November 7, 2013

පීසා අච්චු ගැසීම

NASA මූල්‍ය දායකත්වයෙන් ආහාර මුද්‍රණය කරන ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් පිළිබඳව මෙම ගිම්හාන සෘතුවේදී, වාර්තාවුවද එය මූලාකෘති (Prototype) මට්ටමේ බැවින් වැඩියමක් ප්‍රදර්ශනය නොවීය. System Materials Research සමාගම් සමූහය මඟින් නිෂ්පාදිත Lo - behold ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය පීසා මුද්‍රණය කරන (පිසින) අයුරු ප්‍රදර්ශනය කරන ලදී. පීසා මුද්‍රණ සඳහා පාන්පිටි, හතු ඉෂ්ම හා චීස් යොදය භාවිතා කරන ලදි.


මෙම ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයද තවමත් මුල් අවධියේ නිර්මාණයක් නිසා පීසා පිසීමේ ක්‍රියාවලිය සර්ව සම්පූර්ණයෙන්ම සිදු කලේ නැත. පීසා වල අඩංගු වියයුතු මූලික ආහාර වර්ග වල ආදේශක, සෝස් වෙනුවට තක්කාලි ඉෂ්ම,fine ricotta වෙනුවට චීස් යොදය, එක් කරමින් පීසාව සෑදී ඇති විවිධ ස්ථර සාදන ලද්දේ පීසා පෙති (කෑලි) සෑදිම වෙනුවටය. නරක් නොවන සුලු මූලික ආහාර ඇතුළත් ගබඩාවෙන් ලබාගත් පිටි මඟින් පළමු ස්ථරයද, තක්කාලි ඉෂ්ම මඟින් දෙවන ස්ථරයද උඩින්ම චීස් යොදය ස්ථරයද මුද්‍රණය කළ අතර රත්වූ මතුපිට  මඟින් පිසීම කරන ලදී.


 NASA ආයතනය ත්‍රිමාණ මුද්‍රණ ආහාර පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීමට හේතුව මෙමඟින් නිරූපණය වේ. පිසූ ආහාර පිරවූ පෙට්ටි අභ්‍යවකාශයට රැගෙන නොයෑම නිසා ඉඩකඩ ඉතිරි වන අතරම ගඟනගාමීන්ට නිවසේ පිළියෙල කළ ආහාර රසවිදීමට අවස්ථාව උදාකරද තිබේ. තවද මෙය විනෝදජනකය (වීඩියෝව නරඹන්න)






උපුටා ගැනීම :-   http://www.youtube.com/watch?v=L_uDm0yjnN8

                        ” Popular Science” October  Colin Lecher

0 comments:

Post a Comment