April 22, 2015

බයෝනික පත‍්‍රය

සූර්යාලෝකයේ ඵලප‍්‍රයෝජන අතිශෝක්තියෙන් වර්ණනා කළ නොහැකි අතර කියා නිම කිරීමට ද නොහැකිය.
ඒ අසීමිත ප‍්‍රයෝජන අතර දහවල ආළෝකමත් කිරීම වුව කැපීපෙනෙන්නක් ලෙස සඳහන් කළ හැකිය.
ඉන් සෑහීමකට පත් නොවු මිනිසා සුර්යාලෝකයෙන් රාත‍්‍රියේද එළිය ලබාගන්නා ආකාරය සොයා ගත්තේය.
 ඒ සුර්ය කෝෂ හරහා බැටරි ආරෝපණය කර විදුලි බුබුළු දල්වා ගැනීමයි.
 ඒ දැනුමට දැන් කලක් ගතවී ඇතුවා සේම ඒ සඳහා යොදාගෙන ඇත්තේ හුදෙක් තාක්‍ෂණයම පමණකි. නවතම සොයාගැනීම වී ඇත්තේ, තාක්‍ෂණය හා ජීව විද්‍යාව පදනම් කරගෙන ඉන්ධන නිපදවීමයි.
ඉන්ධන පරිභෝජනය දිනෙන් දින ඉහල යමින් පවතී .පොසිල ඉන්ධන දහනය වායුගෝලය උණුසුම් වීමට හේතු වේ.මෙයට විකල්පයක් ලෙස ජෛව ඉන්ධන භාවිතා කිරිම කාලෝචිතය. 

ජෛව ඉන්ධන නිපදවීමට පර්යේෂකයන් විසින් නව ක්‍රමවේදයන් සොයාගැනීම් වල නිරත වෙමින් සිටියි.
පහත ක්‍රමවේදයන් භාවිතා කර ජෛව ඉන්ධන නිපදවිමට හැකි බව සොයා ගෙන ඇත.
ඇල්ගී භාවිතයෙන්  ජෛව ඉන්ධන නිපදවීම
දුම් කොල ශාකයෙන් ජෛව ඉන්ධන නිපදවීම
එළවඵ තෙල් වලින්  ජෛව ඉන්ධන නිපදවීම
නවතම පර්යේෂණයක් වන්නේ යී ඡාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරන ලද යීස්ට්  සෛල  වලින් ජෛව ඉන්ධන නිපදවීමයි.
ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කරන ලද දුම් කොල ශාකයෙන්  ජෛව ඉන්ධන නිපදවීමට පර්යේෂකයන් සමත්වි තිබේ. Thioredoxins (Trxs) යනු කුඩා ප්‍රෝටීනයකි ‍‍ මෙය  මෙය f සහ  mලෙස දුම් කොල ශාකයෙන් නිස්සාරනය කර ගත හැකිය.
Thioredoxins (Trxs) මගින් දුම් කොල ශාකයේ පිෂ්ඨ ප්‍රමාණය වැඩි වන අතර මිනිසාගේ ඇල්බියුමින් වලට සමාන ප්‍රෝටීන නිපදවීමට සංඟාව සැපයේ.


සූර්යාලෝකයෙන් ඉන්ධන සාදන නව ක‍්‍රමය මෙසේයි: බැක්ටීරියා වැනි ක්‍ෂුද්‍ර නැතිනම් අණු ජීවියෙකු මරණාසන්න වන තුරු කුසගින්නේ තබන්න. 
පසුව ඊට කාබන්ඩයොක්සයිඞ් සහ සුර්ය කෝෂ පැනලයක විදුලිය  ආධාරයෙන් නිපදවා ගත් හයිඩ‍්‍රජන් ආහාර වශයෙන් ලබාදෙන්න. එපමණයි!
හිරු එළිය ඉන්ධන බවට හෝ වෙනත් ඵලදායී අණු බවට පරිවර්තනය කිරීමේදී මේ නව බැටරියක් බඳු මේ දෙමුහුන් ක‍්‍රමය නිසා ඇතිවන ප්‍ර‍තිඵල තනිකර ජෛව විද්‍යාත්මක පද්ධතියක් හෝ තනිකර තාක්‍ෂණික පද්ධතියකින් හෝ යොදා ගැනීමෙන් ඇති වන ප්‍ර‍තිඵල වලට වඩා ඉදිරියෙන් සිටින බව පර්යේෂකයන් පිරිසක් කියා සිටිති.
මේ නව පර්යේෂණයට මුල පිරෙන්නේ 2009 වසරේදීය. ඒ රසායනඥ ඩැනියෙල් නොකේරා විසින් අඩුවියදම් ජල විභේදන උත්පේ‍්‍රරක වැඩිදියුණු කරනු ලැබීමත් සමගය. මෙම උත්පේ‍්‍රරක සාමාන්‍ය ජලයෙන්  හයිඩ‍්‍රජන් නිපදවා ගැනීම සඳහා විදුලි බලය යොදා ගනු ලබයි. එහෙත් හයිඩ‍්‍රජන් විකල්ප ඉන්ධනයක් ලෙස ජනප‍්‍රියතාව දිනාගැනීමට පොහොසත් වී නැත. ඉතින් නොකේරා හාවඞ් සරසවියේ සේවයට පැමිණ කල (හාවඞ් වෛද්‍ය විද්‍යාලයේ) ජෛවී රසායනඥ  පැමලා සිල්වර් සහ එකල ඇගේ සිසුවෙකු වු ජෝසප් ටොරෙලා හා අනෙක් අය එක්ව වඩාත් ඵලදායි ඉන්ධන නිපදවීමේ දෙමුහුන් ක‍්‍රමයක් ගැන පර්යේෂණ පටන් ගත්හ. යන්ත‍්‍රය සහ අණු එකට එක්කෙරෙන මේ බයෝනික පත‍්‍රය (bionic leaf ) මගින් තාක්‍ෂණයේ සහ ජීව විද්‍යාවේ යන දෙකෙහිම වාසි එක්තැන් කිරීමට හැකිවන බව මෙම පර්යේෂකයන්ගේ අදහසයි.
මෙම පර්යේෂණය පිටුපස ඇති තර්කය මෙයයි. ආලෝකයට නිරාවරණය වු විට වෝල්ටීයතාවක් නිපදවන තාක්‍ෂණය හෙවත් ප‍්‍රකාශ වෝල්ටීය (photovoltaic) තාක්‍ෂණය මගින් හිරු එළිය විදුලි ධාරාවක් බවට හැරවිය හැකි බව නුතනයේ බොහෝ දෙනෙකුට රහසක් නොවේ.
බැක්ටීරියා හා ශාක ද ජෛව විද්‍යාත්මකව ප‍්‍රභා සංස්ලේෂණය මගින් හිරු එළිය ශක්තිය බවට හරවයි. එහෙත්, ප‍්‍රභා සංශ්ලේෂණය (Photosynthesis) මගින් සිදුවෙනවාට වඩා බෙහෙවින් වැඩි වශයෙන් ප‍්‍රකාශ වෝල්ටීය තාක්‍ෂණයෙන් හිරු එළිය විදුලි ධාරා බවට පත්කළ හැකිය.
 අනෙක් අතට, ප‍්‍රභා සංශ්ලේෂණය වේවා වෙනත් ක‍්‍රමයක් වේවා පිවිසෙන ශක්තිය (හිරු එළිය) ආහාර, ඉන්ධන හෝ ඖෂධ පවා ඵලදායී අණු බවට හැරවීමේ හුරුබුහුටි කමක් ක්ෂුද්‍ර ජීවීන්ට ඇත.

ටොරෙල්ලා නිපදවු නව උත්පේ‍්‍රරක මගින් සාමාන්‍ය ජලය ඔව්, අපිරිසිදු ජලය පවා ජල විභේදනයෙන් හයිඩ‍්‍රජන නිපදවීමට සමත්වෙයි. පර්යේෂකයන් පිරිස සිදුකළේ ප‍්‍රකාශ වෝල්ටීය තාක්‍ෂණයෙන් ලබාගත් ජල-විභේදිත වේපරය (ස්ඵටික පෙත්ත) සහ පාංශු බැක්ටීරියාවක් (Relstonia eutropha) සිලින්ඩාකාර භාජනයක් තුළ එකට එක්කිරීමයි. (මෙම පාංශු බැක්ටීරියාවට කාබන් වලින් අණු ගොඩනැගීමේ ක‍්‍රියාවලිය බලගැන්වීම පිණිස විභේදිත හයිඩ‍්‍රජන් යොදා ගැනීමේ හැකියාව ඇත). මෙම දෙමුහුන් තාක්‍ෂණය යොදා ගැනීමෙන් පර්යේෂක කණ්ඩායම අයිසොප්‍රොපනොල් (isoproponol=c3H80) නම් මධ්‍යසාර අණු නිපදවා ගත්හ. මෙය එතනොල් හෝ ගැසෝලීන මෙන් ඉන්ධනයක් ලෙස භාවිත කළ හැකි අතර ලූණු සමගින් ජලයෙන් පහසුවෙන් වෙන්කර ගත හැක්කකි. මෙම බයෝනිකෙ පත‍්‍රයෙන් සෑම ජල ලීටරයකින්ම අයිසොප්‍රොපනොල් මිලිග‍්‍රෑම් 216ක් පෙරා ගත හැකිය. ෆොසිල ඉන්ධන දහනයෙන් බිහිවන අපද්‍රව්‍යයක් වන කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රතිවර්තක (ආපසු හරවන) දහනයෙන් යළි ඉන්ධන බවට හැරවීම මේ පර්යේෂණයේ අරමුණයි.


 උපුටා ගැනීම  bionic leaf  Article

0 comments:

Post a Comment