November 11, 2013

දෘෂ්‍යාබාධිතයින්ට පෙනුම ලබා දෙන හැඩකාර උපැස් යුවල


අලංකාර අව්කණ්ණාඩියක් ලෙස දිස්වන මෙම උපැස් යුවල අසම්පූර්ණ දෘෂ්ඨියක් සහිත පුද්ගලයන්ගේ දිවියට අළුත් ආලෝකයක් ගෙන එන්නකි.
බොඳ වූ ද්‍රව්‍යයන් නාභිගත කිරීමකට අමතරව බොහෝ දෑ සිදු කිරීමට මෙම උපැස් යුවලට පුළුවන. මූලාකෘතියක් ලෙස නිපදවා ඇති මෙම හැඩකාර උපැස් යුවලට දෘෂ්‍ය තොරතුරු දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට දැකගත හැකි ප්‍රතිබිම්බ බවට පරිවර්තනය කළ හැක.

අන්ධ පුද්ගලයින් බොහෝ දෙනෙක්ට සියුම් ආලෝකයක් හෝ චලනයක් අවබෝධ කර ගැනීමේ හැකියාව පවතී. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ස්ටීවන් හික්ස් වැඩිදියුණු කල මෙම උපැස් යුවල අවශිෂ්ට දෘෂ්ඨිය හැකිතාක් ප්‍රයෝජනයට ගැනීමට දැරූ උත්සාහයකි.
මෙම උපැස් යුවල කැමරා දෙකකින් හෝ කැමරාවක් සහ ළඟ ඇති වස්තූන්ගේ ආසන්න දුර නිර්ණය කළ හැකි ප්‍රක්‍ෂේපනයකින් සමන්විත වේ.
උපැස් යුවල පැළඳ සිටින්නා දිශා ගත කිරීමට උපකාරී වනුයේ මෙහි ඇති ගයිරස්කෝපය (Gyroscope) මාලිමාව සහ GPS (Global Positioning System) තාක්‍ෂණයයි.

එකතු කර ගත් තොරතුරු OLED displays (Organic - Light Emitting Diode) මත විවිධ ප්‍රතිබිම්බ බවට පරිවර්තනය කෙරෙනුයේ කණ්ණාඩිය පැළඳ සිටින පුද්ගලයාට වඩාත් වැදගත් වන ආකාරයටය. උදාහරණයක් ලෙස බාහිර පරිසරයෙන් වස්තුව වඩාත් පැහැදිලිව වෙන් කර දීම හෝ ප්‍රතිබිම්බයේ දීප්තිමත් බව අනුව බාධකයකට ඇති දුර ඇඟවීම හෝ සිදු වේ.
නවෝත්පාදන සඳහා රාජකීය සංගමය මඟින් පිරිනමන බ්‍රේන් මේසර් සම්මානය දිනාගැනීමට හික්ස්ගේ මෙම උපැස් යුවලට හැකි විය. මුදල් ත්‍යාගය ලෙස ඔහුට ලැබුනු ඩොලර් 50,000 ක මුදල ඔහු යෙදවීමට බලාපොරොත්තු  වනුයේ මෙම උපැස් යුවලේ වස්තු සහ අක්ෂර හඳුනාගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහායි.

උපුටා ගැනීම - 2013 Oct 31 Flora Grahana
New Scientist ඇසුරෙනි.
http://www.newscientist.com/article/dn24504-smart-glasses-that-help-the-blind-see.html#.UoCCw6y6YdU

0 comments:

Post a Comment