November 21, 2013

හදවත හඳුනා ගීත ගයන හෙඩ්ෆෝනය

Intel හා PSFK පර්යේෂණාගාර වල නිපැයුමක්වූ Bio metric Inputs (ජෛවමිතික ප්‍රතිදාන)  අනාගතයේදී විනොදාස්වාදය ලබා දෙන විවිධ නිර්මාණ වලින් එකකි. මිනිසුන්ගේ නොයෙක් ඉන්ද්‍රියන් මඟින් තාක්‍ෂණය හැසිරවීම මෙම ක්‍රමයේ මූලික අරමුණයි (ස්පර්ශය මඟින් ක්‍රියාකරවීමට අමතරව). එනම් අක්‍ෂි චලනයෙන්, කතාකිරීමෙන්, බාහු චලනයෙන් පමණක් නොව සිතුවිලි වලින් පවා එදිනෙදා භාවිතා වන උපකරණ ක්‍රියාත්මක කරවීමයි.

බොහෝ අවස්ථා වලදී ඇසීමට කැමැති සංගීතයක්, නැරඹීමට කැමැති චිත්‍රපටියක් තෝරාගැනීම සිදු වූයේ කෙසේද? පෙරදිනක කිසිවෙකුගේ හව්හරණයක් නොලැබුනු අවස්ථාවක පහළ වූ මතකයෙහි රැඳුනු නාදයක් කෙසේ සටහන් වුයේද? කණගාටුව, සතුට වැනි විවිධ චිත්තාවේග අවස්ථාවන් හා එවිට ඇසීමට, නැරඹීමට ප්‍රිය කරන දේ අතර සම්බන්ධතාවයක් අපේ අනුදැනුම ඇතිව හෝ නැතිව පවතින බව මෙයින් පිළිඹිබුවේ.


mico නැමැති හෙඩ්ෆෝනය (දැනට මූලාකෘති තත්වයේ) සිතුවිලි වලින් ගීත තෝරා ගැනීම සිදු කරන උපකරණයකි.එය Neurowear වෙළඳ නාමය සහිත Bio sensor Fashion (ජෛව සංවේදක විලාසිතා) ආයතනය මඟින් නිෂ්පාදනය කර ඇත. එමගින් අසන්නාගේ චිත්තාවේග වලට අදාලව මොලයේ ඇති වන කම්පන වලට අනුකූල සංගීතය ගීත අඩංගු දත්ත ගබඩාවකින්(database) තෝරා වාදනය කරනු ලැබේ. අවධානය, නිද්‍රාශීලී සහ පීඩනය යන මනෝභාව (mood) 3කින් චිත්තාවේග හඳුනාගැනීමට හෙඩ්ෆෝනයේ ඇති නලලට සවිවන සංවේදකයට හැකිය. ඒඅනුව එම අවස්ථාවට ගැලපෙන සංගීතයක් දත්ත ගබඩාවෙන් තෝරා හෙඩ්ෆෝනය පැළඳ සිටන්නාට ඇසීමට සලස්වයි.

ගීත අඩංගු දත්ත ගබඩාව තව දුරටත් දියුණු කළ යුතුය.එහෙයින් මෙම උපකරණය වෙළඳපොලට ඉදිරිපත් කිරීමට කල්ගත වනු ඇත.

උපුටා ගැනීම :- 
Nestar Bailly, PSFK & Q contributor

0 comments:

Post a Comment