November 12, 2013

ගණිත මිණිත දස්කම් වඩනා බ්ලොක් ක්‍රීඩා

නවතම අධ්‍යයනයකට අනුව බ්ලොක් (blocks/රූකැට/ඝටක) සමඟ ක්‍රීඩා කිරීම මඟින් පෙර පාසල් වියේ දරුවන්ගේ ගණිතය හා අවකාශය පිළිබඳ හැකියාවන් වර්ධනය වන අතර එ පසු කාලීනව විද්‍යා, තාක්‍ෂණ හා ඉංජිනේරු ශිල්ප ඉගෙනීමට උපකාරී වන බව අධ්‍යයනයකදී හඳුනාගෙන තිබේ.

අවකාශය පිළිබඳ හැකියාවන්ගෙන් දුර්වල, බොහෝ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා බ්ලොක් ක්‍රීඩාව වඩා වැදගත් බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

බ්ලොක් ඉදිකිරීමේ ක්‍රීඩා සහ ප්‍රෙහ්ළිකා විසඳීමේ ක්‍රීඩා මඟින්, පාසලේ ඉහළ ශ්‍රේණි වලදී සංකීර්ණ ගණිත ගැටළු විසඳීම සඳහා ප්‍රයෝජනවත් වන අවකාශය පිළිබඳ අවබෝධය වර්ධනය වූ බව අධ්‍යයනයේ එක් කතුවරයෙකු වූ ඩෙල්වෙයාර් විශ්ව විද්‍යාලයේ බ්‍රයන් එන් වර්ඩයින් පවසයි. මෙම අධ්‍යයනය සඳහා විවිධ සමාජීය හා ආර්ථික මට්ටම් වල තුන්හැවිරිදි දරුවන් 100 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වී ඇත. ගොඩනැගිලි ව්‍යුහ පිටපත් කිරීමේ හැකියාව වැඩි දරුවන් මූලික ගණිතයේදී වැඩි දක්‍ෂතා පෙන්වා තිබේ. බ්ලොක් සමඟ ක්‍රීඩාවේදී බ්ලොක් ඉහළින් හෝ පහළින් පිහිටිය යුතු බව හඳුනාගැනීම, බ්ලොක් ඒක රේඛීයව පිහිටුවීම මෙම අධ්‍යයනයේදී පරීක්‍ෂා කරන ලද හැකියාවන් වේ.


අඩු ආදායම් පවුල්වල තුන් හැවිරිදි දරුවන් බ්ලොක්, සෙල්ලම් බඩු හා වෙනත් ද්‍රව්‍ය සමඟ ඇති අඩු අත්දැකීම් වල ප්‍රථිඵලයක් ලෙස මෙන් ඔවුන්ගේ අවකාශය පිළිබඳ අවබෝධය අඩු බව අධ්‍යයනයේදී වාර්තා වී ඇත. ඔවුන්ගේ දෙමව්පියන් “ඉහළ”,“පහළ” යනාදි වචන දරුවන් හා අඩුවෙන් භාවිතා කිරීමද ඊට හේතු විය හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.


උපුටා ගැනීම :- Society for Research in Child Development & World Science Staff
                        http://www.world-science.net/othernews/130924_blocks.htm

                            http://www.youtube.com/watch?v=9_Pf2G1GQsw

0 comments:

Post a Comment