October 21, 2016

රොබෝවරුන්ගේ ඉගෙනීම

ඩිජිටල් විප්ලවයේ උත්පත්තිය අන්තර්ජාලය නම් වර්තමානයේ නිර්මාණය වන කෘතීම බුද්ධිය (Artificial Intellegent/A.I) ඩිජිටල් විප්ලවය වැඩිවියට පත්වීමේ පළමු පියවර වේ. රෝබෝවරුන්ට රීති ක්‍රමයකින් (Algorithm) දත්ත ලබාදීම මගින් ඉගැන්වීමට පර්යේෂකයෝ වෙහෙසකර උත්සහයක් දරති. එහෙත් ඉහළ මට්ටමේ කෘතීම බුද්ධිය නිර්මාණය කරන ක්‍රමවේද අලුතින් සැලැසුම් කලයුතුය. මේ පිලිබදව සංවාදයක යෙදුනු කෘතීම බුද්ධිය පිළිබද පර්යේෂණවලට ප්‍රසිද්ධ විද්‍යාඥයන් දෙදෙනෙකු වන මයික්‍රොසොෆ්ට් පර්යේෂණායතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Eric Horvitz සහ Baidu ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ Andrew Ng ගේ අදහස් කිහිපයක්ද  මේ සම්බන්ධව වාර්තා වී ඇත.
ඉහළ මට්ටමේ කෘතීම බුද්ධිය නිර්මාණයකට උදාහරණයක් ලෙස සියලු මිනිස් භාෂා හැසිරවිය හැකි කෘතීම බුද්ධියක් නිර්මාණය සැලකිය හැකිය. එම මෘදුකාංගයට ස්වයංක්‍රීයව තමන් විසින්ම ඉගෙන ගැනීමේ හැකියාව තිබිය යුතුය.

එනමුත් එවැනි මෘදුකාංග නිර්මාණය කිරීම පිලිබදව පර්යේෂකයන් අතර විවිධ මත පවතියි. රොබෝ වැරදි තීරණයක් ගත්විට පර්යේෂකයන් පවතින රීති ක්‍රමය සංශෝධනය කිරීම මගින් රොබෝ වැරදි තීරණ ගැනීමෙන් වැළකි නිවැරිදි තීරණ පමණක් තෝරාගනු ඇතැයි එක් පර්යේෂක කණ්ඩායමක් පවසයි. එනම් කෘතීම් බුද්ධිය තම දෙපයින් නැගිටීමට හැකිවනතාක් අපි කෘතීම බුද්ධිය මෙහෙය විය යුතු බව එමගින් ගම්‍ය වේ.

Horvitz ප්‍රකාශ කරනුයේ කුඩා දරුවන්ට ලෝකය තුල ගිලි කිසිවෙකුගේ අවසාන ප්‍රතිඵල ලබා ගැනීමෙන් තොරව ලොව පිලිබදව බොහෝදේ ඉගෙනීමට ඇති හැකියාව විශ්මයජනකය. තාක්ෂණිකව එය අධීක්ෂණයෙන් තොරව ඉගෙන ගැනීමකි. එනම් B ගෙන් කිසිම දත්ත ලබාගැනීමෙන් තොරව A ගෙන් ඉගෙනීම වැනි මුලික සංකල්පයකි. මිනිස්සු එසේ කරති. කුඩා දරුවන් කථා කිරීමට ඉගෙන ගන්නේ අන් අයගේ කථාවලට සවන්දීමෙනි.

Andrew අදහස් දක්වමින් “අද අපි අපගේ කථා හදුනාගැනීමේ ක්‍රමය නිර්මාණය සදහා පැය 45,000 ක ශ්‍රව්‍ය දත්ත භාවිතා කරමු. එය අවුරුදු 05 ක අඛණ්ඩ කථා පටිගත කිරීමක් වැනිය. අවුරුදු 05 ක ශ්‍රව්‍ය දත්ත සති කිහිපයකින් ක්‍රියායනය (Process) කළ හැකි සුපිරි පරිගණක සැදීමට අපට ඇත්තවශයෙන්ම හැකියාව ඇත්දැයි මම පුදුම වෙමි. අපේ රීති ක්‍රමය අනුව එවැනි දත්ත අවශ්‍ය නමුත් කිසිදු මිනිස් මොළයකට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සදහා අවුරුදු 05 අඛණ්ඩ ශ්‍රව්‍ය දත්ත අවශ්‍ය නොවේ.
මිනිසුන් තීරණ ගැනීම සදහා පදනම නම් ඔවුන්ගේ දත්ත සීමාවයි. එනම් ස්වයං දැනුමෙන් ලත් දැනුවත්භාවයද ඉගෙනීම සදහා ප්‍රයෝජනවත් කර ගෙන ඇත. එලෙසම කෘතීම බුද්ධියට (A.I.) ද තම තීරණ වලින් ඉගෙන ගැනීමට ඉඩ සැලැස්විය යුතුය. රීති ක්‍රම මගින් හැකිතාක් දුරට වැරදි තීරණ ගැනීමට නොහැකි වනසේ කෘතීම බුද්ධියේ හැකියාවන් වර්ධනය කළ යුතු බව පර්යේෂකයන් ඉදිරිපත් කර ඇති තවත් අදහසකි.

කෘතීම බුද්ධිය නිර්මාණයේදී ඒ මගින් සමහර පුහුණු වෘත්තිකයන්ගේ රැකියා අහිමිවීමට ඇති හැකියාවද සලකා බැලිය යුතු අතර ඒ සදහා මෙම තාක්ෂණයෙන් උත්පාදනය කරන නව සම්පත් යොදා ගැනීමේ හැකියාව පිළිබදවද  A.I. පර්යේෂකයෝ සලකා බලති.



අන්තර්ජාලය ඇසුරෙණි. 
 https://www.youtube.com/watch?v=ue8P_bLnujI

0 comments:

Post a Comment