොබෝට හැකියාව තිබේ. නිවාස සදහා මෙම සිහින රොබෝගේ මූලාකෘතියක් වූ “robochef” නිෂ්පාදනය කිරීමට ලන්ඩනයේ පිහිටි Moley Robotics ආයතනය සමත්වී තිබේ.

ජර්මනියේ පැවති Messe තාක්ෂණ ප්‍රදර්ශනයේදී මෙවැනි රොබෝවක්‌  ප්‍රදර්ශනය කරන ලදී. මුළුතැන්ගෙයි මේසය මත සවිකල අත් දෙකක් ලෙස දිස්වන රොබෝ ත්‍රිමාණ රූපී වේ. අති නවීන, සම්පූර්ණයෙන් ස්වක්‍රීය මෙම රොබෝ අත් දෙක Shadow Robot සමාගම මගින් නිර්මාණය කරන ලදී. එම සමාගමේ විවිධ නිෂ්පාදන ඇමෙරිකාවේ NASA ආයතනය ඇතුළු බොහෝ රටවල් භාවිතා කරති.

යන්ත්‍රයක් මෙන් පිසීමේ කාර්ය ඉටු කරනවාට වඩා මෙම පද්ධතිය මිනිසුන් ආහාර පිසින අයුරු පටිගත කර ගනු ලබයි. “Robochef” මූලාකෘතියට සූප ශාස්ත්‍ර සම්පූර්ණයෙන් පුහුණු කරනු ලැබු ටිමි ඇන්ඩර්සන් බීබීසී ප්‍රවෘත්ති සේවයට  පැවසුවේ මෙම රොබෝට ඕනෑම ආහාරයක්  පිසිය හැකි බවයි. Moley Robotics ආයතනයේ අන්තර්ජාල වෙබ් පිටුවට අනුව රොබෝට සම්පූර්ණ ආහාර වේලක් සකස් කර දීමට හැකියාව ඇති අතර 2017 එය වෙළඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. රොබෝ හිමිකරුට තමා කැමති ආහාර වර්ග සකස් කිරීමට අවශ්‍ය උපදෙස් රොබෝට ලබා දිය හැකිය. දැනට කෑම වර්ග 2000 ක් සෑදීමට හැකියාව සහිත මෙම රොබෝ කෝකි තාක්ෂණය තවමත් මිල අධිකය.
 
උපුටා ගැනීම -
Robot chef that can cook 2000 meals set to go on sale in2017. by Justine Alford

https://www.youtube.com/watch?v=j1aeBnXNNL4

0 comments:

Post a Comment