November 5, 2013

බිත්තියට මුවාවිය නොහැක.


X කිරණ මඟින් සම තුළ ඇති අස්ථි දැකිය හැකි සේම බිත්තිය පිටුපස තිබෙන දේ පන්වන අතේ ගෙන යා හැකි ප්‍රමාණයේ උපකරණයක් නිපදවිය හැකි තාක්ෂණයක් තිබේද? බිත්තිය පිටත චලනය වන ඕනෑම දෙයක් පිළිබඳ තොරතුරු බිත්තිය දෙසට යොමුකර ලබා ගැනීමේ හැකියාව සහිත අතේ රැගෙනයා හා හැකි උපකරණයක මුලාකෘතිය (Prototype) MIT ආයතනයේ ඉංජිනේරුවන් විසින් සකස් කර තිබේ. Wi-Vi නමින් හඳුන්වන මෙම ක්‍රමය මඟින් බිත්තියට පිටුපස සිටින මිනිසුන් බිත්තිය දෙසට හෝ ඉවතට ගමන් කරන අයුරු මෙන්ම පියවරක් තැබීමේ සරල චලනය පවා දක්වයි.

ගොඩනැගිලි තුල සැඟවී සිටින හෝ සිරවී සිටින (සුළු චලනයන් සහිත) මිනිසුන් පොලිස් නිලධාරීන්ට මෙන්ම හදිසි අවස්ථාවකදී සහන සේවකයින්ට හඳුනා ගැනීමට මෙවැනි Wi-Vi උපකරණයක් මඟින් හැකිවේ. තවද Wi-Vi ට චලනයන් හඳුනාගත හැකි බැවින් එය නව මෙවලමක් ලෙස, විදුලි බුබුලු දල්වන හෝ බාහු චලනයෙන් ක්‍රියාත්මක වන බොහෝ ක්‍රියාවලි සඳහා සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.

ක්‍රියාකාරිත්වය
Wi-Vi සංඥා බිත්තිය දෙසට Wi-Vi උපකරණය මඟින් නිකුත් කරයි. සංඥා වලින් කොටසක් බිත්තිය විනිවිද ගමන් කර බිත්තිය පිටු පස සිටින චලනය වන පුද්ගලයෙකු නිසා පරාවර්තනය වී නැවත බිත්තිය තුලින් ආපසු Wi-Vi උපකරණය දෙසට ගමන් කරනු ලැබේ. එවිට එම චලනය හඳුනා ගතහැකිය Wi-Vi ව්‍යුහය මඟින් නිකුත් කරන එකිනෙකට ප්‍රතිලෝම සංඥා වර්ග දෙකක් එම සංඥා දෙකම නිශ්චල වස්තුවක (ගෘහභාණ්ඩ, ඡායාරූප) ගැටුනු විට එකිනෙක ශුන්‍ය කරයි. එහෙත් චංචල වස්තුවක ගැටීමේදී එසේ ශුන්‍ය නොවන අතර ගැටෙන වස්තුව අනුව විවිධ ප්‍රමාණයෙන් පරාවර්තනය වීම නිසා චලනය වන පුද්ගලයින් හා වස්තු පහසුවෙන් හඳුනා ගතහැකි වේ.
   

උපුටාගැනීම :
 MIT news, France Dep- Popular Science, June

0 comments:

Post a Comment