October 19, 2016

වියපත්වීමේ රහස

අපගේ ශරීරය ඇතුලතින් විය පත් වීම කුමන හේතුවක් නිසා කෙසේ සිදුවේදැයි බොහෝදෙනා නොදනිති. එහෙත් කාලය ගතවීම කැඩපත තුළින් දැක ගත හැකිය. වඩාත් ගැඹුරින් නිරීක්ෂණය කිරීමේදී වියපත් වීමට සෛල තුළ වූ හෝරා යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය හදුනා ගත හැකිවේ.

සෑම DNA පටයක කෙලවර ඇති සියුම් ආවරණය (tiny cap) හෙවත් telomere පිළිබද කරන ලද පර්යේෂණ වල වර්ධනයත් සමග වියපත් වීමට telomere හි ඇති බලපෑම නිරීක්ෂණය කර තිබේ.  තවද ශරීරය වියපත්වීම සහ වියපත්වීම මන්දගාමී කිරීම හෝ ආපසු හැරවීම සදහා සෛලීය වියපත්වීමේ ක්‍රියාදාමය වටහා ගැනීමට telomere සහ ඒ හා බැදුණු පරීක්ෂණ උපකාරී විය.

සෛල නිසි ලෙස ක්‍රියාකාරී වීමට හා ප්‍රතිජනනය වීමට සහ chromosomes සැදීම සදහා වූ DNA පට ආරක්ෂා කිරීම telomeres කාර්ය වේ. Telomeres, සපත්තු ලේස් එකක අග කෙළවරේ ඇති ප්ලාස්ටික් ආවරණය මෙන්ය. මෙම කුඩා ප්ලාස්ටික් ආවරණයද ලේස් පටියේ ගෙවීයාම වලක්වා ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරයි.

Telomeres දෙමව්පිය උරුමයෙන් ලැබෙන අතර උත්පත්තියේදී එහි දිග කුමන ප්‍රමාණයේ වුවත් වයස (කාලය) ගත වීමේදී කෙටි වේ.  Telomeres කෙටි වීම ශරීර ශක්තිය හින කරයි. වියපත් වීමට අදාළව සෛලවල සිදුවන හානි සදහා කෙටි වූ telomeres හේතු වේ. Telomeres උපරිම ලෙස කෙටි වු විට සෛලවලට තවදුරටත් ප්‍රතිජනනය කළ නොහැකි වීම හේතුවෙන් පටක පරිහානියට පත්වී මියයයි.

සමේ, හිස කෙස්වල සහ ප්‍රතිජනන පද්ධතියේ සෛලවල telomeres කෙටිවීම වඩාත් වේගයෙන් සහ පුළුල් ලෙස සිදුවනුයේ එම සෛලවල ප්‍රතිජනනය නිතර සිදුවීම නිසාය. තවදුරටත් අධ්‍යනයේදී telemorase නම් එන්සයිමය telomeres කෙටි වීම අඩුකිරීමට, නැවත්වීමට හෝ සමහරවිට දිගු කිරීමට හැකි බව හදුනාගෙන තිබේ. ශරීරය telemorse එන්සයිම ප්‍රමාණයද වියපත් වීම සමග අඩු වේ.
Telomere කෙටිවීම පාලනය කිරීම සදහා telemorse එන්සයිම වැඩි කිරීම මෙන්ම ආතතිය අඩු කිරීම, දුම්පානයෙන් බැහැර වීම, මනා සෞඛ්‍යමත් ශරීර බරක් පවත්වා ගැනීම, සෞඛ්‍යමත් ආහාර අනුභවය සහ ව්‍යායාම වැඩි කිරීම යනාදී ජිවන රටා වැදගත් බවද පර්යේෂණ තහවුරු කර තිබේ.


අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=3jt_0WC4-As

0 comments:

Post a Comment