April 9, 2015

ඡායාරූප මඟින් ව්‍යාජ ඇඟලි සලකුණු සැකසීම

ඇඟිලි සලකුණු සංවේදක ප්‍රයෝගයෙන් රැවටිය  හැකි බව බොහෝ දෙනා දනිති. ස්පරශක හඳුනා ගැනීම සහිත iPhone (ජංගම දුරකථන) වල ඇඟිලි සළකුණු සංවේදකය  ප්‍රයෝගයෙන් රවටා   ඔබ එහි අයිතිකරුවා ලෙස හඳුනා ගැනීමට සැලැස්විය හැකිය. පරිගනක භාවිතා කර අනවසරයෙන් දත්ත ලබා ගන්නා ජර්මන් ජාතික hacker වරයෙකු විසින් ඩිජිටල් ඡායාරූපයකින් ව්‍යාජ  ලෙස ඔබගේ ඇඟිලි ස්පර්ශක සංඥා ලබා ගැනීමේ ක්‍රමයක් සොයා ගෙන තිබේ.

ජර්මනියේ , හැම්බර්ග් නුවර පැවති chaos පරිගනක සමාජයේ 31 වැනි වාර්ෂික සංවත්සරයේදී Jan “starbug” Krissler විසින් ව්‍යාජ ඇඟිලි සලකුණු නිර්මාණය කරන අයුරු ප්‍රදර්ශනය කරන ලදී. එහිදී ඔහු   ඉහල ගුණාත්වයකින් යුත් ඇඟිලි සලකුණු ඡායාරූප උපයො‍්ගී කර ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයාගේ ව්‍යාජ ඇඟිලි සලකුණු නිර්මාණය කර ඇත‍. ඒ සඳහා සරල වාණිජ  මෘදුකාංගයක් වන Verifinger යොදා ගෙන ඇති අතර මෙම මෘදුකාංගය ඇඟිලි සලකුණු ස්කෑනර් (Scanner) යන්ත්‍ර නිෂ්පාදනයට භාවිතා වේ.

ව්‍යාජ ඇඟිලි සලකුණු ලබා ගැනීම සඳහා මෙතෙක් භාවිතා කළ  ක්‍රම වලදී Mission Impossible, James Bond  වැනි ප්‍රබන්ධ චිත්‍රපට වල මෙන් ප්‍රායෝගිකව ඇඟිල්ල ලබා ගැනීම අවශ්‍ය විය. කෙසේ වෙතත් ඔබගේ ඇඟිලි සලකුණු වල වලංගු භාවය ඉවත් කිරීම අක්‍රීය කිරීමට ඔබට අවශ්‍ය වූවද ඒ සඳහා ඔබ කලබල විය යුතු නැත. ක්‍රිස්ලර්ගේ උත්සහයේදී ගැටළු  කිහිපයක් ඇතිවී තිබේ. ඔහු ආරක්ෂක අමාත්‍යවරයාගේ  ව්‍යාජ ඇඟිලි සලකුණු සකස් කිරීම සඳහා විවිධ කෝණ වලින් ලබා ගත් සත්‍ය ඇඟිලි සලකුණු වල ඡායාරූප කිහිපයක් උපයෝගී කර ගෙන ඇත . තවද මේ අනාරක්ෂිත  තත්වය  සාමාන්‍ය පරිශීලකයන්  සඳහා ඉතා අවම වේ. ව්‍යාජ ඇඟිලි සලකුණු ලබා ගැනීම බොහෝ විට  දේශපාලඥයන් , ඉතා ධනවත් ව්‍යාපාරිකයින්  වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් ඉලක්ක කොට සිදු විය හැකි බැවින්  ඔවුන් ප්‍රසිද්ධ කටයුතු වලදී අත්වැසුම් පැළදීමට යෝජනා වී ඇත. කෙසේ වෙතත් මෙමඟින් ජීව ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳ පැහැදිලි අනතුරක් නැති අතර ඉතා දිගු සහ මතක තබාගැනීමට අපහසු නිසා වෙන තැනක ලියා තබා ගන්නා ආරක්ෂක මුරපද හෝ අංක වලට වඩා ඇඟිලි සලකුණු ආරක්ෂා කාරී යැයි පැවසේ.  

උපුටාගැනීම :
A photograph can help fool your fingerprint sensor   By Dan Moren

https://www.youtube.com/watch?v=UyUayCaDdMI

0 comments:

Post a Comment