April 29, 2015

බයිසිකලෙන් විදුලිය

සැන්ඩි සැඩ කුණාටුව නිසා මිලියන 07ක ජනගහනයට විදුලි බලය අහිමි විය. මීළඟ විදුලිබල ඇණහිටීමට සූදානම් වීම සඳහා නිවසේ සෑදූ විදුලිජනකයක් නිපදවා ගැනීමට මිනිසුන්ට ඉගැන්වීමට ක්‍රිස් හැකට්ට අවශ්‍ය විය. ඉවතලන ද්‍රව්‍ය වලින් ප්‍රයෝජනවත් උපකරණ සෑදීමේ පළපුරුද්ද අනුව පාපැදියක් හා Deep cycle විදුලි කෝෂයක් (battery) මඟින් විදුලිජනකයක් විනාඩි 06 ක වැනි සුළු කාලයකදී සාදන අයුරු වීඩියෝවේ දැක්වේ.


අවශ්‍ය ද්‍රව්‍ය
        I.             Deep-cycle විදුලි කෝෂයක්
     II.            අපවර්තනය (Inverter)
   III.            ඍජු ධාරා චුම්බක මෝටරය (Magnet DC Motor)
(ඉවතලන විද්‍යුත් රෝද පුටුවකින් ලබා ගත හැක)
  IV.            පාපැදියක්
·     මෝරටයට සම්බන්ධ කිරීම සඳහා (Metal Spindle)
·     ඉවතලන වානේ රාමුව
·     ආරෝපණය කළ හැකි පරිපථය
(වීඩියෝවේ ක්‍රිස් හැකට් භාවිතා කරන පරිපථය හෝ වානිජ ආකෘතියක් සුදුසුය)

සම්පූර්ණ වීඩියෝවේ උපදෙස් ලබා දීම තුලම නව නිර්මාණයක් කිරීමේ ප්‍රීතිමත් ස්වරය ඇතුළත් අතර තවත් සැඩ සුළඟකදී, හිම කුණාටුවකදී එසේ නැතිනම් ගෝරිල්ලකුගේ කලබගෑනියක් නිසා විදුලි බලය ඇණහිට ඇති අවස්ථාවක මෙම විදුලිජනකය ඉතා ප්‍රයෝජනවත් බව හැකට් ප්‍රකාශ කරයි.


උපුටාගැනීම:
How to generate electricity with a bicycle   By Kelsey D Atherton
http://www.youtube.com/watch?v=Q05NISGYYJg#t=53

1 comments:

මුලින් මේ වීඩියෝ එක බලන්න
https://youtu.be/_-EJhUsxhUs
මේ වීඩියෝ එකේ තියෙන විදියට අපිට මේක හදන්න බැරිද හොඳ හයිය ලී පෙට්ටිය්යක 6v බැටරි 2ක් දාලා 12 v මොටෙර් එකකකින් alternator ඒක කරකවලා හදන්න ප්රෝටබල් ජෙනරේටර් එකක් විදුලිය විසන්ඩ් උන වෙලාවක ලයිට් එකක් ට්වී එකක් වැඩ කරන් පුළුවන්නේ අතේ අරගෙන යාම පහසු නිසා හොඳයි නේද ලී පෙට්ටියේ එළියෙන් ප්ලුග් ටොප් එකක් හදනන ත් පුළුවන් එකට ප්ලග් කරලා විදුලිය ගන්න ඕනෑම උපකරණයකට බටෙර්ය් බැහැපු වෙලාවක චාර්ජ් කිරෙමෙන් නැවත භාවිතා කරන්න පුළුවන්. තව වෙනම ස්විච් එකක් මොටෙර් ඒක ස්ටාර්ට් කරන්න හදන්න පුළුවන් හදලා පෙට්ට්යේ තීන්ත ගාල ලස්සනට හදන්න පුළුවන්

Post a Comment