November 21, 2013

ගොළු භාෂාවෙන් දොඩමළු වන්නට

කන් නොඇසෙන(ශ්‍රව්‍ය ආබාධිත) සහ සාමාන්‍ය මිනිසුන් එකිනෙකා හා සංවාදයේ යෙදුණේ හස්ත සංඥා ක්‍රමයෙනි. ඒ සඳහා ආබාධිත අය සේම ආබාධිත නොවන පුද්ගලයන්ද හස්ත සංඥා ක්‍රමය ඉගෙන ගෙන තිබිය යුතුය. එහෙත් හස්ත සංඥා, ලිඛිත හා වාචික භාෂා වලටත් ලිඛිත හා වාචික භාෂා, හස්ත සංඥා වලටත් පරිවර්තනය කළ හැකි මෙම නව හස්ත සංඥා පරිවර්තකයා නිසා සියළු දෙනා දොඩමළු වීමට ආබාධිත නොවන අය හස්ත සංඥා භාෂාවද ආබාධිතයින් ඇසීම අවශ්‍ය නොවේ.


චලන කැමරා හා පරිගණක භාවිතා කරන මෙම හස්ත සංඥා පර්වර්තන ක්‍රමය චීනයේ පර්යේෂක කණ්ඩායමකගේ සොයා ගැනීමකි. නිවැරදි වචන ගැලපීම සඳහා බීජින් යුනියන් විශ්ව විද්‍යාලයේ ගුරුවරු හා ශිෂ්‍ය කණ්ඩායමක් සහය වී තිබේ. පරිවර්තකයා හස්ත සංඥා හඳුනාගෙන ඒවාට අදාල ලිඛිත හා වාචික පරිවර්තන ඉංග්‍රීසි හා මැන්ඩරින් භාෂා වලින් ආබාධිත නොවන අයටද විලෝමව ලිඛිත හා වාචික භාෂා හස්ත සංඥා ලෙස තිරයක් මත ආබාධිතයින්ටද ලබා දේ.


පරිවර්තකයා අඩු වියදම්, කාර්යක්‍ෂම සහ සජීවි බවත් මෙම තාක්‍ෂණය වෛද්‍යවරුන්ගේ කාර්යාල, ආරෝග්‍යශාලා, ගුවන් තොටුපල වැනි ස්ථාන වල භාවිතය සඳහා වැඩි දියුණු කරන බවත් පර්යේෂකයෝ සඳහන් කරති. තවද මේ නිසා ආබාධිතයින්ට නව සන්නිවේදන රැකියා අවස්ථාද උදා වෙනු ඇත.


උපුටාගැනීම:
 //  NIC HALVERSON

0 comments:

Post a Comment