April 27, 2015

ත්‍රිමාණ මුද්‍රණයේ නව තාක්ෂණය සිව්මාන මුද්‍රණය

නවතම මුද්‍රණ කලාව වූ සිව්මාන මුද්‍රණයේ සිව්වන  මානය කාලය වේ . එනම්, කාලය සමග මුද්‍රිත ත්‍රිමාණ වස්තුවේ ස්වරූපය වෙනස් වේ. වොලන්ගොන්ග් ( Wollongong) විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රෝ ද්‍රව්‍ය විද්‍යාව (Electro materials Science) සඳහා වූ ප්‍රධාන ARC මධ්‍යස්ථානය (ACES) මෙම විප්ලවීය ආකලන නිෂ්පාදනය සඳහා පියවර තබා ඇත.

කර්මාන්ත ක්ෂේත්‍රෙය තුල  හා ගෘහ ආශ්‍රිතව  ත්‍රිමාණ මුද්‍රණ කලාවේ අසාමාන්‍ය හැකියාවන් වර්ධනය වූවාසේම පර්යේෂකයෝද  ත්‍රිමාණ මුද්‍රණය සඳහා භාවිතා වන අමුද්‍රව්‍ය පිළිබඳ විවිධ අත්හදා බැලීම් ක්‍රියාත්මක කරති. එහිදී විවිධ සැකිලි  සහ පශ්චාත් නිෂ්පාදනයන්  පිළිබඳව සැලකිල්ල යොමු කරන ලද්දේ ජලය හා උෂ්ණත්වය වැනි බාහිර උත්තේජක වල බලපෑම හේතු කොට ගෙනය.
ඒ අනුව සාමාන්‍ය ත්‍රිමාණ මුද්‍රණයේදී මෙන් ස්ථරයෙන් ස්ථරය මුද්‍රණය කිරීම නව ක්‍රමයේදී අනුගමනය කරන ලද නමුත් මෙහි සුවිශේෂීත්වය වූයේ අච්චු ගැසීම සඳහා භාවිතා කළ අමුද්‍රව්‍යයයි. මෙම නව අමුද්‍රව්‍ය මගින් කළ නිෂ්පාදන කාලයත් සමග එක් හැඩතල ස්වරූපයක සිට වෙනත් ස්වරූපයකට වෙනස් වේ. එය කුඩා ළමුන්ගේ පරිවර්තන සෙල්ලම් බඩු වැනිය (Transformer Toy).

සිව්මාන  මුද්‍රණ තාක්ෂණයේ  නව්‍යතම ලක්ෂණයක්‌  ලෙස සීමාව දැක්විය නොහැකි ක්ෂේත්‍ර ගණනාවක් සඳහා  එය ආදේශ කළ හැකිවීම සැලකිය හැකිය. වෛද්‍ය විද්‍යාව, ඉදිකිරීම් තාක්ෂණය, ස්වයංක්‍රිය තාක්ෂණය, රොබෝ තාක්ෂණය ඒ අතරින් සමහරකි. උදාහරණයක් ලෙස භාහිර උෂ්ණත්වයට ප්‍රතිචාර දක්වමින් වෙනස්වන හෝ සකස් වෙන කපාටයක් (Valve) හෙවත් ශූර කපාට නිෂ්පාදනය වැනි නිර්මාණ හැකියාව මෙහිදී සුවිශේෂී බව ACES හී මහාචාර්ය මාර්ක් පවසයි. වඩාත් සිත්ගන්නා සුළු ලක්ෂණය නම් ඔබට ක්‍රියාකාරී භාණ්ඩය හෝ උපකරණය කෙළින්ම මුද්‍රණ යන්ත්‍රයෙන් ලබාගත හැකි වීමයි එනම්, උණුවතුර නලය දිගේ ගමන් කරන විට ඒ බව හදුනාගෙන (උණුවතුර නිසා හැඩය වෙනස් වී) කපාටය වැසීයාම සිදුවන ආකාරයට ස්වරූපය වෙනස් වේ.
ACES ආයතනයේ ප්‍රධාන විමර්ක පවසනුයේ සිව්මාන උපකරණයක් නිෂ්පාදනය සඳහා විධි හතරක කාට්‍රිජ එකවර භාවිතා කළ ප්‍රථම කණ්ඩායම ACES බවයි.


උපුටා ගැනීම
Four dimensional printing unfolding as technology that takes 3D printing to an Entirely new level – Science Daily

https://www.youtube.com/watch?v=Xe93qYlwv8Y

0 comments:

Post a Comment